චන්ද්‍රයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

චන්ද්‍රයා

නක්ෂත්‍ර විද්‍යාවේදී චන්ද්‍රයා යනු ග්‍රහලෝකයක උපග්‍රහයකුට යොදන නමකි. විශේෂයෙන් ම පෘථිවියේ උපග්‍රහයාට මේ නම යොදති. එය කාලයේ ක්‍රමාණුකූල මිණුම් ගැනීම සඳහා මුල් ම මගපෙන්විමක් විය. පෘථිවියේ ඇතිවන්නා වූ උදම්වලට කෙළින් ම බලපාන්නකි, චන්ද්‍රයා.

ආදීකාලීන මිනිසුන් අතරේ චන්ද්‍රයා ඉතා වැදගත් ග්‍රහ වස්තුවක් විය. එය වෙියකු මෙන් ුදනු ලැබී ය. එහි චලිතය පිළිබඳ ව විශාල පිරිසක් අවධානය යෙදවූහ. ක්‍රි.පූ. 2 වන සියවසේ දී හිපාකස් (Hipparchus) නම් විද්‍යාඥයකු විසින් චන්ද්‍රයාගේ පථයේ විකේන්ද්‍රිකතාව (eccentricity) සොයාගන්නා ලදි. ක්‍රාන්ති වලයයට (ecliptic) ඒ පථයේ ආනතිය හා පාතයේ චලිතය ද ඔහු විසින් සොයාගන්නා ලද අතර චන්ද්‍රයාගේ චලිතය ඒකාකාරී ලෙස වෘත්තාකාර පථයක පෘථිවිය විකේන්ද්‍රික ලෙස තිබෙන සේ සිදුවන බව ද විස්තර කරන ලදි. මේ පිළිබඳ ගණිතමය අගයයන් ග්‍රහණයන් නිරික්ෂණය කිරීමෙන් ලබාගන්නා ලදහ.

ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ වාදය ‍ගොඩනඟා ඇත්තේ චන්ද්‍රයාගේ චලිතය පෘථිවය මත වැටෙන වස්තු හා සන්සන්දනය කිරීමෙන් ය. මෙම චලිතය පිළිබඳ නිව්ටන්ගේ ප්‍රතිඵල ජ්‍යාමිතිකාකාරයෙන් ඉදිරිපත් කරන ලද ද මුලින්ම එය ඉදිරිපත් කරන ලද්දේ ස්‍රාවී ක්‍රමය (Method of Fluxions) මඟින් ය. මීට වසර 60කට පසු ව ඇලෙක්සිස් ක්ලයරුට් (Alexis Clairaut) නම් විද්‍යාඥයකු ඔහුගේ විශ්ලේෂණ (analytical) න්‍යාය දියුණු කරන තෙක් නිව්ටන්ගේ වැඩකටයුතුවලට සැලකිය යුතු උසස් තත්ත්වයක් නොලැබුණි. ක්ලයරට්ගේ වැඩපිළිවෙල 18 වන ශතවර්ෂයේ දී ද'ලම්බර්ට් (d'Alembert) ඉයුලර් (Euler) හා ලැප්ලාස් (Laplace) වැනියන් විසින් අනුගමනය කරන ලදි.

චන්ද්‍රයාගේ චලිතය සලකා බැලීමේ දී පියවරවල් දෙකක් ගැන අවධානය යොමු කළ යුතුය. මුල් පියවර වනුයේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය ස්කන්ධයෙන් යුත් අංශු ලෙස හැසි‍රෙන අතර පෘථිවි-චන්ද්‍ර පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය අචල ඉලිප්සයක සූර්යයා වටා චලනය විම ද‍ වේ. මඳක් සංකීර්ණ වූ දෙවන පියවරෙන් කියැවෙනුයේ ඉතිරි වූ බලයන් පළමු ප්‍රධාන විසඳුමේ කුඩා වෙනස්කම් ඇති කරන බවයි. මෙම ඉලිප්සීය පථයේ වෙනස්කම් ඇතිවනුයේ සුර්යයා හා වෙනත් ග්‍රහලෝක නිසා චන්ද්‍රයාගේ සිදුවන කැළඹීම් කරණකොට ගෙන ය. එසේම පෘථිවියේ හා චන්ද්‍රයාගේ ඉලිප්සීය හැඩයට සාපේක්ෂ ආචරණ ද මීට බලපාන්නා වූ සාධක ය. මෙසේ භෞතික න්‍යායයන්ට අනුව චලිත සමීකරණය ඉදිරිපත් කිරීමේදී පෘථිවියේ කෝණික චලනය නිසා හා එය වඩාත්ම චන්ද්‍රයාට ආසන්න වීම නිසා ද පෘථිවය වැදගත් සාථානයක් ගනී.

නක්ෂස්ත්‍රමය මාසය දින 27.32කි. මේ කාල අන්තරය තුළ දී තරුවලට සාපේක්ෂ ලෙස චන්ද්‍රයා සාමාන්‍යයෙන් සම්ර්‍පර්ණ පරිභ්‍රමණයක් සිදුකරන අතර පෘථිවිය ද සූර්යයා වටා ගමන් කරමින් පවතී. චන්ද්‍රයා විනිවිද නොපෙනෙන වස්තුවකි. ඒ මත පතිත වන සූර්යාලෝකය පරාවර්තනය වීමෙන් එහි දිලිසීම සිදු වේ. සූර්යාලෝකයෙන් ආලෝකමත් ව පෘථිවිය දෙසට හැරී ඇති චන්ද්‍ර අර්ධ ගෝලයෙන් කොටසක් පමණක් පෘථිවියට දැක ගත හැකි ය. (රූ. සටහන බ.) රූප සටහනේ සුදු පාටට දක්වා ඇත්තේ සූර්යයාගෙන් ආලෝකමත් වූ කොටසයි. කළු පාට කොටස සූර්යාලෝකය වැටී නැති කොටසයි. චන්ද්‍රයාගේ කලාව තීරණය කරනුයේ පෘථිවිය හා චන්ද්‍රයා යා කරන රේඛාවට සාපේක්ෂ ලෙස අර්ධගෝලයේ ආලෝකමත් වී ඇති කොටසිනි.

රූ සටහ‍නේ නව සඳ M1හි පෘථිවය දෙසට හැරී ඇති කොටස සම්පූර්ණයෙන් ම සූර්යාලෝකයෙන් ප්‍රභාමත් වී නැත. එහෙත් පුර සඳ හෙවත් පසළොස්වක සඳ ලෙස හැඳින්වෙන M5හි ආලෝකමත් වී ඇති කොටස සම්පූර්ණයෙන් ම පෘථිවිය දෙසට හැරී පවතී. එහෙත් අතරමැදි කලාවෙහි පෘථිවිය දෙසට හැරී ඇති අර්ධ ගෝලයේ කොටසක් පමණක් ආලෝකමත් වී ඇත. නව සඳට පෙර දින හා පසු දින දිස්වන පටු ස‍ෙඳෙහි (Crecent) තුඩු අවස්ථා දෙකෙහි දී සූර්යයාගෙන් ඉවතට හැරී ඇත. රූපය ඇඳ ඇති තලය ගෙන ඇත්තේ පෘථිවිය සූර්යයා වටා චලනය වන තලය ලෙස ය. එවිට චන්ද්‍රයාගේ පථය 50ක් පමණ මේ තලයට ආනත විය යුතු ය. එසේ නොමැති වූයේ නම් සෑම නව සඳ දනක දී ම චන්ද්‍රයාගේ ග්‍රහණයට සූර්යයා ද සෑම පුරහඳ දිනක දී ම පෘථිවියේ ඡායාවෙහි ග්‍රහණයට චන්ද්‍රයා ද අසු වනු ඇත. රූප සටහනේ NN1රේඛාව මේ තල දෙක ඡේදනය කරන රේඛාව ලෙස සලකමු. මෙය පාතිය රේඛාව (Line of node) ලෙස හඳුන්වනු ලැබේ. මෙම රේඛාව ඉතා හෙමින් භ්‍රමණය වේ. එක් අවුරුද්දකට වාර දෙකක් NN1 දිසාවට ආසන්න දිසාවකින් සූර්යයා පිහිටන ලෙස පෘථිවියට දිස් වේ. මෙම වාරයන්හි දී ග්‍රහණ සිදුවිය හැකිය.

ඕනෑම අවස්ථාවක දී චන්ද්‍රයාගේ ස්ථානය සෙවිය යුතු නම් එහි සූර්යයයාට සාපේක්ෂ ිහිටීම සොයාබැලීම ඉතා වැදගත් ය. චන්ද්‍රයා නව සඳ ලෙස දිස්වන විට එය සූර්යයා ඇති දිසාවේ ම ඇත්තා සේ පෘථිවියට දිස්විය යුතු ය. මෙවිට සූර්යයා සමඟ උදාවීම හා අවරට යෑම සිදු වේ. මෙය පෘථිවියේ සිට නිරික්ෂණය කළ නොහැකි ය. තාරුකාවලට සාපේක්ෂ ව සූර්යයා නැගෙනහිර දෙසට දවසකට 10ක් ද ඒ දිශාවට ම චන්ද්‍රයා දවසකට 130ක් ද ගමන් කරයි. එම නිසා චන්ද්‍රයා සූර්යයාට සාපේක්ෂ ලෙස 120ක් නැගෙනහිරට දිනක දී ගමන් කරන බව පෙනේ.

නිතර ම චන්ද්‍රයාගේ එක ම මූණතක් ම පෘථිවියට දිස්වන අන්දමට එය පෘථිවිය වටා පරිභ්‍රමණය වේ. මේ පරිභ්‍රමණයේ දී මඳ ලෙස දෝලනය වීමක් ද සිදු වේ. මධ්‍ය රේඛාවෙන් 60ක් හෝ 70ක් ඒ මේ අතට දෝලනය වේ.

චන්ද්‍රයා පෘථිවියෙන් ඉවතට ගමන් කරන ශීඝ්‍රතාව උදම් උපකාරයෙන් ගණනය කළ හැකි ය. ග්‍රහණය් ආදිය පිළිබඳ ඉතාමත් පැරණි වාර්තාවලට අනුව, ගණනය කිරීම්වලින් මීට අවුරුදු දසලක්ෂ එකකට හෝ දෙකකට පෙර චන්ද්‍රයා පෘථිවියට ඉතාමත් ආසන්න ව පිහිටා තිබූ බව පෙන්වා දී ඇත. වෙනත් ඛගෝල වස්තුවලට සාපේකෂ ලෙස චන්ද්‍රයා පෘථිවියට ඉතාමත් ආසන්න වීම නිසා එහි ගුරුත්වාකර්ෂණ ඇදිල්ල පෘථිවියට තදින් බලපානු ඇත. උදම් හටගනුයේ මේ නිසා ය. සාගරයේ ජලය චන්ද්‍රයා දෙසට නෙරා යෑම මේ ඇදිල්ලේ ප්‍රතිඵලයයි. තරමක් ඈතින් ඇති වස්තුවක වුව ද සූර්යයාගෙන් ද උදම් ඇදිල්ලක් ඇති වේ. සූර්යයාත් චන්ද්‍රයාත් එක පෙළට ඇති විට දී මේ නෙරා යැම උපරිම වේ. එය මහ වඩදිය ලෙස ද සූර්යයා හා චන්ද්‍රයා එකිනෙකට ඍජුකෝණී ලෙස ඇදගන්නා කල මඳ වශයෙන් චන්ද්‍රයා දෙසට ඇති වන නෙරා යෑම සුළු වඩදිය ලෙස ද හැඳින්වේ.

ක්‍රි.ව.1609 දී ගැලිලියෝගේ මුල් ම දුරදක්න නිරීක්ෂණයෙන් පසු ප්‍රවේසම් සහිත ව හා දිගට ම චන්ද්‍ර පෘෂ්ඨය දුරදක්න අධ්‍යයනයන්ට භාජනය වීමට පටන් ගත්තේ ය. ක්‍රි.ව. 1647 දී පමණ මුල් වරට චන්ද්‍රයාගේ සවිස්තර වූ සිතියම් ඉදිරිපත් කරමින් භූගෝල ශාස්ත්‍රය හා පුරාණ කතා ඇසුරෙන් එහි විවිධ පුදේශ නියම කරන්නට විය. පසුව ක්‍රි.ව.1959 දී පෘථිවියෙන් ඉවතට හැරී ඇති චන්ද්‍රයාගේ ප්‍රදේශවල ඡායාරූප ගැනීමට සොව්යට් ගුවන් සෝදිසි යානා සමත් විය. පසුව වඩාත් සවිස්තර ලෙස එක්සත් ජනපද චන්ද්‍ර කක්ෂික ගමන් මඟින් හා සෝවියට් ගමන් මඟින් සම්පූර්ණ චන්ද්‍ර පෘෂ්ඨයේ දෘෂ්‍ය හා අදෘෂ්‍ය කොටස් ඡායාරූප ගතකරන ලදි.

පියවි ඇසට දිස්වන අන්දමට අඳුරු හා දීප්තිමත් පැල්ලම්වලින් යුක්ත අලංකාර වස්තුවක් වන චන්ද්‍රයා කුඩා දුරදක්නයකින් වුව ද බැලූ විට විශාල වී පෙනේ. පැරණි නක්ෂත්‍ර විද්‍යාඥයින් විසින් මේ අඳුරු පෙදෙස් මුහුදු යැයි සලකන ලදි. චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙහි කිසිදු තෙතමනයක් නොමැති බව පසුව සොයා ගත්ත ද තමවත් ඒ මුහුදු නම්වලින් ම හැඳින්වේ. චන්ද්‍රයාගේ උස් කඳු තිබේ. එසේම තවත් සුලබ දර්ශනයක් නම් නරා (craters) ලෙස හැඳින්වෙන වෘත්තාකාර ප්‍රාකාරමය පිහිටීම් ය. චන්ද්‍ර නරාවක් බිම ගිලී ඇති නියම ආකාර ප්‍රාකාරමය බැස්මකි. ඒවා කුඩා ප්‍රමාණවල සිට සැතපුම් 125ක් (කිලෝමීටර් 200ක්) හෝ ඊට වැඩි විෂ්කම්භයෙන් යුක්ත විය හැකි ය. මේවා වඩාත් බහුල ලෙස පෘෂ්ඨය මත විසිරි ඇති අතර සමහර විට අතිච්ඡාදනය වීම ද සිදු වී ඇත.

චන්ද්‍රයාගේ මුහුදුවලත් නරාවලත් උපත නිශ්චිත ලෙස දැනගෙන නැත. බාහිර අවකාශයේ සිට චන්ද්‍රයා මත වැටෙන ද්‍රව්‍ය කැබලිවලින් මේ මුහුදුත් නරාත් සෑදී ඇතැයි නක්ෂත්‍ර විද්‍යාඥයෝ විශ්වාස කරති. සමහර නක්ෂත්‍රඥයන්ගේ විශ්වාසය වනුයේ ගිනිකඳු පිපිරිම නිසා ඒවා ඇති වී ඇති බව ය.

සෝවියට් රුසියාවේ හා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අභ්‍යවකාශ යානා මඟින් චන්ද්‍රයාගේ ඡායාරූප බොහෝ ගණනක් ගෙන ඇත. එක්සත් ජනපද රාජ්‍යය මඟින් ගවන්ගත කළ 'සර්වෙයර්' ('Surveyor') නමැති යානාව මඟින් සන්ධ්‍යා භාගයේ සූර්ය රුස්වලල්ල (corona) ද අඩංගු වූ ඡායාරූප දහදාහක් (10,000) පමණ ගෙන ඇත. චන්ද්‍ර පෘෂ්ඨයේ යටට මීටරයක් පමණවත් ඛණ්ඩ (fragmental) ද්‍රව්‍ය ඇති බව මේ ඡායාරුප පෙන්නුම් කරයි. බොහෝ ඝන ද්‍රව්‍ය චන්ද්‍ර පෘෂ්ඨය මත විසිරී ඇති බව මෑත දී චන්ද්‍රයා මත ගොඩ බෑ යානා මඟින් ස්ථිර කරනු ලැබී ය. චන්ද්‍ර පෘෂ්ඨය දූලී නොහොත් අළු තට්ටුවකින් වැසී ඇත. ඒ නිසා එහි ප්‍රභාව සම්පන්න වර්ණ නැති වන අතර දූලි තට්ටුවෙහි ගැඹුර අඟලකට දෙකතට නොවැඩි බව පෙනී ගොස් ඇත.

19 වන ශත වර්ෂය අවසානයේ දී ජෝර්ජ් ඩාවින් නම් විද්‍යාඥයා චන්ද්‍රයාගේ මූලාරම්භය ගැන නියමයක් ඉදිරිපත් කෙළේ ය. උදම් පිළිබඳ ව ගණිතමය න්‍යායෙහි පදනමට අනුව ඔහු චන්ද්‍රයා මුලින් ම පෘථිවියෙහි කොටෙසක් වූ බව යෝජනා කෙළේ ය. උදම් ක්‍රියාවෙහි (tidal action) ප්‍රතිඵලයක් අලස කැඩී වෙන් වූ බව ද කියා සිටියේ ය. චන්ද්‍රයාගේ පළල අත්ලන්තික් සාගරයේ පළලට සමකළ හැකි නිසා ඒ යෝජනාව කෙරෙහි සෑහෙන දුරට මිනිසුන්ගේ සිත් යොමු විණි. ඒ න්‍යායට අනුව, පෘථිවියේ හා චන්ද්‍රයාගේ විවිධ ඝනත්වවලට (පෘථිවියේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 5.52ක් හා චන්ද්‍රයාගේ ඝන සෙන්ටිමීටරයකට ග්‍රෑම් 3.34ක් ද වේ.

හේතුව වනුයේ තරමක් දුරට පෘථිවි අභ්‍යන්තරයේ වූ අධික පීඩනයක් හා චන්ද්‍රයා සෑදී ඇත්තේ පෘථිවියේ බාහිර කොටස්වලින් ද වීම ය. ඒ නිසා පෘථිවි හරයෙන් (core) පැමිණි යකඩ, නිකල් ලෝහ එහි නැත. එහෙත් චන්ද්‍රයා වැනි විශාල වස්තුවක් යාන්ත්‍රික ලෙස පෘථ්වියෙන් වෙන් වූවා යැයි පිළිගැනීම අපහසු ය. තවත් ප්‍රසිද්ධ න්‍යායක් නම් චන්ද්‍රයා හා භූ (terrestrial) ග්‍රහලෝක සෑදී ඇත්තේ සම්පූර්ණයෙන් ම ද්‍රව තත්ත්වයේ තිබී සීතල වී ඉක්බිති ඝනවීමෙන් බව ය.

චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට දී ඉසිලුම් ශක්තිය (bearing strength) ඝන අඟලට රාත්තල් 3ක් පමණ වන බව භෞතික පරීක්ෂණවලින් පෙන්වා දී ඇත. එහි පෘෂ්ඨය තෙත් පසට සමාකාර ගතියකින් යුක්ත වුව ද චන්ද්‍ර පෘෂ්ඨය මත චන්ද්‍රයාගේ අධික රික්තක ගතිය නිසා එහි ජලය පැවතිය නොහැකිය. සොව්යට් අභ්‍යවකාශ යානයක පරික්ෂණ මඟින් තක්සේරු කරන අන්දමට චන්ද්‍ර පෘෂ්ඨයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1කට වඩා අඩු ය. ඒ නිසා එහි යන්තම් ලිහිල් ලෙස පමණක් එක් වූ වඩාත් ඛණ්ඩ () ද්‍රව්‍ය අඩංගු විය යුතු ය. මේ ද්‍රව්‍යවල ව්‍යූහය 'ෆෙයරි කාස්ල්' (fairy castle) ව්‍යූහය ලෙස හඳුන්වනු ලැබේ. මේ ව්‍යූහයෙහි ලිහිල් ලෙස එකක් මත එකක් සිටින සේ අංශු ගොඩ ගැසී ඇත.

ප්‍රමාණය අනුව සන්සන්දනය කිරීමේ දී චන්ද්‍රයාගේ ස්කන්ධය ඉතා අල්ප ය. පෘථිවියට සමාන තනි ගෝලයක් සංකලනය කිරිමට චන්ද්‍රයා වැනි ගෝල 87ක් අවශ්‍ය වේ. මේ ස්කන්ධය අඩුවීම නිසා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ මෙන් 1/6කි. ඒ නිසා පෘථිවියේ දී රාත්තල් 168ක් බරැති මිනිහෙක් චන්ද්‍රයා මත දී රාත්තල් 28ක් බර ය. චන්ද්‍රයා මත දී පෘථ්වය මත දී හැකිවාට වඩා වැඩියෙන් උඩපැන්න හැකි ය. ඒ ගුරුත්ව බලයේ අඩුවීම අපහසුවක් ලෙස දැනෙන අතර ඊට හුරුවීමට කාලයක් ගත වනු ඇත. ගුරුත්වාකරණය ඉතා සුළු නිසා චන්ද්‍රයා මත වායුගෝලයක් නොමැති බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. චන්ද්‍රයා වටා වායුගෝලයක් නොමැති බව පෙන්වීමට ඉතා හොඳ නිදසුනක් වෙයි. එනම් තරුවක් චන්ද්‍රයා පසුකිරීමේදී හ‍ෙඳෙන් තරුව වැසෙන තෙක් එය නොකඩවා දිලිසෙයි. ඉන්පසු ක්ෂණයකින් අතුරුදහන් වෙයි. එහෙත් චන්ද්‍ර පෘෂ්ඨය වටා ළන වායුගෝලයක් වූයේ නම් තත්පර කිහිපයකට පෙර තරුව චංචල වී ප්‍රභාත්මක ගතිය හීන විය යුතු ය. වායුගෝලයක් නොමැති හෙයින් චන්ද්‍රයා මත දී ශබ්දයක් තිබිය නොහැකි ය. ධ්වනි තරංග ගෙනයනුයේ වාතය මඟින් ය. ඒ නිසා අභ්‍යවකාශ යානාවලින් ගමන් කරන ගගනගාමීන් චන්ද්‍රයා මත දී කතා කළ යුත්තේ විද්‍යුත් තරංග උපයෝගී කරගනිමින් රේඩියෝ මඟිනි.

හිරු රැසින් චන්ද්‍ර පෘෂ්ඨය ආවරණය නොවේ. සධ්‍යාහ්නයේ දී පෘෂ්ඨය මත උෂ්ණත්වය නටන ජලයටත් වැඩි වන අතර රාත්‍රී කාලයේ දී ශීත ඍතුව මැද දී සයිබීරියාවේ හෝ ඇන්ටාක්ටිකාවේ පවතින ශිතයටත් වැඩි ය. පෙටිට් (Pettit) හා නිකල්සන් (Nicholson) නම් විද්‍යාඥයින් සොයාගෙන ඇති අන්දමට පර ස‍ෙඳෙහි සූර්ය මධ්‍යාහ්න ලක්ෂ්‍යයෝ නම් (mid-solar points) උෂ්ණත්වය සෙ. 1340ක් ද ඒ වේලවෙහි ම චන්ද්‍රයාගේ මුහුණතෙහි දාරයක උෂ්ණත්වය සෙ.670ක් ද වේ. රාත්‍රී කාලයේ දී චන්ද්‍ර පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙ. 1530 දක්වා පහත වැටේ. ග්‍රහණ කාල තුළ දී චන්ද්‍ර පෘෂ්ඨය මත සමාකාර උෂ්ණත්ව වෙනස්කම් සිදු වේ. ජේගර් (Jaeger) සහ හාපර් (Harper) නම් විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් පසුව මේ උෂ්ණත්ව වෙනස සිදුවන්නේ චන්ද්‍ර පෘෂ්ඨය උස් පරිවාරකතාවකින් යුත් දූලි තට්ටුවකින් වැසී ඇති නිසා බව පෙන්වූහ.

සූර්යයා චන්ද්‍රයා මෙන් 465,000 වාරයක් දීප්තියෙන් වැඩි ය. සූර්යයා තාප ප්‍රභවයක් වීම මෙයට හේතුව ය. මේ දීප්ති සන්සන්දනයේ දී නිරික්ෂණ දෝෂ 20%ක් පමණ සැලකූ විට තවත් 20%ක පමණ දීප්ත වෙනස්වීමක් සිදුවන්නේ චන්ද්‍රයාගේ සිට පෘථිවියට ඇති දුරේ වෙනස්වීම හේතුකොට ගෙන ය. චන්ද්‍ර පෘෂ්ඨය මත වැටෙන සූර්යයාලෝකයෙන් චන්ද්‍රයා පරාවර්තනය කරනුයේ 0.073ක් පමණ ය. ඒ පෘෂ්ඨයේ රළුභාවය නිසා පරාවර්තනය වන ආලෝකය කලාවත් සමඟ ශීඝ්‍රයෙන් අඩු වේ. මෙය බලාපොරොත්තු වනවාට වඩා වැඩි අඩුවීමකි. චන්ද්‍රයා‍ගේ මුළු දීප්තිය මීටර්-ඉටිපන්දම් (meter-candle) 0.25කට සමාන ය.

දීර්ඝ කාලයක් තිස්සේ චන්ද්‍රයා සම්බන්ධ ව කරන ලද නිරික්ෂණ හා පරීක්ෂණ රාශියක ප්‍රතිඵලයක් ලෙස සොයාගත් නියත කිහිපයක් පහත චක්‍රයෙන් දැක්වේ.

චන්ද්‍ර මාසයට (සූර්යයාට සාපේක්ෂ ලෙස) දින 29.53059 කි.

නක්ෂත්‍ර මාසය (තරුවලට සාපේකෂ ලෙස) දින 27.32166 කි.

භූ-සමීපකයෙහි (perigee) පරිභ්‍රමණය දින 3232.6 කි.

පාතයෙහි (node) පරිභ්‍රමණය දින 6793.5 කි.

මාධ්‍ය විකේන්ද්‍රිකතාව 0.05490

ක්‍රාන්ති වලයයට චන්ද්‍රයාගේ සමකයෙහි ආනතිය 10 32'

චන්ද්‍ර අසම්පාතය (parallax) කලා 57' විකලා ,2.5

දෘෂ්‍ය මාධ්‍ය විෂ්කම්භය 31' 5.2

පෘථ්වියේ සිට මාධය දුර සැත.238'855

චන්ද්‍රයාගේ විෂ්කම්භය සැත.2,159.9

චන්ද්‍රයාගේ විෂ්කම්භය පෘථිවිය මෙන් 0.2725 ගුණයකි.

පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ බලය මෙන් 0.166කි.

චන්ද්‍ර පෘෂ්ඨයේ අදෆෂ්‍ය භාගය 0.410 කි.

මනුෂ්‍යයාගේ ජීවිතය කෙරෙහි චන්ද්‍රයාගේ බලපෑම පිළිබඳ සෙවීමේ පරික්ෂණවල ප්‍රතිඵලයක් ලෙස විශාල සැම්පල අනුසාරයෙන් දංඛ්‍යාලේඛනාත්මක පෙන්නුම්කිරිම්වලින් අවපක්ෂයේ සඳ ඇති කාලවලට වඩා පුරපක්ෂයේ සඳ ඇති කාලවල දී වැඩි උපත් සංඛ්‍යාවක් සිදුවන බව පැහැදිලි වේ. මේ අපත් සිදුවීමේ උපරිමය පුර හඳ ගෙවුණු විගස ද අවමය නව සඳ දිනයේ දී ද වේ. එහෙත් මෙසේ වූ චන්ද්‍රයාගේ බලපෑම භූගෝලීය පිහිටීම අනුව විවිධ වේ.

උපත සිදුවීම පිළිසඳ ගැනීමට සම්බන්ධ ය. පිළිසිඳ ගැනීම ඔසප් චක්‍රයේ කලාව මත රැඳී ඇත. ලේ ගලායෑම බොහෝ විට අවපක්ෂයේ සඳ ඇති කාලයට වඩා පුර පක්ෂයේ සඳ ඇති කාලයේ දී වේගයෙන් සිදුවන බව වාර්තා ගත වී ඇත. චන්ද්‍රයා විසින් වඩදිය හා බාදිය පාලනය කරන ආකාරයට ලේ ගැලීම ද පාලනය කරන්නේ යැයි මිථ්‍යා විශ්වාසය පවතී.

චන්ද්‍රාලෝකයෙන් යුත් රාත්‍රීකාලවල් බොහෝ මිනිසුන් හට අපූර්ව ආකාරයට බලපායි. උන්මාදය යන අර්ථයෙන් යුත් 'ලුනසි' (lunacy) යන වචනයෙන් චන්ද්‍රයා හා උමතුභාවය අතර සම්බන්ධතාවක් ඇති බව පෙනේ. ඇමෙරිකානු වෛද්‍ය කාලගුණ විද්‍යායතනය (American Institute of medical climatology) මගින් මනුෂ්‍යයාගේ හැසිරීම කෙරෙහි පුරා ස‍ෙඳෙහි බලපෑම සම්බන්ධ වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදි. ප්‍රබල මානසික සචල භාවය සම්බන්ධ ගිනි තැබීම්, නැතිබැරි කමෙන් තොරව සොරකම් කිරීමට පෙළඹීම්, විනාශකාරී පෙළඹීම්, මිනීමැරීම් හා මද්‍යසාරයෙන් ශරීරයට වන හානි හා සම්බන්ධ අපරාධ එහි අඩංගු වූ අතර ඒ අපරාධ පුරා සඳ ඇති විට දී උපරිම දැක්වූහ. වලාකුළු සහිත රාත්‍රීකාල මේ බලපෑමට ප්‍රතිරෝධයක් නොවීය.

පසුව අවුරුදු කිහිපයක් තිස්සේ මානසික රෝගීන්ගේ හිස හා පපුව අතර විද්‍යුත් විභව (electrical potential) වෙනස මැනීමෙන් කරන ලද පරික්ෂණවලින් චන්ද්‍රයා හා මිනිසා අතර මානසික සම්බන්ධතාවක් සොයාගන්නා ලදි. විශේෂයෙන් ම මානසික රෝගීන්ගේ හිසේ පපුවේ පාඨාංක අතර වෙනස චක්‍රීය ආකාරයට දිනෙන් දින වෙනස් වන අතර පුර සඳ ඇති දිනයන්හිදී එය උපරිම විය. එසේම ක්ෂය‍ රෝගය නිසා සිදුවන මරණ පුරා සඳට දින 7ක් ප්‍රථම ප්‍රථම වඩාත් බහුල වන අතර සිරුරේ ලේවල Ph ප්‍රමාණය චන්ද්‍ර වක්‍රය හා සම්බන්ධතාවක් ඇති බව ද වාර්තා වේ. (Ph යනු ක්ෂාරයට අම්ලය දක්වන අනුපාතයයි.)

(කර්තෘ: ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වලිසිංහ: 1977)

(සංස්කරණය නොකළ)

චන්ද්‍රයා

ජ්‍යෝතිශ්ශාස්ත්‍රීය මතය අනුව, ග්‍රහදේව රාජ්‍යයේ රාජනිය ලෙස සැලකෙන චන්ද්‍රයා ලෝකයේ මාතාව සේ සැලකේ. ජීව ලෝකයේ පැවැත්ම සඳහා සූර්යයා තරමටම වැදගත් ග්‍රහයෙකි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි සූර්යයා ස්ථිරත්වය ප්‍රකාශ කරන ග්‍රහයා වන අතර චංචලත්වය පිළිබද බලපාන ග්‍රහයා ලෙස සැලකෙනුයේ චන්ද්‍රයා ය. පෘථිවියට අයත් ග්‍රහයකු වන චන්ද්‍රයා පෙරදිග ජ්‍යෝතිශයෙහි ප්‍රම්ඛත්වය හිමිවන ග්‍රහයා ය. බලය අතින් චන්ද්‍රයා දෙවැනි වනුයේ සූර්යයාට පමණි. සත්ත්ව ගුණයෙන් යුක්ත චන්ද්‍රයා ශුභාශුභ කථනයෙහි ලා ප්‍රධාන වේ. ලග්නය ශරීරය ලෙස ද නකත් ෂඩාංගය ලෙස ද සඳ්‍ර ප්‍රාණය ලෙස ද ග්‍රහයන් සප්තධාතු ලෙස ද හරජි ප්‍රකාශ කොට ඇත. චන්ද්‍ර කුණ්ඩලී විචාරයෙහි චන්ද්‍රයා චිත්තය ලෙසත් සිනිසාගේ ශුභාශුභ නමැති වෘක්ෂයෙහි බීජ ලෙසත් හැඳින්වෙයි. දිව්‍ය මාතාව ලෙස පිළිගැනෙන චන්ද්‍රයා ජීව ලෝකයෙහි විපර්යාස කෙරෙහි මූලික වශයෙන් බලපාන ග්‍රහයා වේ. සත්ත්ව ශරීරයේ‍ සෙමට හා තෙතමනයට අධිපති ය.

ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි දී චන්ද්‍රයා ශ්වේත වර්ණ වූ ශ්වේත වස්ත්‍ර දරන්නා වූ අසුන් දස දෙනකු යෙදූ ධවල වාහනයකින් ගමන් කරන්නා වූ එක් හස්තයකින් ගදායුධයක් දරන්නා වූ ග්‍රහ දේවතාවකු ලෙස හඳුන්වා දී තිබේ. ග්‍රහ දේව රාජ්‍යයේ රවි මෙන්ම චන්ද්‍රයා ද රජුන් ලෙස සැලකේ. වයඹ දිගට අධිපති චන්ද්‍රයා වෛශ්‍ය වංශයට අධිපතියා වේ.

ලවණ රසයට අධිපති චන්ද්‍රයා සෞම්‍ය ග්‍රහයෙකි. එහෙත් ක්ෂීණ චන්ද්‍රයා පාපයෙකි. අශුභ පළ දීමෙහි මූලික වේ. වෘෂභ රාශියට අධිපති චන්ද්‍රයා එම රාශියේ තෙවන අංශකයේ දී පරම උච්ච ග්‍රහයා ද එහිම 27 අංශකයේ දී මූල ත්‍රිකෝණ හිමියා ද වේ. රවි බුධ චන්ද්‍රයාට මිත්‍රග්‍රහයෝ වෙති. සතුරෝ නැත. චන්ද්‍රයා උදග්බලී යනුවෙන් ද හැඳින්වෙනුයේ උතුරු දිගට බලපවත්වන ග්‍රහයා වන හෙයිනැයි ජ්‍යෝතිෂ මතයක් පවතී. රාත්‍රී මුඛයෙහි බලවත් වන චන්ද්‍රයා ස්ත්‍රීරාශිගතවූ කල්හි ද අන්ත දොෂ්කාණයෙහි ද බලවත් ය. චන්ද්‍රයා මධ්‍යම වයසෙහි සිටින්නෙකි. ග්‍රහ ස්වරූප වර්ණනයෙහි දී චන්ද්‍රයා කාමුක චිත්තාකර්ෂණීය භාෂණයෙන් යුක්ත උගත්, රැලිගැසුණු, කලු හිසකේ ඇති, නෙළුම්පෙති බඳු ඇස් ඇති වාසෙම් බහුල වටකුරු ශරීරයක් ඇත්තකු සේ සඳහන් වේ.

ඵලාඵල කථනයෙහි දී මූලික වන්නා වූ චන්ද්‍රයාගෙන් යෙදෙන ශුභාශුභ විමසීම සඳහා යොදා ගැනෙන චන්ද්‍ර කලා නල චක්‍රය චන්ද්‍රයා පිහිටි නක්ෂත්‍රය මුල් කැරගත් සූත්‍ර විධියෙකි. රාත්‍රියෙහි ප්‍රථම තෘතියාංශකයෙහි චන්ද්‍රයා බලවත් වේ.

ඵලාඵල කථනයෙහි දී සඳුගෙන් දෙවැන්නේ රවි හැර අන් කිසි ග්‍රහයකු සිටි කළ සුනඵා නම් යෝගය යෙදේ. සඳුගෙන් දොළොස්වැන්නෙහි සහ දෙවැන්නෙහි ග්‍රහයන් දුරධර නම් යෝගය යෙදේ. සඳුගේ දොළොස්වැන්න හා දෙවැන්න ග්‍රහයන් නොපිහිටන ලද කල්හි කෙමද්‍රැම යෝගය වේ. සඳු රවිගෙන් කේන්ද්‍රයෙහි පිහිටි කල්හි කේමද්‍රැම යෝගය භංග වන්නේය.

චන්ද්‍රයා උච්චක්ෂේත්‍ර ගතවීම ස්ත්‍රීකේන්ද්‍රයෙක මහත් බලයෙකි. රූප ශෝභ‍ාව, පති භක්තිය, උතුම් සිතිවිලි ඇතිවීමට චන්ද්‍රයා මූලික වේ. ශරීරයේ තෙතමනයට සෙමට අධිපති ‍වේ. දරුවන් පිළිසිඳීම, දරු උපත්, ඔසප්වීම, චන්ද්‍රයාගේ බලපෑම අනුව සිදුවෙයි. එක් රාශියක ගමන් කිරීමට දින එකහමාරක කාලයක් ගතකරන චන්ද්‍රයාගේ වෙනස්වන ගතිය දිනපතා අඩුවැඩි වන හෙයින් සිතේ චංචලභාවය, අස්ථිර ගතිපැවතුම් ජන්ම සමයෙහි චන්ද්‍රයාගේ ස්වභාවය අනුව පිහිටන්නේ යයි ජ්‍යෝතිෂ්‍යාචාර්ය මතය වන්නේ ය.

පුරුෂයන්ගේ දකුණු ඇස ද ස්ත්‍රීන්ගේ දකුණු ඇස ද චන්ද්‍රයාට අයත් ය. ශරීරයේ මෘදු මොළය, තෙල, සෙම, සෙම්වැදලි චන්ද්‍රයාගේ බලපැම යටතේ පවතී. මනුෂ්‍ය ශරීරයේ උගුර, සෙම් නාලය, ආමාශය, ගර්භාෂය, මුත්‍රාශය හා ස්ත්‍රීන්ගේ පයෝධර සියුම් අංග චන්ද්‍රයාට හිමි ය.

ක්ෂීණ චන්ද්‍රයාගේ හෝ ශත්‍රැරාශිගත චන්ද්‍රයාගේ බලපෑමෙන් අපස්මාරය, පක්ෂාඝාතය, කාශරෝග, සරම්ප, පණුරෝග, ග්‍රහණි රෝග, ජලඋදිර රෝග, චර්මරෝග, උමතුරෝග, ගුල්ම රෝග, වකුගඩුරෝග ආදිය සෑදේ.

විංශෝත්තරී දශාක්‍රමය අනුව චන්ද්‍රයාගේ මහදශා කාලය වර්ෂ 10කි. චන්ද්‍රයා අශුභ ඵල දෙන කල්හි චන්ද්‍රශාන්ති ස්නානය සඳහා පඤ්චගව්‍ය සහිත වූ පළිඟු ගජමද බෙලි මුතු ඵල නොළුම් කවඩි සක් යන ද්‍රව්‍ය බහාලන ජලය යෝග්‍ය වන්නේ ය. චන්ද්‍ර දානය සඳහා උණ පාත්‍රයෙහි බහාලූ සහල් ද කපුරු ද මුතු ඇට ද සුදු වස්ත්‍ර ද ගවයන් දෙදෙනෙක් ද රිදී ද ගිතෙල් පිරුණු කළයක් ද පූජා කළ යුතු වන්නේ ය. සඳු හිමි රත්නය මුතු ය. ග්‍රහමණ්ඩල ලක්ෂණ විස්තරයේ දී සඳුගේ මණ්ඩලය සතරැස් ලෙස දක්වා තිබේ.

සඳුට සුදු හඳුන් ධූපය ද ගිතෙල් මිශ්‍ර විලවුන් යුත් ධූපය ද ගිතෙල් මුසු කිරිබත් ද පිදීමෙන් අපල දෝෂ සමනය වන්නේ යයි දක්වා තිබේ. සංහිතා යජූර් වේදයෙහි චන්ද්‍ර දෝෂ සමනය සඳහා ආපභයසෙවති මන්ත්‍රය ජපකළ යුතු යයි සඳහන් වේ.

(චන්ද්‍රයා උච්චක්ෂේත්‍රව පිහිටීම මනුෂ්‍යයන්ගේ රූපශෝභා වර්ධනයට හේතු ‍වේ. පිළිසිඳීම්, දරු උපත්, ඔසප්වීම් ආදිය චන්ද්‍රයාගේ ගෝචරය අනුව සිදුවේ. චිත්තභීතිය, චංචලත්වය කෙරෙහි මෙන්ම හදිසි අනතුරු කල් පවතින මානසික රෝගාබාධයන් ද චන්ද්‍රයාගෙන් යෙදෙන අශුභ ඵල වශයෙන් සැලකිය හැකිය. පුර චන්ද්‍රයා සියලු යහපත සැලැසීමෙහි දී ප්‍රධාන වන අතර අවචන්ද්‍රයා සියලු අයහපතට මුල්වෙයි. අවචන්ද්‍රයා අශුභයෙකු ලෙස සැලකෙන අතර ශුභ කටයුතු සඳහා යහපත් නක්ෂත්‍ර මුහුර්ති පරීක්ෂා කිරීමේදී පුරචන්ද්‍රයා මූලිකත්වයෙහි ලා ගණනය කිරීම පෙරදිග ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්ගේ සම්ප්‍රදායයි.

පුර චන්ද්‍රයා සත්ව ශරීරයෙහි පිරිසිදු රුධිරය සියුම් සිතුවිලි, සියුම් ශාස්ත්‍රාවබෝධඥානය, ලබාදෙන බලවත් ග්‍රහයෙකි. පුරුෂයන්ගේ වම් ඇසට ද ස්ත්‍රීන්ගේ දකුණු ඇසට ද අධිපති චන්ද්‍රයා බලහීනව උපන් මනුෂ්‍යයා අවාසනාවන්තයකු ලෙස සැලැකේ. කේමද්‍රැම යෝගය හා චන්ද්‍ර ඒරාෂ්ටක යෙදීමේදී චන්ද්‍රයාගේ බල දුබලතා මූලික වන්නේ ය.

උගුර සෙම්නාලය ආමාශය ගර්භාෂය මුත්‍රාශය ස්ත්‍රීන්ගේ පයෝධර හා ශරීරයේ සූක්ෂ්ම රුධිර නාල චන්ද්‍රයාට අයත් ය.

අපස්මාර, බෙල්ල මහත්වීම, කෘමි රෝග, ගුදර රෝග, වකුගඩු රෝග, මන්දබුද්ධිකතාව, හොරි දද ආදිය අශුභ චන්ද්‍රයාගේ බලපෑමෙන් ඇති වන රෝග ලෙස ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින් විසින් හඳුන්වා දී තිබේ.

ශාන්ති කර්මයන්හි දී ගැනෙන පරිදි සඳුගේ මණ්ඩලය චතුරශ්‍රය. සඳුට ගිනිකොණ ගැබ හිමි ය. දිශාව පශ්චිම දිශාවයි. සුදු පැහැ යුත් චන්ද්‍ර දිව්‍ය රාජයා ශ්වේත වස්ත්‍ර දරන්නේ අසුන් දහ දෙනෙකුගෙන් යුත් ශ්වේත වර්ණ වාහනයකින් සංචාරය කරයි. ගදායුධයක් දරන්නා වූ චන්ද්‍රයාට බාහුද්වයක් ඇත්තේය. ග්‍රහ ජාත භූමි වර්ණයෙහි දී චන්ද්‍රයා යමුනා නදී බඩ උපන්නේ යයි සඳහන් වේ. ආත්‍රෙය ගෝත්‍රයෙහි ය. අධිපති දෙවියා වරුණ ය. ස්වාමි දේවතාවා ජල දේවතාවා ය. යජුර් සංහිතාවෙහි සඳහන් පරිදි චන්ද්‍රයාගෙන් පැමිණි අපල දුරුකැරැලීම් වස් ආප්‍යායස්වෙන් මන්ත්‍රය ජප කළ යුත්තේ ය. ගිතෙල් මුසු කිරිබත් ද ගිතෙල් මිශ්‍ර වූ සුදුසඳුන් විළඳින් යුත් දුම ද පූජා කළ යුත්තේ ය. සඳුගේ අපල දුරු කැරලීමට මුතු පැළැඳීම ද ශාන්තිකර්මයෙකි.)

පෙරදිග ජ්‍යෝතිෂයෙහි පලාපල කථනයෙහි චන්ද්‍රයා ප්‍රධාන වෙයි. චන්ද්‍රයාගෙන් යෙදෙන යෝග ද ශුභ හෝ අශුභ හෝ ප්‍රතිඵල දීමෙහි දී බලවත් වන්නේ යයි පුරාණාචාර්යවරයන්ගේ මතය වේ. සඳගෙන් දෙවැන්නෙහි රවි, රාහු, කේතු හැර අන් ග්‍රහයකු සිටීම සුනඵා යෝගය නමින් හැඳින්වෙයි. එසේම සඳුගෙන් දොළොස්වැන්නෙහි රවි, රාහු, කේතු හැර අන් ග්‍රහයකු සිටියේ නම් ඒ අනවා යෝගය වේ. කිසියම් කේනද්‍රයක අනවා යෝග දෙකම පිහිටියේ නම් එය හඳුන්වන්නේ දුරධරා යෝගය නමිනි. චන්ද්‍රයා දෙපස ග්‍රහයන් නොසිටියේ නම් කෙමද්‍රැම යෝගය සේ සැලකේ.

චන්ද්‍රයාගෙන් යෙදෙව සුනඵා යෝගය බලවත් ශුභඵල ගෙනදෙන බව ශම්බු හෝරා ප්‍රකාශය ලියූ ප්‍රඤප්රාජ පඬිවරයා ප්‍රකාශ කරයි. සුනඵා යෝගය හේතු කොට ගෙන බුද්ධිය ද කීර්තිය ද ධනය ද රාජ්‍ය ලාභය ද ජන්මියා කෙරෙහි එළවන්නේ වෙයි. අනඵා යෝගය චතුර කථිකත්වය ද විනීත ගුණය ද ක්‍රියා ශූරත්වය ද ගෙන දේ. දුරධරා යෝගය සතුරන් මතුවීමෙහි බලය ද සකල සම්පත් ද හිමිකැර දෙන්නේ යැයි කියාවේ. චන්දුයා දෙපස කිසිදු ග්‍රහයකු නොසිටීමෙන් යෙදෙන කේමද්‍රැම යෝගය සියලු අශුභ ඵල උදාකෙරේ. මේ හැරුණු විට චන්ද්‍රයාගෙන් යෙදෙන ශුභ හෝ අශුභ යෝග රැසකි. චන්ද්‍රාධියෝගය ඒ අතරින් තවත් බලවත් යෝගයකි.

සඳුට ඉරු බුද්ධ ග්‍රහ යුවල මිත්‍ර ය. සෙසු ග්‍රහයන් උදාසීන ය. ක්ෂීණ චන්ද්‍රයා බලවත් අශුභයකු ලෙස සලකන අතර පූර්ණ චන්ද්‍රයා සෞම්‍ය ග්‍රහයෙකි. වෘෂභ රාශිය සඳුට මුල ත්‍රිකෝණ වේ. සිව් වැන්නෙහි සිටි චන්ද්‍රයා දිග් බලය. උත්තර දිශා බලයෙන් යුක්ත වේ. චන්ද්‍රයා දිවා බලය උත්තරායනයට ගියා වූ චන්ද්‍රයා චෙල්ටා බලයෙන් යුක්ත වේ. නෛසර්ගික බලයෙන් ශුක්‍රට වඩා සඳු ප්‍රබල ය. පුර පක්ෂයෙහි පෑලවිය පටන් දස දිනක් ගතවන තුරු චන්ද්‍රයා මධ්‍යම බලයෙන් ද දෙවැනි දස දිනෙහි පූර්ණ බලයෙන් ද තුන්‍වෙනි දස දිනෙහි හීන බලයෙන් ද යුක්තයි. ප්‍රසන්න මණ්ඩලයෙන් ද පංචෝපද්‍රවයෙන් මුක්ත වූ ද කලා සොළොස් පිරුණා වූ ද චන්ද්‍රයා බලයෙන් යුක්ත රාශියෙකි. වී නම් උත්තම ඵල ප්‍රදානයෙහි සමත් වේ. ග්‍රහ කාරක සංඥ අනුව සඳු රජෙකි. ශරීරයේ ලේ ධාතුවට බලපායි. සෙම වඩයි.

දශා පිළිවෙල අනුව චන්ද්‍රයාගේ මහ දශාව වර්ෂ 10ක් පවතී. කේන්ද්‍රයෙහි ශුභ ස්ථානගතව ග්‍රහ රාශියක සිටි චන්ද්‍රයාගේ දශාව සියලු ශුභ ඵල දීමෙහි සමත් වේ. ධනලාභ ද පුෂ්ප වස්ත්‍ර ආභරණ ලැබීම ද දෙවියන්ගෙන් බ්‍රාහ්මණයන්ගෙන් හා මන්ත්‍ර කෙරෙන් ලාභය ද චන්ද්‍රයාගේ මහ දශාවෙහි දී දැනය කෙරෙතැයි විශ්වාස කෙරේ.

සඳු ග්‍රහයාගේ ස්වාමි දේවතාවා ජල දේවතාවා ය. නැතහොත් වරුණ ය. චන්ද්‍රයාගේ ග්‍රහ ප්‍රතිමා ලක්ෂණ වශයෙන් දක්වා ඇත්තේ බාහු ද්වයක් ඇත්තා වූ ද ගද්‍රායුධයක් දරන්නා වූ ද ශ්වෙත වර්ණ ව්‍යාසනයකින් ගමන් ගන්නා වූ ද ශ්වතෙ වස්ත්‍ර දරන්නා වූ ද දෙවතා ලක්ෂණ යුක්ත වූ ආකාරයෙනි. ශාන්ති පීඨයෙහි සඳු ග්‍රහයාට හිමිවනුයේ ගිනිකොණ දිග ය. සඳුගේ මණ්ඩලය හතරැස් ය. සඳුට හිමි සඳුන් සුවඳ ය. ගිතෙල් මිශ්‍ර වූ විලඳ ධුමය සඳුට පූජා පිණිස ගැනේ. ගිතෙල් මුසු කිරිබත් සඳුගේ අපල දුරුකරන පිණිස කැරෙන ග්‍රහ පූජාවන්හි දී පිසේ. චන්ද්‍රයා කෙරෙන් යෙදෙන අපල දෝෂ ව්‍යුවසමනය පිණිස පංච ගව්‍ය ද පිලිඟු ගජ මද බෙලි මුතු ඵල නෙළුම් කවඩි සක් යන ද්‍රව්‍ය කකාළ ජලයෙන් ස්නානය කළ යුතු යයි පුරාණ ඍෂීහු ප්‍රකාශ කළහ. එසේම චන්ද්‍රයාගේ දෝෂ දුරුවීම සඳහා උණ පුරුකෙහි බහා ලූ සහල් ද කපුරු ද මුතු ඇට ද සුදු වස්ත්‍ර ද ගවයන් දෙදෙනෙකු ද රිදී ද ගිතෙල් පිරුණු කළයක් ද පිදිය යුතු වේ. සඳුට හිමි මාණික්‍ය මුතුවකි.

(කර්තෘ: සරත්චන්ද්‍ර ජයකොඩි: 1981)

(සංස්කරණය නොකළ)

චන්ද්‍රයා

චන්ද්‍රයා හා චන්ද්‍ර, සොම යන නම්වලින් හැඳින්වෙන දිව්‍ය පුත්‍රයා ගැන ද මහාභාරත, බ්‍රහ්මවෛවර්ත පුරාණ, පද්මපුරාණ, ස්කන්ධ පුරාණ, වසිෂ්ඨ සංහිතා, විදිවිලක්කම් ආදි ග්‍රන්ථවල ඇතුළත් කරුණු මීට පෙර විශ්වකෝෂයට ලියන ලද ලිපියෙහි සඳහන් කර ඇත. එහි ඇති අනවශ්‍ය කොටස් කපා හැර ලිපිය යථායෝග්‍ය පරිදි සකස්කර ගන්නා මෙන් ඉල්ලමි. මෙහි පහත දැක්වෙන කොටස අවශය නම් ඇතුළත් කර ගත මැනවි.

අපට අහසේ දක්නට ලැබෙන චන්ද්‍රයා වනාහි චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාගේ විමානය සේ සැලකේ. චන්දිමා දෙව‍පුත්තොයනුවෙන් චන්ද පිරිතෙහි සඳහන් වන්නේ ද එම දිව්‍ය පුත්‍රයා ය. අපට දක්නට ලැබෙන චන්ද්‍රයා ස්ත්‍රී ග්‍රහයෙු බැව් හෝරා ශාස්ත්‍රයෙන් පැවසේ. එහෙත් පිරිතෙහි සඳහන් වන චන්ද්‍රයා "චන්දිමා‍ දෙවපුත්තො" යයි පුරුෂවාචක පදයක් යොදා තිබීමෙන් මෙහි වෙනස තවදුරටත් පැහැදිලි වේ. වරක් චන්දිමා දේවපුත්‍රයා රාහු විසින් ග්‍රහණය කළ අවස්ථාවෙහි ඔහු බුදුරජාණන් වහන්සේගේ පිහිට අයැද සිටි බවත් එකල භාග්‍යවතුන්වහන්සේ රාහුට ඔහු ග්‍රහණයෙන් මුදන ලෙස නියම කළ බවත් එකෙණෙහිම රාහු එය ඉටු කළ බවත් සංයුත්ත නිකායෙහි සඳහන් වේ.

අර්ථකථාවල එන විස්තරවලට අනුව විශාලතම දෙහයක් ඇති රාහු අසුරෙන්ද්‍රයා හිරු සඳු දෙනොගේ ගමන්මාර්ගවල මුඛය අයාගෙන රැකසිටින බවත් ඔහුගේ මුඛයට අසුවූ විගස ස්වකීය විමන් අත්හැර ජීවිතාරක්ෂාව පිණිස පලායන බවත් ඇතැම්විට රාහු ස්වකීය හස්තයෙන් හෝ හක්කේ පහත කොටසින් හෝ දිවෙන් ඔවුන්ගේ විමාන ක්‍රීඩා භාණ්ඩයක් මෙන් ස්පර්ශ කරමින් විනෝද වන බවත් ඇතැම් විට විමාන ඔසවා කම්මුල මත තබාගන්නා බවත් එහෙත් ඔහුට කිසි විටෙකත් ඒ දෙදෙනාගේ ගමන වළක්වන්ට නොහැකි බවත් එසේ කළහොත් ඔහුට විපත් (අනතුරු) සිදුවිය හැකි බවත් කියැවේ. හිරු සඳු දෙදෙනාට ඇතිවන පඤ්චොපක්ලේෂයන් (අභ්‍ර, මහික, ධූම, රජස්, රාහු) ගෙන් එකක් හැටියට ද රාහු ඇතුළත් කර තිබේ.

අපට අහ‍සේ දක්නට ලැබෙන චන්ද්‍රයා වනාහි චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාගේ විමානයයි. "චන්දිමා දෙවපුත්තො" යනුවෙන් චන්ද පිරිතෙහි සඳහන් වන්නේ ද එම දිව්‍ය පුත්‍රයා ය.

මෙතෙක් දැක්වූ කරුණුවල‍ට අනුව රාහුගේ ග්‍රහණයට අසුවන්නේ සූර්යචන්ද්‍ර දිව්‍යපුත්‍රයන් නොව ඔවුන්ගේ විමාන බව පෙනේ.

දැනට පූර්වාපර ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්‍ගේ පිළිගැනීම පෘථිවියේ ඡායාව නොහොත් අඳුර රාහු හැටියට ය. ඒ අනුව පෘථිවි ඡායාවෙන් හිරු ආවරණය වූ විට සූර්යග්‍රහණය ද සඳු ආවරණය වූ විට චන්ද්‍රග්‍රහණය ද වන බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1978)

(සංස්කරණය නොකළ)

චන්ද්‍ර ගවේෂණය

මිනිසුන් සහිත සහ රහිත අභ්‍යවකාශ ගණක මඟින් විද්‍යාත්මක කරුණු සෙවීම සිදුකරනු ලැබේ. පෘථිවියට ආසන්නතම ආකාශ වස්තුව නිසා, අභ්‍යාවකාශ ගවේෂණය ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව විසින් අරඹන ලදි. 1959 සැප්තැම්බර් 12 වැනි දා ලූනා-2 නමැති සෝවියට් අභ්‍යාවකාශ යානය සඳමත පතිත විය. එය සඳ මත පතිත වූ පළමු අභ්‍යකාශ යානයයි. එම අවුරුද්දේ ම ඔක්තෝබර් 4 දින ලූනා-3 යානය සඳ මත පතිත විය. මේ යානා මඟින් ස‍ඳෙහි සිට (සැ.4,300) ස‍ඳෙහි අඳුරුපැත්ත 6,880 කි.මී.) පින්තූරගත කරන ලදි. 1964 සිට 1968 දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය චන්ද්‍ර සෝදිසි () යානා මඟින් පරීක්ෂණ මාකාලවක් ම සිදු කරන ලදි. මෙහි ප්‍රතිභලයක් වශයෙන් ඇපලෝ වැඩසටහන ක්‍රියාත්මක විය. එමඟින් සඳ මත මිනිසුන් පෙන්වන ලදි.

රේන්ජර් අභ්‍යාවකාශ යානා 3 මඟින් 1964-65 කාලය තුළ චන්ද්‍රයාගේ පින්තූර 17,000 පමණ පෘථිවියට එවන ලදි. 65-67 කාලය තු චන්ද්‍ර () කක්ෂයන්ගේ () වටා ගමන් කරමින් ගමන් කළ අභ්‍යාවකාශ යානා 5ක් මඟින් ...................... සහිත පින්තූරු 2000ක් පමණ පෘථිවිය වෙත එවන ලදි. මෙය චන්ද්‍ර පෘෂ්ඨයේ 98%ක් පමණ ආවරණය වන සේ සීරුවෙන් සඳ මත පතිත කරවන ලද සර්වේයර් සෝදිසි යානා මඟින් පින්තූර 80,000ක් පමණ එවන ලදි. ඒ අතර එමඟින් චන්ද්‍ර මතුපිට ස්වභාවය පිළිබඳවත් පරිසරය පිළිබඳවත් තොරතුරු රැසක් පෘථිවිය වෙත එවන ලදි. 1969 ජූලි 20 දින ඇපලෝ-2 යානය මඟින් නීල් ඒ. ටෙරස් හා එඩ්වින් ඊ. ඇල්ඩ්‍රින් සඳමත ගොඩබැසීමෙන් මිනිසා විසින් ම සඳ ගවේෂණය ආරම්භ විය.

.................................... මඟින් හඳුන්වනු ලබන චන්ද්‍ර සානුවෙහි මොවුන් ගොඩබසින ලදි. 1969 නොවැම්බරයේ ................ සිට 1972 දෙසැම්බරය කාලය තුළ ඇමෙරිකානු අභ්‍යවකාශගාමීන් පස් වරක් සඳ මත ගොඩ බටහ. මොවුහු චන්ද්‍රයාගේ විවිධ ප්‍රදේශ ගවේෂණයට ලක් කළහ. චන්ද්‍රයා මඟින් විවිධ පාෂාණ වර්ග, පස් සාම්පල් හා විශාල ප්‍රමාණයක් පින්තූර මොවුන් පෘථිවිය වෙත ගෙන ආහ. චන්ද්‍රයා‍ගේ අභ්‍යන්තර ස්වභාවය පිළිබඳව කරුණු අධ්‍යයනය කළ මොවුන් රුසියාන මිනිසකු සඳ මත ගොඩ නොබැස්සුව ද ඔවුන් සඳ මත රොබෝ වාහන () 1970 හා 1972 දී සඳ මත ගොඩබස්වන ලදහ. මොවුන් මේ කාලයේ දී ම චන්ද්‍ර .................... වූ පස් සාම්පල් ද ලබා ගැනීමට සමත් වූහ. චන්ද්‍රයා තම අක්ෂය වටා භ්‍රමණය වීමට දින 29, ½ක කාලයක් ගනී. චන්ද්‍රයා පෘථිවය වටා භ්‍රමණය වීමට ගන්නා කාලය හරියට ම දින 29, ½කි. මේ හේතු කො‍ට ගෙන චන්ද්‍ර පෘෂ්ඨයේ එක් පැත්තක් පමණක් පෘථිවියට පෙනේ.

සඳ මතුපිට දක්නට ලැබෙන ................. දේ ඇතැම් ................. අධි ප්‍රවේගයෝ සඳ මත පතිත වන උල්කාපාත () නිසා මෙම විලවල් සෑදී ඇතැයි සිතනු ලැබේ. මේ හැම විලක ම පැහැදසිලි ව පෙනෙන දාරයක් () ඇත. ඇතැම් දාරය සාමාන්‍ය මතුපිටට වඩා 1500 ............... බොහෝ ආවාටවල මැද කොටසේ () උස් වූ මුදුනක් දක්නට ඇත. .............. කළු පැහැයට පෙනෙන සඳ මත කොටස මේරියා නමින් හැඳින්වේ. මේවායේ ඇති ආවාට ප්‍රමාණය සාපේක්ෂ ලෙස අඩු ය. ආවාට සෑදුන පසු ...................... තවත් කැපී පෙනෙන භූ ලක්ෂණයක් වනුයේ කිලෝමීටර් සිය ගණනක් දිගට විහිදී ගිය ගැඹුරු අගල් සහිත වීමයි. එකිනෙකට මේවා සමාන්තරව පිහිටා ඇති අතර, ආවාට තුළ ද කඳු බෑවුම්වල ද දක්නට ලැබේ.

(කර්තෘ: කේ.සී. පෙරේරා: 1978)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=චන්ද්‍රයා&oldid=4688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි