කත්සුෂිකා හෙකුසයි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Katsushika Hokusai) (北斎) (1760.10.31-1849.05.10). ජපානයේ ෂුන්ගා චිත්‍ර සම්පාදාය නියෝජනය කළ 18 හා 19 වන සියවස්හි විසූ සුප්‍රකට ජපන් චිත්‍ර ශිල්පියෙකි. බොහෝ ෂුන්ගා සිත්තරුන් තරුණයන් වුව ද හොකුසායි මහල්ලෙකු වුව ද ඔහු අතිදක්‍ෂ චිත්‍ර ශිල්පියෙකු ලෙස නම් දරා සිටීයෙකි. ලී කැටයම් ශිල්පය විෂයයෙහි ද විශේෂ දස්කම් පෑ හෙකුසායි ජපානයේ උසස් කලාකරුවන් කීප දෙනෙකු යටතේ විවිධ චිත්‍රකලා සම්ප්‍රදාය හැදෑරී ය.

ඔහු විසින් අඳිනා ලද ‘ෆුජ කන්දේ දර්ශන තිස්හයක්’ (Thirty six views of Fuji) නමින් පළ කරපු සිතුවම් සමූහය ජපන් ඉතිහාසයේ විශිෂ්ට ම චිත්‍ර අතරට ගැණෙනවා. මෙම චිත්‍රවලට පාදක වූයේ ෆුජි කන්ද විවිධ කෝණවලින් පේන ආකාර ය. ෆුජි කන්දේ දර්ශන තිස් හයක් මේ සිතුවම්වලට තේමා විය. මෙම චිත්‍ර සමූහය අතරින් ‘කනගාවා හි රළ’ සහ ‘දකුණු සුළං, නිසල අහස’ යන චිත්‍ර ලෝක ප්‍රසිද්ධ ය. තවද ‘Hundred views of Fuji’ සහ ‘Famous Prides and Waterfalls’ නමැති සිත්තම් ද ජපන් චිත්‍ර අතර ඉතා උසස් තැනක් ගනියි. කලාත්මක රසයෙන් අනූන හෙකුසායිගේ සිතුවම් වෙනත් ෂුන්ගා චිතුවලට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින බව විචාරක මතයයි.

හෙකුසායිගේ චිත්‍ර අතර ජපන් බසින් ‘තකො තො අමා’ නිමින් හැඳින්වෙන ‘බූවල්ලෝ සහ මුතු කිමිදෙන්නිය’ යන සිතුවම බෙහෙවින් ශෘංගාරාත්මක ය. මේ සිතුවම බටහිර සමාජයේ ප්‍රචලිත ව ඇත්තේ ‘ධීවරයාගේ බිරිඳගේ සිහිනය’ යන නමිනි. සිතුවමේ තියෙන්නෙ මුහුදු රළවලට මැදි වුණ නිරුවත් කාන්තාවක බූවල්ලන් දෙන්නෙකු සමඟ ලිංගික ආලිංගනයක යෙදෙන ආකාරයයි. විශාල බූවල්ලෙක් ඇගේ යෝනිය මුඛයෙන් උද්දීපනය කරන අතර, අඬුවකින් පියයුරක් පිරිමදිමින් සිටී. ඒ අතරේ පැත්තකින් කුඩා බූවල්ලෙක් ඇගේ මුව සිප ගනියි. බූවල්ලන් දෙදෙනාම තම අඬු වලින් ඇය වෙලාගෙන සිටින ආකාරය නිරූපිත ය. සිතුවමේ පසුබිම පුරාම ජපන් අකුරු රැසක් තියෙනවා. මේ සිතුවමෙන් නිරූපනය කෙරෙන දේ ගැන අදහස් කීපයක් තියෙනවා.

පොත්පත් සමූහයකට ම ඔහු විසින් චිත්‍ර සපයන ලදී. එදිනෙදා ජපන් ජීවිතය විදහා දැක්වෙන මන්ගවා (Mangawa) නම් ප්‍රසිද්ධ චිත්‍රිත විශ්වකෝෂයෙන් ඔහුගේ දස්කම් මැන ගත හැක. හෙකුසායිගේ චිත්‍ර කලා සම්ප්‍රදාය ඇතැම් විට ජපන් වැසියන්ටත් වඩා යුරෝපීයයන් විසින් අගය කොට සලකනු ලැබේ. කලාකරුවෙකු වශයෙන් හෙකුසායි තුළ පිහිටි සියුම් නිරීක්ෂණ ශක්තියත් විඩාවට පත් නොවීමේ ගතියත් ඉතා වැදගත් ය. ඉගෙනීමේ ආශාව මරණ මොහොත දක්වා ඔහු තුළින් අතුරුදන් නොවී ය. “දෙවියන් වහන්සේ තව අවුරුදු පහක්වත් මට ජීවත් වීමට දෙන්නහු නම්, මහා චිත්‍රශිල්පියකු වීමට ඉඩ තිබුණේ” යයි ඔහු මරණ මංචකයේ දී පැවසී ය. වසර 88ක් ජීවත් වූ හෙකුසායි ජපානයේ එදොහි දී මිය ගියේ ය.

(සංස්කරණය නොකළ)