ඕෂන් දූපත
සිංහල විශ්වකෝෂය වෙතින්
(Ocean Island). ශාන්තිකර සාගරයෙහි නිරක්ෂයට දකුණින් ජාත්‍යන්තර දින රේඛාවට අංශක 12ක් පමණ බටහිරින් පිහිටා ඇති බ්‍රිතාන්‍ය පාලනයෙහි පවත්නා දූපතකි. භුමි ප්‍රමාණයෙන් ව.සැ. 2.2කි; අලුත් ම ඇස්තමේන්තුව අනුව ජනගහනය 2192කි. ඔවුනතුරෙන් බහුතරය මයික්රොනීසියන්වරුන් වන අතර යුරෝපීයයන් හා චීන ජාතිකයෝ ස්වල්ප දෙනෙක් ද වෙත්.
පොස්පේට් බහුලව ඇති මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය ද එය ම වේ. කලින් ගිල්බට් හා එලිස් දූපත් ප්‍රදේශයේ පාලන මධ්‍යස්ථානය වූ මෙය 1942 සිට 1945 දක්වා ජපනුන්ට අයත්ව තිබිණ. මෙම දූපත සොයාගන්නා ලද්දේ 1804 දීය. කලින් බනේඛ නමින් මෙය හැඳින්විණ.
(සංස්කරණය: 1974)