චෙන් පෙළපත (Chen)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රි.ව.557-589 හන් පෙළපත බිඳ වැටීමේ සිට සූයි (Sui) පෙළපතේ නැගීම දක්වා කාලය තුළ චීනයේ පාලන බලය හෙබවූ පෙළපත් හය අතුරින් එකකි.

දකුණු චීන දේශසීමා නගරවල ආරක්ෂක විධි විධාන පැවැත්වීම මෙකල සිරිතක් ව පැවතිණි. ඒවා භාර ව පත් වූ හමුදා නායකයෝ අවස්ථාව ලද කෙණෙහි ම සිහසුන ලබාගැනීමේ ආශාවෙන් මඩනා ලදදෝ වූහ. රාජ ලේවලට උරුමය නොකීවකු මෙලෙස බලය ලද්දේ වී නම් ඔහු විසින් රාජ්‍යයට වෙනත් නමක් දී නව පෙළපතක් අරඹන ලදි. චෙන් පෙළපතේ ආරම්භය ද එලෙස සිදුවිනැයි පැවසේ.

මෙකී පෙළපත් දේශපාලනමය හා යුද්ධමය වශයෙන් දුර්වල වීම හා අභ්‍යන්තර වියවුල් නිසා චෙන්වරුන් බලය දිනන විට ඔවුනට අයත් වූයේ යැංග්සි ගඟින් දකුණු දිග ප්‍රදේශ පමණි. ඔවුන් අගනුවර කොට ගත්තේ නැන්කිං ය.

එක්සත් චීනයක් බිහි කිරීම අරමුණු කරගත් සුයිවරුන් යැංග්සිං ගඟ තරණය කොට චෙන් අගනුවර අල්ලා ගැනීමෙන් පසු මෙම පෙළපත බිඳ වැටුනි.

-අජන්තා සී. දයාරත්න-

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=චෙන්_පෙළපත_(Chen)&oldid=118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි