ඕවාගිරි විහාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවේ ගංගොඩ නම් ග්‍රාමයෙහි මේ විහාරස්ථානය පිහිටා තිබේ. පෘතුගීසීන්ට අසුවීමෙන් නාමය පවා විනාශ වී ගිය මේ විහාරස්ථානයෙහි පැරණි දෙයින් ශේෂව ඇත්තේ ගල්කණු ස්වල්පයක් හා ලෙන් විහාර තුනක් පමණි. මේ එක් ගල්ලෙනක උමගක් පිහිටා තිබෙන හෙයින් ‘උමංගල’ විහාරය යන නමින් හැඳින්විණැයි කියන මෙම ඕවාගිරිය මෙකල මහජනයා විසින් හඳුන්වනු ලබනුයේ ‘අමංගල’ විහාරය නමිනි. ලෙන් විහාර පිහිටි තැනට නැඟීම සඳහා ගලින් කරවන ලද සියගණනක් පියගැටවලින් යුක්ත වූ මාර්ගය දර්ශනීය එකෙකි. ගල්පර්වතය මුදුනෙහි පිහිටි චෛත්‍යය ද දැකුම්කලුය. මෑත දී කරවන ලද වෙනත් විහාරාංගයන්ගෙන් ද මේ ස්ථානය සමන්විත වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕවාගිරි_විහාරය&oldid=12117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි