ඔවදන් මුතුවැල
සිංහල විශ්වකෝෂය වෙතින්
පාසැල් සිසුන් සඳහා සපයා ඇති අවවාද කවි ඇතුළත් කුඩා පොතකි. පියදාස සිරිසේන මහතා කාව්‍ය කර්තෘය. සරසවි සඳරැස පත්‍රයේ ලේඛකයකු ලෙසින් සිටි සමයෙහි කරන ලද හෙයින් එය ඵ් මහතාගේ මුල් කාව්‍ය ග්රන්ථයක් යයි හැඟේ. පාසැල් සිසුන් අතර එකල භාවිතයට පත් අවවාද කවි පොත් අතර ඔවදන් මුතුවැල වැදගත් අවවාද කවි පොතක් වූ බවත් කාව්‍ය කර්තෘ කාව්‍යකරණයෙහි සහජ කුසලතාවක් ඇතියකු වූ හෙයින් ඒ පොත පාසැල් සිසුන් රුචි කරන කාව්‍ය රසයෙන් යුත් වූ බවත් කිව යුතුයි.
(සංස්කරණය: 1974)