ඒකාවලී යෝගය
සිංහල විශ්වකෝෂය වෙතින්
එක් එක් රාශියෙහි එක එක ග්‍රහයා බැගින් සිටීම කරණකොටගෙන මුතු වැළක් වැනි වූ යම් යෝගයක් වේ ද එය ඒකාවලී යෝගය නම් වේ. මේ යෝගය ඇතිව උපන් තැනැත්තේ සතුරන් නසන, සියලු රජුන්ගේ ඔටුනුවලට රත්නයක් වැනි වූ, විද්‍යාවන්හි නිපුණ, උත්තමයෙක් වේ යයි සඳහන් වේ.
(සංස්කරණය: 1974)