ඌරුගමු වැව
සිංහල විශ්වකෝෂය වෙතින්
මෙය චූළවංසයේ සැට අට වන පරිච්ඡේදයෙහි සඳහන් වන සූකරග්ගාමවාපි යන්නෙහි සිංහල රූපයයි. මහා පරාක්රමබාහු රජු විසින් ප්රතිසංස්කරණය කරවන ලද වැව් අතුරෙන් එකක් වන මෙය දක්ඛිණ දේශයෙහි පිහිටියේය. බිංගිරියට සැතපුම් තුනක් උතුරෙන් පිහිටි වර්තමාන ඌරපොත්ත වැව පැරණි ඌරුගමු වැව හැටියට කොඩ්රිංටන් මහතා හඳුන්වයි.
(සංස්කරණය: 1974)