එස්නා
සිංහල විශ්වකෝෂය වෙතින්
උතුරු මිසරයෙහි කේනා පළාතෙහි නගරයකි. මෙය නයිල් ගංගාවේ බටහිර ඉවුරෙහි ලක්සෝර් නගරයට හැතැපුම් 36ක් උතුරින් පිහිටා තිබේ.
මෙහි ජනගහනය 16,000ක් පමණ වේ. වැඩිදෙනා කොප්ට් සභිකයෝය. මිසරයේ ඉතා සැපදායක නගර අතුරින් එකක් වූ මේ නගරය කුඹල් කර්මාන්තය ගැන ද විශාල ධාන්‍ය සහ සත්ව වෙළෙඳ පොළවල් ගැන ද ප්‍රසිද්ධය. මෙහි කපු භාණ්ඩ ද නිෂ්පාදනය කරනු ලැබේ.
එස්නා නගරයට පහළින් නයිල් ගඟ හරහා බැඳි අඩි 20ක් පමණ පුළුලැති මාර්ගයක් සහිත වේල්ලකි. මෙය උතුරු මිසරයේ ගංගාධාර ප්‍රදේශයේ වාරිමාර්ග කටයුතු සඳහා 1908 දී බඳනා ලද්දකි.
ටොලමි රාජකාලයෙහි ඉදි කරන ලද ‘ක්නුම්’ නම් මිසර දෙවියාට කැප කළ දේවස්ථානය මෙහි වූ වැදගත් ම ගොඩනැඟිල්ලයි. දැන් ඇත්තේ මෙහි නෂ්ටාවශේෂ පමණි. ඩීසියස් රජුගේ (ක්‍රි.ව. 249-251) රාජ්‍ය සමයට අයත් චිත්‍ර ලිපියක් ද මෙහි වේ.
(සංස්කරණය: 1974)