උපසීව
සිංහල විශ්වකෝෂය වෙතින්
අසුමහසව්වන්වහන්සේ අතුරෙහි ලා ගැණෙන මුන්වහන්සේ බාචරි තවුසාගේ ශිෂ්‍යයකු ව සිටියහ. අජිත මාණවකාදීන් හා සමග බුදුන්වහන්සේ වෙත ගිය අවස්ථාවෙහි බුදු සමය කෙරෙහි පැහැද පැවිදි බිමට පැමිණියහ. ඒ අවස්ථාවෙහි පැවැත්වුණු ධර්ම සාකච්ඡාව “උපසිවමාණවපුච්ඡා” යනුවෙන් දැක්වේ. එය සූත්‍ර නිපාතයෙහි පාරායන වර්ගයේ සවැනි සූත්‍රයයි. අර්හත්භාවය ලැබූ උපසීව තෙරණුවෝ ද අසූමහසව්වත් අතුරෙහි ලා සලකනු ලබති. උන්වහන්සේ පදුමුත්තර බුදුන් සමයෙහි අනෝම නම් පව්වෙහි තවුසකුව සිටි බව අපදාන පාළියෙහි කියැවේ.
(සංස්කරණය: 1970)