එළු අකාරාදිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බී. ක්ලෆ් දේවගැතිතුමන් විසින් 1830 දී ප්‍රකාශයට පමුණුවනු ලැබූ සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ දී එළු අකාරාදියක් පිහිට කරගත් බවක් සැලයි. එහෙත් එය කිම් දැයි නිශ්චය කොට කිව නොහේ. ලංකාවේ පුස්කොළ පොත් නාමාවලීන්හි ද එළු අකාරාදිය යන නමින් පැවති පුස්කොළ පොත් කිහිපයක් සඳහන් වේ.

හෙන්ද්‍රික් ජයතිලක මහතුන් විසින් සම්පාදිත ශුද්ධ සිංහල අකාරාදිය ද එළු අකාරාදිය යන නමින් ඇතැමුන් විසින් හඳුන්වනු ලැබේ. එහි ‘අ’ සිට ‘හෝවිලි’ දක්වා හෙළවදන් 7,200ක පමණ වචනාර්ථ දී ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එළු_අකාරාදිය&oldid=11402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි