ඌජ්ඩා
සිංහල විශ්වකෝෂය වෙතින්
(Oujda). නැගෙනහිර මොරොක්කෝවේ ප්‍රධාන නගරයයි. මේ නගරය ඇල්ජීරියා, මොරොක්කෝ දෙරට අතර වූ වැදගත් වෙළඳ මධ්‍යස්ථානයකි. ඌජ්ඩා ප්‍රදේශයෙහි රට අඟුරු, ඊයම් සහ මැංගනීස් නිපැදවෙන අතර ඒ අසල ප්‍රදේශයන්හි ගව, බැටළු, එළු ආදි සතුන් ඇති කරත්. ධාන්‍ය වර්ග ද වවත්. මෙහි ජනගහනය (1960) 128,645කි.
(සංස්කරණය: 1974)