එලුවයිතිවු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යාපන දිස්ත්‍රික්කයේ දූපත් කොටසෙහි එක් දූපතකි. කයිට්ස් නගරයට සැතැපුම් තුනක් පමණ බටහිර දිගින් පිහිටි මේ දූපත වර්ග සැතැපුමකට වඩා විශාල නොවේ. කයිට්ස් ඡන්ද කොට්ඨාසයට අයත් මෙම මුළු දූපත ම තනි ග්‍රාමසේවක කොට්ඨාසයකි. එය වියළිය; නිසරුය. අවට දූපත් හා ප්‍රධාන දිවයින කරා මෙහි සිට යා යුත්තේ බෝට්ටුවෙන් මය. උපතැපැල්පළක් මෙහි ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එලුවයිතිවු&oldid=11087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි