ඔලිඳ මාලය
සිංහල විශ්වකෝෂය වෙතින්
මාල කාව්‍ය සාහිත්‍යයෙහි නැටුම් හා තොවිල් පොත් ගණයට වැටෙන ඔලිඳ මාලය මෙරට ජනප්‍රිය ක්‍රීඩාවක් වන ඔලිඳ ක්‍රීඩාව සඳහා ම ලියැවී ඇති කුඩා කාව්‍යයෙකි. නෑනාවරුන් දෙදෙනකු අතර වූ සංවාදයක ස්වරූපයෙන් රචිත මෙය හාස්‍ය රසයෙන් අනූනය. මේ එහි එන එක කවකි:
කීයක්වත් දීලා ඇර ගන්නේ
දෙපිලට හරියට ගැණලා ගන්නේ
ඇරගන් පෝරුව එළියට නෑනේ
පෝරුව කවුදෝ ගත්තෙයි නෑනේ
මෙබඳු කවි එකොළොසක් පමණ මෙයට ඇත. මෙහි රචනා කාලය හරියට කිව නොහැකිය. එහෙත් සිංහල සාහිත්‍යය පිරිහී ගෙන ගිය මහනුවර සමයට අයත් කෘතියක් සේ පෙනේ.
(කර්තෘ: තෙරිපැහැ සෝමානන්ද හිමි)
(සංස්කරණය: 1974)