එරාවුර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මඩකලපුවට සැතැපුම් 8, ½ක් පමණ වයඹ දිගින් පිහිටි කුඩා නගරයකි. මෙහි දුම්රිය ස්ථානයක් ද ඇත. ධීවර මධ්‍යස්ථානයක් වශයෙන් එරාවුර් ඉතා වැදගත්ය. වීර බණ්ඩාර දෙවියන්ට කැප කළ ප්‍රසිද්ධ දේවාලයක් මෙහි ඇත.

එරාවුර් පත්තුව නමින් මඩකලපු දිස්ත්‍රික්කයෙහි ආදායම් පාලක කොට්ඨාසයක් ඇත. එරාවුර් නගරයෙහි මෙන් ම මේ ප්‍රදේශයෙහි ද ජනයාගෙන් වැඩි කොටස මුස්ලිම්වරුය. එරාවුර් පත්තුව ව.සැ. 227, 1/8ක් විශාලය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එරාවුර්&oldid=11339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි