ඒකල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොළඹ දිස්ත්‍රික්කයේ දකුණු අළුත්කූරු කෝරළයේ ගමක් වන ඒකල කොළඹට සැතපුම් 15ක් පමණ දුරින් පිහිටා ඇත. රජයේ අනුග්‍රහයෙන් පිහිටුවන ලද කාර්මික ජනපදයක් නිසා ප්‍රසිද්ධියට පත් වී ඇති මේ ගම කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇල දක්වා ගොස් ජාඇල-මිනුවන්ගොඩ මාර්ගය ඔස්සේ සැ. 3ක් පමණ ගිය විට හමු වෙයි.

ඉතා හොඳ තත්ත්වයේ කුරුඳු නිපදවෙන ඒකල ප්‍රදේශය සරුසාර පොල් වතුවලින් ද ගහනය. සුදු පැහැති සිහින් වැලි මිශ්‍ර සාරවත් පසින් යුත් තැනිතලාවලින් මුළු ප්‍රදේශය ම සෑදී ඇත.

දෙවෙනි ලෝක යුද්ධ සමයෙහි දී පණිවුඩ හුවමාරු කිරීම සඳහා පිහිටුවන ලද ගුවන් විදුලි මධ්‍යස්ථානයක් ඒකල ඇත.

1958 දී ලංකාවේ පිහිටුවන ලද කර්මාන්ත වතු දෙකින් එකක් ඒකල පිහිටුවනු ලැබිණි. විවිධ භාණ්ඩ නිපදවන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ශාලා රාශියක් එකිනෙකට යාබද ව ඇති කිරීම මේ කාර්මික ජනපදයෙහි අරමුණයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකල&oldid=11478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි