සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල වර්ණමාලාවේ දසවන අක්ෂරයයි. සංස්කෘත, තෙලුගු, මලයාලම් ආදි ඉන්දීය භාෂා කීපයක ම මීට අෂ්ටමස්ථානය දී ඇත. එය ස්වරයකි. ව්‍යඤ්ජනාක්ෂරයකට එය ආරූඪ වූ බව දැක්වීමේ දී ගතකුරෙහි හල්භාවය දක්වන ලකුණ අස්කොට ගැට සහිත ඇලපිලි දෙකක් (නි. ක්+ ඎ = කෲ; ද්+ඎ = දෲ) යොදනු ලැබේ. ඎකාරය මුදුනෙන් උපදින බැවින් මූර්ධජාක්ෂරයක් ද වෙයි. එක ම ස්ථානයක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ඒකජාක්ෂරයක් ද වෙයි.

එළුවෙහි හා පෙළබසෙහි ඎකාරයක් නැත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඎ&oldid=10748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි