එරමුදු මඩුවා
සිංහල විශ්වකෝෂය වෙතින්
(උරොගිම්නුස්-අප්‍රිකානුස්-Urogymnus africanus Bloch and Schneider). වඩා නොගැඹුරු මුහුදේ ජීවත්වන මත්ස්‍යයෙකි. මේ මඩුවාගේ හිස හා ශරීරය ඒකාබද්ධ වී රොම්බසාකාර පැතලි මණ්ඩලයක් සෑදී ඇත. ක්‍රමයෙන් හීන් වූ දිග වලිගයක් ඌට ඇත. උගේ සම තද දුඹුරුපාට හෝ නිල්පාට හෝ විය හැකිය.
ඇටගැටිතිවලින් හා කටුවලින් උගේ පිට වැසී ඇත. එබැවින් සම ඉතා රළුය. දත් කුඩාය. පෘෂ්ඨීය වරලක් හෝ පෞච්ඡ කණ්ඨකයක් නැත. එරමුදු මඩුවා ජලාබුජය (viviparous).
එරමුදු මඩුවා රජිපෝමේස් (Rajiformes) ගෝත්‍රයෙහි ට්‍රිගොනිඩේ (Trigonidae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1974)