එල්ස්මියර් දූපත
සිංහල විශ්වකෝෂය වෙතින්
උතුරු ග්රීන්ලන්තයට බටහිරින් පිහිටි ජනාවාසයෙන් තොර, හිමෙන් වැසුණු කුඩා දූපතකි. මෙය ග්රීන්ලන්තයෙන් වෙන් වනුයේ ස්මිත් සවුන්ඩ් සමුද්රසන්ධියෙන් සහ කෙනඩි ඕඩයෙනි. ප්රින්ස් ඔෆ් වේල්ස් කඳු උද්ගතව ඇත්තේ මේ දිවයිනේ නැගෙනහිර කොටසිනි. ආතර් සහ ග්රිනල් දූපත් මෙයට උතුරින් පිහිටා ඇත්තේය.
එල්ස්මියර් දූපත 1616 දී විලියම් බැෆින් විසින් සොයාගන්නා ලදි.
(සංස්කරණය: 1974)