ඔෆියුකස්
සිංහල විශ්වකෝෂය වෙතින්
(Ophiuchus). මේ වූකලි විෂුවාංශ හෝරා 17 මිනිත්තු 30 කේන්ද්‍ර කොටගෙන ඛගෝල සමකය හරහා විහිදෙන තාරකා මණ්ඩලයකි. මෙය උත්තරාර්ධගෝලයේ පිහිටා තිබේ. ක්ෂීරපථයෙන් කොටසක් ද මෙම තාරකා මණ්ඩලයට අන්තර්ගත වේ. 1604 දී ද 1848 දී ද මෙහි නවතරු (novae) දක්නට ලැබුණු බව සඳහන් වේ. දුරේක්ෂයකින් නිරීක්ෂණය කළ හැකි ද්විත්ව තාරකා ද තරු පොකුරු ද විශාල ප්‍රමාණයක් මෙම තාරකා මණ්ඩලයේ පිහිටා තිබේ.
(සංස්කරණය: 1974)