එම්ඩන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුවෙහි පහළ සැක්සනි ප්‍රදේශයේ එම්ස් ගං මෝයට නුදුරුව පිහිටි නගරයක් හා නැව්තොටකි. ධීවර තොටක් වශයෙන් ද නැව් තැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ද එම්ඩන් ඉතා ප්‍රසිද්ධය. ජනගහනය (1953) 41,200කි. ඩෝට්මුන්ට්-එම්ස් ඇළ ඉදි කිරීමෙන් පසු එම්ඩන් වරාය බොහෝ දියුණු විය.

ප්‍රථම ලෝක යුද්ධ සමයේ දී ලංකාව අවට මුහුදෙහි සරමින් මිත්‍ර පාක්ෂික නැව් 15ක් ගිල්වා දැමූ ජර්මන් යුද්ධ නැවක් ද එම්ඩන් නමින් හැඳින්විණ. පසුව එය සිඩ්නි නම් ඕස්ට්රේලියානු නෞකාව විසින් ගිල්වා දමනු ලැබිණ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එම්ඩන්&oldid=11095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි