ඔවු-යාං ෂියු
සිංහල විශ්වකෝෂය වෙතින්
(1007-1072). 11වැනි ශතවර්ෂයෙහි චීනයේ විසූ සුප්රසිද්ධ ඉතිහාසඥයායි. කවියකු හා රාජ්යතන්ත්රඥයකු හැටියට ද ඔහු ප්රසිද්ධය. ‘හ්සින් තා ෂුං’ (තාං රාජවංශය පිළිබඳ නව ඉතිහාසය) නමැති ග්රන්ථය ඇතුළු ඉතිහාස පොත් කීපයක් ඔහු විසින් ලියන ලදි. ගැඹුරු දාර්ශනික විෂයයන් ගැන මෙන් ම විනෝදාස්වාදය ගෙන දෙන සරල මාතෘකාවන් ශීර්ෂ කොට ගෙන ද විරචිත ඔහුගේ කෘතීන් අතුරෙන් ‘හ්සින් වූතායි’ (පංචරාජවංශය පිළිබඳ නව ඉතිහාසය) හා ‘මාවෝ ෂි පාන් යී’ (ගීත ග්රන්ථයේ මූලිකාධ්යාශය) යන ග්රන්ථ ප්රකාශයට පැමිණ තිබේ.
(සංස්කරණය: 1974)