ඒරාෂ්ටක ශනි
සිංහල විශ්වකෝෂය වෙතින්
ජන්ම ලග්නයේ හා ඉන් 2-12-8 යන රාශිවල ද ශනි ග්රහයා ගමන් කරන කාලවලට ඒරාෂ්ටක ශනි (ශනි ඒරාෂ්ටක) කාල යයි ව්යවහාර කරත්. වයස තිහෙන් පසු චන්ද්ර ලග්නයේ හා එයින් 2-12-8 යන රාශිවල ශනි හැසිරෙන කාල ද ඒරාෂ්ටක ශනි කාල වශයෙන් ගැනේ. මීට හේතුව වයස තිහෙන් පසු ජන්ම ලග්නයට වඩා චන්ද්ර ලග්නය බල පැවැත්වීමයි. ශනි ඒරාෂ්ටක කාලය තුළ ශරීරය දුර්වර්ණවීම ද බල, විර්ය්ය හා යසස් හීනවීම ද කාර්ය්ය ප්රමාද, ධන හානි, බන්ධු වියෝග, සතුරු පීඩා, වධබන්ධන, රෝග, මරණ හෝ මරණය හා සමාන දුක් ආදිය ද ඇති කරයි.
(සංස්කරණය: 1974)