එඩ්වඩ් V

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1470-83?). එඩ්වඩ් IV රජුගේ පුත්‍ර වූ මෙතෙම 1483 අප්‍රේල් මාසයේ දී පියරජුගේ ඇවෑමෙන් 13 හැවිරිදි වියේ දී රජු හැටියට ප්‍රකාශ කරන ලදි. එහෙත් ඔහුගේ සුළුපිය ග්ලොස්ටර් ආදිපාදයා විසින් ලන්ඩන් ටවර් ටැම්ගෙයි සිර අඩස්සියේ තබන ලද මොහු නැවත කවදාවත් දක්නට නොලැබිණි. එම වර්ෂයේ ම නොවැම්බර් මාසයේ දී ග්ලෝස්ටර්හි ආදිපාදයා රිචඩ් නමින් රජ විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එඩ්වඩ්_V&oldid=11012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි