එවන්ස්විල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකාවේ ඉන්දියානා ජනපදයේ නගරයකි. ඉන්දියානාපොලිස් නගරයට සැතපුම් 150ක් නිරිතින් හා ටෙරහෝට් නගරයට සැතපුම් 100ක් දකුණින් ඔහායෝ ගංගාවේ උතුරු ඉවුරෙහි පිහිටා ඇති මෙය නැව්තොටක් මෙන් ම වැන්ඩබර්ග් කෝරළයේ මධ්‍යස්ථානය ද වේ.

එවන්ස්විල් අවට ප්‍රදේශය කෘෂිකර්මාන්තයෙන් දියුණුවට පත් වූ ද රට අඟුරු නිෂ්පාදනය කරන්නාවූ ද ප්‍රදේශයකි. මෙහි නිපැදවෙන ද්‍රව්‍ය අතර ගොවිකම් උපකරණ, මෝටර් රථ වර්ග, ආහාර ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, යකඩ සහ වානේ භාණ්ඩ, සායම් වර්ග, රෙදිපිළී, ගෑස් යන්ත්‍ර ආදිය ප්‍රධානය. මෙහි ජනගහනය (1960) 14,543කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එවන්ස්විල්&oldid=11328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි