ඒන්
සිංහල විශ්වකෝෂය වෙතින්
(Aisne). උතුරු ප්‍රංසයේ කොට්ඨාසයක් හා ගංගාවක් මෙනමින් හැඳින්වේ. භූමි කොට්ඨාසයේ ප්‍රමාණය ව.සැ. 2,866කි. ජනගහනය (1962) 327,146කි. මෙහි අගනුවර ලාං (Laon)ය.
ගොඩනැඟිලි තැනීමට ගන්නා ගල් වර්ග හා කිරිමැටි ආදි මැටි වර්ග මෙහි බහුල වශයෙන් ඇත ද ලෝහ දුලබය. මෙහි ගොඩනැඟිලිවලින් බොහොමයක් ම ප්‍රථම ලෝක සංග්‍රාමයේ දී විනාශයට පත් විය. ම’ස (Meuse) කොට්ඨාසයෙන් පටන් ගන්නා, සැතපුම් 175ක් පමණ වූ, ඒන් ගංගාව ආර්ගොන් සානුවේ සිට බස්නාහිරට හුරුව ගලා ගොස් කෝංප්‍යෙඤ් (Compiègne) කොට්ඨාසයේ දී වාස් (Oise) නදියට වැටෙයි.
(සංස්කරණය: 1974)