කිණිහිරිය (Anvil.)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලෝහයක් ‍අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමට තැළීමේ දී එම ලෝහය තැබීම සඳහා ආධාරකය වශ‍යෙන් යොදාගනු ලබන විශේෂ ආකාරයකට සෑදූ යකඩ කුට්ටියකි.

කම්මල්කරුවන් භාවිත කරන කිණිහිරවල මතුපිට දැඩිකළ වානේවලින් නිමවා ඇති අතර සාමාන්‍යයෙන් සිද්ධ යකඩවලින් (wrought iron) ද ඇතැම් අවස්ථාවල දී වාත්තු යකඩවලින් (cast iron) ද සාදා ඇත. කිණිහිරියේ එක් පැත්තක පිටට නෙරූ උලක් නොහොත් අඟක් ඇති අතර එය ලෝහයේ වක්‍ර වූ කොටස් තැළීම සඳහා භාවිත කරති. සමහර විට අනික් කෙළවරෙහි ඍජුකෝණාස්‍රාකාර හරස් කඩකින් යුත් තලයකි. කිණිහිර කටුව හෝ නියන වැනි ආයුධ කිණිහිරය මත රැඳවීම සඳහා කිණිහිර පෘෂ්ඨය මත චතුරස්‍රාකාර සිදුරක් ඇත. බලවත් මිටි පහරවල් යොදන්නේ නම් ශක්තිමත් යකඩ කුට්ටියක් මත කිණිහිරය සවි කළ යුතුය.

-ඩබ්ලිව්. ඇම්. ඩබ්ලිව්. වලිසිංහ-

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=කිණිහිරිය_(Anvil.)&oldid=101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි