උශනස් (1)
සිංහල විශ්වකෝෂය වෙතින්
සිකුරු තරුවට හා ඊට අධිපති දේවතාවාට ද මෙම නාමය ව්‍යවහාර ලැබේ. බ්‍රහ්මයාගේ වක්ෂස්ථලයෙන් භෘගුහුගේ පුත්‍රයා උශනස් හෙවත් කිවිය. ඔහු බ්‍රහ්මයාගේ මෙහෙයීමෙන් වර්ෂාව පාලනය කරමින් සියලු සත්වයන්ගේ ජීවිත විෂයෙහි බලපවත්වමින් ග්‍රහයකු මෙන් ක්‍රියා කරතැයි කියත්.
(සංස්කරණය: 1974)