කිටන්ස්ටයින්, යාකොබ් ෆන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කිටන්ස්ටයින්, යාකොබ් ෆන් 1650-1653 කාලයේ මෙරට මුහුදු බඩ පාලනය කළ ලන්දේසි ආණ්ඩුකාරයාය. තම පූර්වප්‍රාප්තික මත්සුකර්ගේ උපදෙස් පරිදි මාතර දිසාව කන්ද උඩරට දෙවන රාජසිංහයන්ට භාර නොදී ලන්දේසීන්හට ම තබා ගැනීමටත් චාටු බසින් හා තෑගි බෝගාදියෙන් රජු රවටා හොඳින් තබා ගැනීමේ ප්‍රතිපත්තිය දිගට ම ගෙන යාමටත් හේ වගබලා ගත්තේය. කොළඹ කොටුව පෘතුගීසින්ගෙන් ‍පැහැර ගැන්මට ලන්දේසීන් යුද්ධ භට කණ්ඩායමක් සූදානම් කරතියි. සතුටු වූ රජ තෙමේ සටන් මගට පිවිස සිටියේය. එහෙත් බැහැරින් පෘතුගීසීන්ට ආධාර හමුදා හා ආහාර පාන බඩු බාහිරාදිය ලැබෙද්දී ලන්දේසින්ට මේ වකවානුවේ දි එබඳු කිසිත් නොලැබීමෙන් ඔවුන්ගේ යුද්ධ ශක්තිය පිරිහෙනු පෙනීගිය හෙයින් ද ඒ අතර ම කිටන්ස්ටයින් සිය පදවියෙන් ඉල්ලා අස්වීම නිසා ද රජ තෙමේ කරවනැල්ලෙන් සේනා ඉවත් කොට ගෙන ආපසු ගියේය. කිටන්ස්ටයින්ගේ පුරප්පාඩුව පිරවූයේ රයික් ලොෆ් ෆන් හුන්ස් (බ.) ය.

-ඩී. පී. පොන්නම්පෙරුම-