කුර්සනොෆ්, ආන්ද්‍රෙයි ල්වොවිච් (Kersanov, Andrey Lvovich) (1902-)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රුසියානු ජාතික ශාක කායික විද්‍යාඥයකු හා ජෛව රසායනඥයකු ද ලේඛකයකු ද වූ කුර්සනොෆ් 1926 දී මොස්කව් විශ්ව විද්‍යාලයෙන් භෞත-ගණිත (Physico-Mathematival) උපාධිය ලබා 1929 සිට 1938 දක්වා මොස්කව් ටිමිර්යාසෙෆ් (Timiryazev) කෘෂිකාර්මික විද්‍යායතනයේ උපදේශකයකු ලෙස ක්‍රියා කෙළේය. 1952 දී ශාක කායික විද්‍යායතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කුර්සනොෆ් 1944 දී මොස්කව් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු බවට පත් විය.

ඔහු විසින් පරිවෘත්තිය, පැළෑටිවල එන්සයිම ක්‍රියාකාරිත්වය හා මුල් පද්ධතිවල කාබන්ඩයොක්සයිඩ් වායු ස්වීකරණය ආදිය ගැන පරීක්ෂණ පවත්වන ලද. එසේ ම කාබන්ඩයොක්සයිඩ් ස්වීකරණය හ පත්‍රවලින් පිටතට ගලන සුවිකාර්ය (plastic) ද්‍රව්‍ය අතර සම්බන්ධයක් තිබෙන බව ද ඔප්පු කෙළේය. “ශාකයන්හි ඓන්ද්‍රීය පදාර්ථවල සංසරණය (The Circulation of Organic matter in plants) යන කෘතිය ඔහු විසින් 1952 දී පළ කරන ලදී.

-ඩබ්ලිව්. ඇම්. ඩබ්ලිව්. වලිසිංහ-