ඔටාගෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Otago). නිව්සීලන්තයේ සවුත් අයිලන්ඩ් නම් දූපතෙහි පිහිටි දිස්ත්‍රික්කයකි. මේ ප්‍රදේශයේ ඇති කඳුවැටි නිසා ගොවිතැන් කළ හැකි බිම් ප්‍රමාණය අඩුය. මෙහි මැද ප්‍රදේශයෙහි රන් ලැබේ. කෛටන්ගට (Kaitangata) ප්‍රදේශයෙහි ගල් අඟුරු ද දකුණු වෙරළබඩ දැව ද සුලභය. බැටළුවන් ඇති කිරීම හා ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය මෙහි ප්‍රධාන රැකීරක්ෂාය. ජනගහනය (1961) 176,375කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔටාගෝ&oldid=11411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි