උපචාර (3)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජපාදි ක්‍රියාරම්භයට පෙර කටයුතු පූජාවිධි හා වත්පිළිවෙත් ද පූජාද්‍රව්‍යාදිය ද උපචාර නම් වේ. මන්ත්‍ර සාධනාදි ක්‍රියා විෂයෙහි උපචාර ඉතා උසස් කොට සලකනු ලැබේ. ජල, පුෂ්ප, ඵල, තාම්බූල පූජාදි උපචාරයන්ගෙන් තොරව කරනු ලබන ජපකර්මාදිය නිෂ්ඵල වන්නේ යයි කියැවේ. උපචාර පිළිබඳ දීර්ඝ විස්තර තන්ත්‍ර ශාස්ත්‍රයෙහි දක්නට ලැබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපචාර_(3)&oldid=9510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි