චුකිකමාටා (Chuquicamata)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

චිලී රටට අයත් අන්ටොෆගස්ටා (Antofgasta Province) පළාතෙහි පිහිටි තඹ ආකර සහිත නගරයකි. ලෝකයේ පිහිටි තඹ ආකර අතරින් විශාලතම ආකරය මෙය වන අතර ලෝක තඹ නිෂ්පාදනයෙන් ½ ක් ම මේ මගින් නිපදවනු ලැබේ.

1915 දී ගොඩ කැණීම් ආරම්භ කිරීමෙන් පසු 1952 වන විට තඹ උණු කිරීම සහ කුට්ටි සකස් කිරීම ආරම්භ කරන ලදි. ඉන්පසු 1968 දී තඹ ශෝධනාගාරයක් තැනවීම නිසා 1970 වන විට අවුරුද්දකට ටොන් 500,000 ප්‍රමාණයක් නිපදවිය හැකි විය.

කණන ලද තඹ ලෝපස් පිටරට පැටවීම සඳහා සැතපුම් 140 (කිලෝ මීටර 225) ක් ඈතින් පිහිටි ඇන්ටොෆගස්ටා නගරයට බොලිවියා දුම්රිය මගින් ගෙනයනු ලැබේ. මෙම ආකරයට යාබද ව ඇති සාගස්කා (Sagasca) සහ එක්ස්ඔටිකා (Exotica) හි ද ලෝපස් කණිනු ලැබේ. 1969 වන තෙක් මේවායේ පාලනය ගෙන ගියේ පිටරැටියන් වුව ද 1969 දී ප්‍රථම වරට වරට චිලී වැසියන්ගේ පාලනය යටතට පත් විය.

-විජායි සමරවික්‍රම-

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=චුකිකමාටා_(Chuquicamata)&oldid=116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි