එතිල් ක්ලෝරයිඩ්
(Ethyl Chloride). මෙය වූකලි සාමාන්‍ය උෂ්ණත්වයෙහි දී දැල්වෙනසුලු, නිර්වර්ණ වායුවකි. පීඩනය යටතේ එය වාෂ්පශීල, නිර්වර්ණ ද්‍රවයක් වශයෙන් වීදුරු බෝතල්වල ගබඩා කොට තිබේ. මේ ද්‍රවයට ඊතර් සුවඳට හුරු ලාක්ෂණික සුවඳක් ද මිහිරි, දැවෙන රසයක් ද ඇත. එතිල් ක්ලෝරයිඩ්වල රසායන සූත්‍රය C2H5,Cl ය.
පහත සඳහන් ක්‍රම මගින් එතිල් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කළ හැකිය.
1. නිර්ජලීය (anhydrous) සින්ක් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයක් වශයෙන් ඇතිවිට හයිඩ්රජන් ක්ලෝරයිඩ් හා එතිල් ඇල්කොහොල් (එතනෝල්) ප්‍රතික්‍රියා කිරීමෙන්:
888888888888888888888888
2. උත්ප්‍රේරකයක් වශයෙන් ඇලුමිනියම් ක්ලෝරයිඩ් තිබෙද්දී හයිඩ්රජන් ක්ලෝරයිඩ් හා එතිලීන් ප්‍රතික්‍රියා කිරීමෙන්:
8888888888888888888888888
එතිල් ක්ලෝරයිඩ්වල තාපාංකය සෙ. 12·5°ය. එහි වාෂ්ප කොළපාට දැල්ලක් සහිතව පිලිස්සේ. කාබනික සංයෝග සංශ්ලේෂණයේ දී සංයෝගවලට එතිල් කාණ්ඩය C2H5 - අලුතෙන් ඇතුළත් කිරීම සඳහා කාරකයක් වශයෙන් එතිල් ක්ලෝරයිඩ් යොදනු ලැබේ. වෛද්‍ය කර්මයෙහි එය ස්ථානීය නිර්වින්දකයක් (local anaesthetic) වශයෙන් යොදනු ලැබේ. දත් ඉගිල්ලීම, විස්ඵෝට (abscesses) පළා ඇරීම වැනි කෙටි ශල්‍යකර්මවලට පමණක් මෙය සුදුසුය. ටෙට්රඑතිල්ලෙඩ් සහ එතිල් සෙලියුලෝස් නිෂ්පාදනයටත් එතිල් ක්ලෝරයිඩ් යොදනු ලැබේ. ඇතැම්විට ශීතකරණ කාරකයක් වශයෙනුත් එය යොදනු ලැබේ.
ක්ලෝරො එතේන් යන නාමයත් එතිල් ක්ලෝරයිඩ්වලට භාවිතා කෙරේ. වාණිජ ව්‍යාපාරවල එතිල් ක්ලෝරයිඩ් හැඳින්වෙන්නේ ක්ලෝරිල් හා කෙලීන් යන නම්වලිනි. එතිල් හා මෙතිල් ක්ලෝරයිඩ් මිශ්‍රණයට ඇනෙස්ටයිල් යයි කියනු ලැබේ.
(සංස්කරණය: 1974)