ඒසව්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඊසාක්ගේ වැඩිමහල් පුත්‍රයාය. ඔහු රොටි හා කොල්ලු ව්‍යඤ්ජනයකට තමාගේ කුලුඳුල්කම විකුණූ බව බයිබලයේ උත්පත්ති කථාවේ (25.33) සඳහන් වේ. ඔහුගෙන් කුලුඳුල්කම ලබාගත් ඔහුගේ නිඹුල් සොහොයුරු යාකොබ් උපායකින් තම පියාගේ ආශිර්වාදය ද ලබාගත්තේය. මේ නිසා තම අයිතිවාසිකම් අහිමි වී ගිය ඒසව් ජන්මභූමියෙන් ඉවත්ව සේයිරී කන්ද හාත්පස ප්‍රදේශය වාසභූමිය කරගත්තේය. ඒසව් ඒදොම් යන නමින් ද හැඳින්වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒසව්&oldid=11741" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි