උම්ටාටා
සිංහල විශ්වකෝෂය වෙතින්
දකුණු අප්‍රිකාවේ කේප් ප්‍රොවින්ස් නම් පළාතෙහි ඊස්ට් ලන්ඩන් නගරයට සැතපුම් 120ක් ඊශාන දිගින් පිහිටි නගරයකි. ට්රැන්ස්කේ ප්‍රදේශවල මෙන් ම ටෙම්බූලැන්ඩ් ප්‍රදේශයෙහි පාලන මධ්‍යස්ථානය මෙයයි. ඊස්ට් ලන්ඩන් නගරය දක්වා වැටී ඇති දුම්රිය මාර්ගයේ අවසාන නැවතුම්පොළ වූ මේ නගරයෙහි තිරිඟු වෙළඳාම හා ගව වෙළඳාමත් කරනු ලැබේ. නගරයේ ජනගහනය 12,000කි.
ටෙම්බූලැන්ඩ් සහ පොන්ඩොලැන්ඩ් යන ප්‍රදේශද්වය වෙන් කරමින් මේ නගරය අසලින් ගලා බස්නා සැ. 50ක් පමණ දිගැති ගංගාව ද මෙනමින් හැඳින්වේ.
(සංස්කරණය: 1970)