ජෑස් සංගීතය (Jazz Music)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජෑස් සංගීතය (Jazz Music). කි‍්‍ර.ව. 1913-1915 කාලසීමාව තුළ ව්‍යවහාරයට පැමිණි ‘ජෑස්' යන වචනය අමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප‍්‍රාන්තවල නීග්‍රෝ-අමෙරිකානුවන් අතින් බිහි වී වර්ධනය වූ ‘හිටිවන’ නිර්මාණ විශේෂ ලක්ෂණයක් කොටගත් සංගීත ශෛලියක් හැඳින්වීම සඳහා යොදාගනු ලැබ ඇත. ‘ජෑස්’(Jazz) යන වචනයේ නිරුක්තිය අප‍්‍රකට ය. 19 වන සියවසේ අගභාගයේ නිව් ඕර්ලියනස් නගරයේල විශේෂයෙන් අමෙරිකානු නීග්‍රෝ ජාතිකයන් අතර බිහි වී, 20 වන සියවස ආරම්භ වන විට ප‍්‍රමුඛස්ථානයක් ගත් මෙම සංගීත ශෛලියේ මුඛ්‍ය ලක්ෂණය වූයේ හිටිවන නිර්මාණ, බටහිර අප‍්‍රිකාවේ ප‍්‍රචලිත රිද්ම රටා, යුරෝපීය සංවදන (Harmony) භාවිතය හා කලූ අමෙරිකානුවන් අතර ජනප‍්‍රිය කිතුනු බැති ගී ආදියේ සංකලනයක් වීමයි. ‘ජෑස්’ යන වචනය භාවිතයට ඒමට පෙර, මීට බොහෝ සෙයින් සමාන සංගීත ප‍්‍රභේදයක් හැඳින්වුණේ ‘රැග්ටයිම්’(Ragtime) යන නමිනි. එහෙයින් රැග්ටයිම් යනු ජෑස් සංගීතයේ පූර්වාකෘතිය ලෙස සැලැකේ. එය ප‍්‍රචලිත ව පැවැතුණේ 1890 සිට 1917 දක්වා වූ කාලසීමාව තුළ ය. යුද පෙළපාළි සඳහා යොදාගනු ලබන රිද්මය මත පදනම් වූල පියානෝව ප‍්‍රධාන කොටගත් වාද්‍ය සංගීතයක් වූ රැග්ටයිම් සංගීතයේ විශේෂ ලක්ෂණයක් වූයේ තාල වාදනයේ දී සාමාන්‍යයෙන් දුර්වල තාල ස්ථාන අවධාරණයෙන් යුතු ව වාදනය කිරීමයි. මෙය ඉංග‍්‍රීසියෙන් Syncopation යනුවෙන් හැඳින්වේ. වාද්‍ය සංගීතය අතරතුර ඇතැම් විට පද පැබැඳුම් ද ගායනා කැරිණි. පියානෝ රැග් සංගීතයේ ප‍්‍රමුඛයන් අතර ස්කොට් ජොප්ලින්, රොල් මෝර්ටන් හා ජේග පීග ජොන්සන් ප‍්‍රධාන යග ඇතැම් රැග් ප‍්‍රබන්ධ ප‍්‍රස්තාරගත කොට වයනු ලැබූ නමුත් ඒවායින් වැඩි හරියක් හිටිවන නිර්මාණ විය. ස්කොට් ජොප්ලින් විසින් නිර්මාණය කරන ලද රැග් අතිශයින් ජනප‍්‍රිය වූයේ යග මුල් ම රැග් සංගීත ශෛලිය බිහි වූයේ ජාතීන් මිශ‍්‍ර ව ජීවත් වූ, දීර්ඝ සංස්කෘතික සම්ප‍්‍රදායයක් පැවැති නිව් ඕර්ලියන්ස් නගරයේ යග එහි සංගීත කණ්ඩායම් සාමූහික ව හිටිවන නිර්මාණ සහිත සංගීතයක් ප‍්‍රගුණ කළහ. 19 වන සියවසේ අග භාගයේ දී නීග්‍රෝ-අමෙරිකානු සංගීත ප‍්‍රසංග සඳහා නීග්‍රෝ කිතුනු බැති ගී යොදාගනු ලැබී ය. මේවා දෙව්මැදුරුවල ගැයෙන සාමාන්‍ය ගීතිකාවලින් වෙන් ව හඳුනාගැනීම සඳහා Negro Spirituals යන නමින් හැඳින්විණ. මෙම ජනගීතිකා වර්ධනය වූයේ කි‍්‍ර.ව. 1740 දී පමණ ඇති වූ අමෙරිකානු ආගමික පුනරුදයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. 'Swing low, sweet chariot, coming for to carry me home' යනු ඉතා ජනප‍්‍රිය අමෙරිකානු - නීග්‍රෝ බැති ගීයෙකි. නීග්‍රෝ ජන ගායකයන් මෙම ගීත ගායනා කෙළේ පිළිගත් සම්ප‍්‍රදායකට අනුව නොව, ඔවුනට සිතුණු පරිද්දෙනි. වාද්‍යභාණ්ඩ වාදනය කරනු ලැබූයේ ද ඒ අයුරින් ම නිර්මාණාත්මක ලෙස ය.

1900 පමණ වන විට ‘blues’ නමැති ගායන ප‍්‍රභේදය අමෙරිකාවේ ප‍්‍රචලිත වන්නට විය. මෙය සාමාන්‍යයෙන් අසාර්ථක පේ‍්‍රම සම්බන්ධයක් නිරූපණය කරන, විලම්බ ලයෙන් ගැයෙන අනුවේදනීය ජෑස් ගීත විශේෂයෙකි. එහි එක් ගීයක් යති හතරේ පාද තුනෙකින් සමන්විත ය. ගී තනුව සාමාන්‍යයෙන් ශුද්ධ ස්වරවලින් ප‍්‍රබන්ධ වුව ද දුක්මුසුබව නිරූපණය සඳහා කෝමල ගාන්ධාරය හා කෝමල නිෂාදය ද යොදා ගැනේ. 1911-1914 කාලය තුළ ‘බ්ලූස්‘ සංගීතය ජනප‍්‍රිය කැරැවීමෙහි ලා විශාල කාර්යභාරයක් ඉටු කෙළේ ඩබ්ලිව්. සී. හැන්ඩි ය. සුප‍්‍රසිද්ධ බ්ලූස් ගායකයන් අතර බෙසී ස්මිත් හා බිලී හොලිඬේ ප‍්‍රධාන තැනක් ගනිති. මේ සියල්ලේ සංකලනයෙන් බිහි වුණු ජෑස් සංගීතයේ මුඛ්‍ය ලක්ෂණ පිළිබඳ විස්තරයක් පහත දැක්වේ:

ක්ෂණික නිර්මාණ (Improvisation) : නීග්‍රෝ අමෙරිකානුවන්ගේ මෙම ජන සංගීතය ඔවුන්ගේ සෑම කලාංගයක් මෙන් ම ක්ෂණික නිර්මාණයට බඳුන් විය. බොහෝ ගායකයනට හා වාදකයනට බටහිර ප‍්‍රස්තාර ක‍්‍රමය පිළිබඳ අවබෝධයක් නොතිබිණි. ගීතිකා ගායනයේ දී පවා දක්ෂිණ දේශවාසී නීග්‍රෝ ජාතිකයෝ බොහෝ විට අලූත් නාද රටා, අලංකාර, සංවදනය හා අලූත් වචන ද ක්ෂණිකව නිර්මාණය කරමින් උනුන් හා තරගාකාරයෙන් ඒවා ඉදිරිපත් කළහ. එසේ මල 1900 දී පමණ නිව් ඕර්ලියන්ස් නගරයේ නීග්‍රෝ ජාතික පිත්තල භාණ්ඩ වාදක මණ්ඩල යුද පෙළපාළි රිද්ම පදනම් කැරගෙන ක්ෂණික නිර්මාණයෙහි යෙදුණහ. වාදක කණ්ඩායම් දෙකක් හෝ කිහිපයක් වීදියේ දී මුණගැසුණු කල, ඒවායේ මුඛ්‍ය වාදකයෝ තම-තමන්ගේ භාණ්ඩ මගින් හිටිවන වාදනයෙන් උනුන් හා තරග වැදුණහ. මෙවැනි නවාංග ඉදිරිපත් කිරීමේ දී ප‍්‍රස්තාර කියැවීමේ පුහුණුවක් අවශ්‍ය වුව ද නීග්‍රෝ ජන ගායකයනට එම පුහුණුව නොතිබිණි. එහෙයින් ඔවුන්ගේ සංගීතය සාම්ප‍්‍රදායික බවින් හෝ හිටිවන ගායනය මගින් ලබාදෙන ලද විධිමත් බවින් යුක්ත විය. ඔවුන් තම සංගීතය දිග්ගැස්සූයේ නිර්මාණශීලී ගායන විවිධත්වයන් දිගින් දිගට ගෙනයාමෙනි.

ක්ෂණික නිර්මාණය අතින් ලොවැ අග‍්‍රගණ්‍ය සංගීත සම්ප‍්‍රදාය වන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීත සම්ප‍්‍රදායයි. එම සංගීතයේ ගායකයා හෝ වාදකයා පැයක් හෝ දෙකක් තිස්සේ ඉදිරිපත් කරන ගායනය හෝ වාදනය සියයට අනූවක් ම ක්ෂණික නිර්මිත සංගීතයෙන් අනූන වේ. එහෙත් උත්තර භාරතීය සංගීතඥයාට ඒ සඳහා මනා ශාස්ත‍්‍රීය පුහුණුවක් හා තාල පිළිබඳ අතිශය ගැඹුරු දැනුමක් ද අවශ්‍ය ය. ඔහුගේ ක්ෂණික නිර්මාණය සිදු විය යුත්තේ රාගයේ ලක්ෂණ උල්ලංඝනය නොකොටල සංකීර්ණ වූ තාලයේ ගමන නොබිඳ ඉතාමත් සැලැකිල්ලෙනි. එහෙත් ජෑස් වාදකයාට රිද්මය නොබිඳ අවස්ථාවට උචිත පරිදි නිර්මාණයෙහි යෙදීමේ නිදහස ඇත.

නාද රටාව හා සංවදනය : අප‍්‍රිකානු ජන සංගීතයේ විශේෂ ලක්ෂණයක් වන්නේ බටහිර සංගීතයේ සම්මත කරගනු ලැබ ඇති කෘත‍්‍රිම සප්තකයට (Tempered scale) වඩා වෙනස් වූ ස්වාභාවික සප්තකයක් භාවිත කිරීමයි. ඊට අනුව ඔවුන් යොදාගන්නා ඇතැම් ස්වර බටහිර සප්තකයේ ශුද්ධ (Natural) ස්වරයක් හා කෝමල (Flat) ස්වරයක් අතර ස්ථානයක් ගනී. ජෑස් සංගීතය ද ඒ අනුව යමින් විශේෂයෙන් කෝමල ගාන්ධාරයට (E flat) හා කෝමල නිෂාදයට (B flat) වඩා තාරතාවෙන් අඩු ස්වර ද යොදාගනී. එවැනි අගයක් ගන්නා සෙසු ස්වර ද කලාතුරකින් යොදාගැනේ. මෙකී බටහිර සප්තකයට අනුව ‘අසම්මත’ ස්වර පියානෝවල ගිටාරයල මැන්ඩලීනය වැනි ස්වර ස්ථාන ස්ථිර ලෙස පිහිටා ඇති වාද්‍යභාණ්ඩවලින් වාදනය කළ නොහැකි ය. එහෙත් බටනලාව, වයලීනය, සෙක්සොෆෝනය, ට්‍රොම්බෝනය, ක්ලැරිනට් වැනි භාණ්ඩවලින් ඒ ඒ ශිල්පක‍්‍රම යොදාගනිමින් එවැනි ‘අසම්මත‘ ස්වර වාදනය කළ හැකි ය. එවැනි අසම්මත ස්වර බටහිර සංගීතයේ ‘Blue notes’ නමින් හැඳින්වේ. සංවදනය ද එකී ස්වර හා පැහැසෙන පරිදි භාවිත කෙරේ.

මේ සමග ම විශේෂයෙන් සඳහන් කළ යුත්තක් ඇත. එනම්, භාරතීය සංගීතයෙහි, විශේෂයෙන් උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි, ඇත්තේ ද බටහිර සංගීතයෙහි යොදාගැනෙන කෘත‍්‍රිම සප්තකයට වඩා හාත්පසින් වෙනස් වූ සාපේක්ෂ සප්තකයෙකි. එහි කිසි විටෙක වෙනස් නොවන (අචල) ස්වර ඇත්තේ දෙකක් පමණි, එනම්, ෂඞ්ජය (ස) හා පංචමය (ප) යිග සෙසු ශුද්ධ ස්වර අතුරින් සතරක් (එනම්ල රි ග ධ නි) හා ඒවායේ කෝමල රූප සතරත්, ශුද්ධ මධ්‍යමය (ම) හා තීව‍්‍ර (Sharp) මධ්‍යමය ද රාගයෙන් රාගයට කෝමල හා තීව‍්‍රභාවය අතින් අඩු-වැඩි අගයක් ගනී. භාරතීය සංගීතයේ ස්වර සප්තකයේ ඇති මෙම විශේෂත්වය භාරතීය සංගීතයට සුවිශේෂ වූ ශ‍්‍රැති සංකල්පය (Concept of microtones) හා බැඳී පවතී. ඒ අනුව සප්තකයක් ශ‍්‍රැති (Microtones) 22කින් සමන්විත වේ. මෙම ශ‍්‍රැති දෙවිස්ස නාට්‍යශාස්ත‍්‍ර, සංගීතරත්නාකර ආදි ග‍්‍රන්ථයනට අනුව සප්ත ස්වර අතර බෙදීයන්නේ මේ අයුරිනි : ස (4) රි (3) ග (2) ම (4) ප (4) ධ (3) නි (2) යනුවෙනි. මෙහි ග හා නි යන ස්වරවලට ශ‍්‍රැති 2 බැගින් වෙන් කොට තිබීමෙන් පෙනී-යන්නේ පැරැණි ශුද්ධ සප්තකයේ එම ස්වර නූතන සප්තකයට අනුව කෝමල (Flat) ස්වර වශයෙන් පැවැති බවයි. ජෑස් සංගීතයේ යොදාගනු ලබන අසම්මත සප්තකය (බටහිර සංගීතයට අනුව Octave) හෙවත් අෂ්ටකය) භාරතීය සප්තකය මෙන් ශාස්ත‍්‍රීය විග‍්‍රහයකට ලක් වී නොමැති බව කිව මනා ය. ඒ අතින් බලන කල, ජෑස් සංගීතයේ භාවිත වන අසම්මත ස්වර, අපේ ජන ගී ගායකයන් විසින් ගැයෙන ඇතැම් නාද, සංගීතය විධිමත් ලෙස හදාරා ඇත්තවුන්ගේ කනට විස්වර ලෙස දැනෙන ස්වරවලට සමාන බවක් දක්වයි. රිද්මය : ජෑස් සංගීතයේ දක්නට ලැබෙන අනෙක් වැදැගත් ලක්ෂණය නම් තාලයේ අවධාරණය මාත‍්‍රාවෙන් මාත‍්‍රාවට වෙනස් කරමින් වාදනය කරනු ලැබීමයි. හින්දුස්තානි රාගධාරි සංගීතයේ මෙන් ජෑස් සංගීතයේ තාලයක නිත්‍ය වශයෙන් අවධාරණය කැරෙන විශේෂ මාත‍්‍රාවක් නැත. තාල වාදනයේ දී කැරෙන මෙම අවධාරණ මාරුවට ස්වර වාද්‍යභාණ්ඩ වාදකයෝ ද අනුගත වෙති. බටහිර සංගීතයේ තාලයේ අවධාරණය මාරු කිරීම සිදු වෙතත් එහි නිතර ම අවධාරණය සිදු වන්නේ එක ම මාත‍්‍රාවක් මත ය. එහෙයින් බටහිර සංගීතය අසා හුරුපුරුදු ශ‍්‍රාවකයනට ජෑස් සංගීතයේ තාල භාවිතාව කන්දොස්කිරියාවක් ලෙස දැනෙන්නට පිළිවන. එහෙත් උත්තර භාරතීය සංගීතය හදාරා ඇත්තවුනට මෙය තේරුම් ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

ස්වර සාධනය : නීග්‍රෝ ජනගී ගායකයන් අපේ ජනගී ගායකයන් මෙන් ම ගායනයෙහි යෙදුණේ විධිමත් පුහුණුවක් ඇතිව නොවේ. එහෙයින් ඔවුහු බොහෝ විට පවිත‍්‍ර ස්වරය ගායනා කිරීමට වඩා විවිධ ගමක වර්ග යොදා-ගනිමින් ගායනයේ විචිත‍්‍රත්වයක් ඇති කිරීමට උත්සාහ කළහ. භාරතීය රාගධාරී සංගීතයේ ද මීන්ඞ් (Glissando), ආන්දෝලන (Swing), ඝර්ෂණ (Tremole), කන්ස්වර (Touch notes) වැනි විවිධ ශිල්පක‍්‍රම භාවිත කරනු ලැබේ. මේවා ප‍්‍රස්තාරගත කිරීමට අපහහසු ය. ඒ අයුරින් ම ජෑස් ගායනා ද බටහිර ප‍්‍රස්තාර ක‍්‍රමයට අනුව ප‍්‍රස්තාරගත කිරීමට නොහැකි ය. වාදකයෝ ද පවිත‍්‍ර ස්වරය ම වැයීමේ බටහිර ශිල්පක‍්‍රම ඉවත ලා, තමතමන්ට රිසි පරිදි ස්වර සාධනයෙහි යෙදුණහ. මේ අතින් ‘ජෑස් සංගීතය උත්තර භාරතීය රාගධාරී සංගීතයට යම් සමීප බවක් දක්වයි.

නීග්‍රෝ සම්භවයක් ඇති හිටිවන ජෑස් සංගීතඥයෝ කිහිප දෙනෙක් ම ඔවුන්ගේ නිර්මාණශීලිත්වය හා ප‍්‍රාගුණ්‍යය හේතුවෙන් සම්භාවනාවට පාත‍්‍ර වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ෆ්ලෙචර් හෙන්ඩර්සන්ල ඩ්‍යුක් එලිංග්ටන්, කවුන්ට් බැසී වැනි සුප‍්‍රකට නීග්‍රෝ ජාතික පියානෝ වාදක කණ්ඩායම් නායකයන් යටතේ වාදනය කළ අය වූහ. මුල් සමයේ ශ්‍රේෂ්ඨ ජෑස් වාදකයන් අතර ලූවී ආර්ම්ස්ට්‍රෝංග් (ට‍්‍රම්පට්), බික්ස් බීඩර්බෙක් (කෝර්නට්), මිෆ් මෝල්, ජැක් ටීගාර්ඞ්න් (ට්‍රොම්බෝන්), ජොනී ඩොඞ්ස්, පී. වී. රසල් (ක්ලැරිනට්), සිඞ්නි බෙකට් (සොප‍්‍රානෝ සැක්සොෆෝන්), කෝල්මන් හෝකින්ස්, ලෙස්ටර් යන්ග් (ටෙනර් සැක්සොෆෝන්), ජෙලි-රොල් මෝර්ටන්, අර්ල් හයින්ස්, ටෙඞ් විල්සන් (පියානෝ), සිඞ්නි කැට්ලට් හා ජෝ ජෝන්ස් (බෙර) විශේෂ සඳහනට ලක් විය යුත්තෝ ය. ජෑස් සංගීත ඉතිහාසය : බ්ලූස් සංගීතයෙන් පසු ජෑස් සංගීතය විවිධ ශෛලීන් කිහිපයක් ම පසු කැරගෙන ආයේ ය. 1912 දී පමණ බිහි වූ ඩික්සීලන්ත (Dixieland) ශෛලිය ඉන් එකෙකි. එය රැග්ටයිම් සංගීතයෙන් හා බ්ලූස් සංගීතයෙන් විවිධ අංග උකහාගෙන, ට‍්‍රම්පට් වාදකයා විසින් මෙහෙයවනු ලබන වාද්‍යවෘන්දය හා ක්ෂණික නිර්මාණය විශේෂ ලක්ෂණයක් කොටගත්තේ ය. ප‍්‍රධාන ඩික්සීලන්ත සංගීතඥයන් අතර ට‍්‍රම්පට්වාදක කිං ඔලිවර් හා ලූවී ආර්ම්ස්ට්‍රෝංග්ල ට්‍රොම්බෝන්වාදක කිඞ් ඕරි හා ජැක් ටීගාර්ඞ්න්, සැක්සොෆෝන්වාදක සිඞ්නි බෙඛර්ට්, පියානෝවාදක ජෙලිරොල් මෝර්ටන් හා අර්ල් හයින්ස් විශේෂ ස්ථානයක් දරති.

1920 ගණන්වල දී ජෑස් සංගීතය වඩා ශිෂ්ටභාවයට පත් වී නිව්යෝර්ක් පැරිස් හා ලන්ඩන් යන නගරවලට ද පැතිර ගොස්, ‘සමාජ උමතුවක්' බවට පත් විය. මේ කාලය තුළ ජෑස් රචකයා ද සමග වඩා විශාල වාදක මණ්ඩලයක් ද බිහි විය. මේ යුගයට අයත් ජෑස් කණ්ඩායම් අතර නිව් ඕර්ලියන්ස් රිදම් කිංග්ස් හා ජෙලිරොල් මෝර්ටන් හා කිංග් ඔලිවර් ආදීන්ගේ කණ්ඩායම් වැදැගත් තැනක් ගනී. කවුන්ටර් පොයින්ට් සංගීතය බහුලව භාවිත වූ මොවුන්ගේ සංගීතය රැග්ටයිම් සංගීතයට වඩා සුමුදු ලෙස ගලාගියේ ය. හිටිවන ඒකල වාදන ද ඊට ඇතුළත් වූ අතරල ලූවී ආර්ම්ස්ට්‍රෝංග් (ට‍්‍රම්පට්) හා සෙසු ශිල්පීන්ගේ වාදන ඔස්සේ 20 වැනි දශකයේ අග භාගයේ චිකාගෝ ශෛලිය නිර්මාණය වූයේ ය. වඩා විශාල වූ වාදකමණ්ඩල මගින් ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත ප‍්‍රස්තාර සහිත වෘන්දවාදන බිහි වන්නට විය. මේවා සාම්ප‍්‍රදායික සංවදන (harmony) ක‍්‍රමය යොදාගත් අතර, නිර්මාණ සම්පූර්ණ වාදකමණ්ඩලය විසින් ම වාදනය කරන ලදි. මේ සුවිසල් වාදකමණ්ඩල පුද්ගලබද්ධ ශෛලීන් හා බැඳුණේ වෙයි. පෝල් වයිට්මන් වයලීන යොදා සංකීර්ණ රචනා මගින් සංධ්වනි-ජෑස් (symphonic jazz) ජනප‍්‍රිය කෙළේ ය. අනෙක් අන්තයෙහි ප‍්‍රථම ශ්‍රේෂ්ඨ ජෑස් රචකයා වූ ඩ්‍යුක්එලිංග්ටන්ගේ නීග්‍රෝ ශෛලිය බිහි විය. කුඩා වාදකමණ්ඩලයක් හා හිටිවන නිර්මාණ විශේෂ ස්ථානයක් දැරූ චිකාගෝ ශෛලියක් ද විය. එහි තරුව බවට පත් වූයේ ට‍්‍රම්පට්වාදක බික්ස් බීඩබිර්බෙක් ය.

1930 ගණන්වල නැගී ආ ජෑස් සංගීත ශෛලියක් වූයේ ‘දෝලා' (Swing) සංගීතයයි. මේ ශෛලියේ විශේෂ ලක්ෂණයක් වූයේ නියත රිද්මය හා මනා සංරචනය ගැන සැලැකිලිමත් වීමත්, දක්ෂ කුඩා වාදකමණ්ඩලයකින් සමන්‍විත වීමත් ය. ෆ්ලෙචර් හෙන්ඩර්සන්, පෝල් වයිට්මන්, චික් වෙබ්, ජිමී ලන්ස්ෆෝර්ඞ් හා බෙනී මෝටන් විසින් මෙහෙයවනු ලැබූ කණ්ඩායම් දෝලා (Swing) සංගීතය වර්ධනයෙහි ලා දායක විය. එය උච්චස්ථානයට පත් වූයේ කවුන්ට් බැසී, බෙනී ගුඞ්මන්, ආර්ට් ෂෝ හා ඩෝර්සේ සොහොවුරන්ගේ කණ්ඩායම් නිර්මාණය කළ සංගීතයෙනි. හිටිවන ඒකල ගායනය ද මෙහි වැදැගත් තැනක් දැරූ අතර එම සංගීතය ජෑස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ගායකයා ලෙස සාමාන්‍යයෙන් පිළිගැනෙන බිලී හොලිඬේ බිහි කිරීමට ද සමත් විය. පශ්චාත්තන යුගයේ බිහි වූ දෝලා සංගීතඥයන් අතුරින් ඉතා ම වැදැගත් තැනක් දරන්නේ ඩ්‍යුක් එලිංග්ටන් යග නිව් ඕර්ලියන්ස් ශෛලියේ දී මෝර්ටන් කළාක් මෙන් එලිංග්ටන් ඔහුගේ ස්වතන්ත‍්‍ර තේමාවන් මත සිදු කළ ඔහුගේ ශිල්පීන්ගේ හිටිවන නිර්මාණ විචිත‍්‍ර වූ ද මනා ලෙස සමතුලිත වූ ද ප‍්‍රබන්ධ බවට පත් කෙළේ ය. මෙහි දී ඔහුගේ අතිදක්ෂ මෙන් ම ශක්තිමත් පෞද්ගලිකත්වයෙන් හෙබි වාදන ශිල්පීන්ගේ දායකත්වය අගය කළ යුතු ය.

1840 ගණන් වන විට දෝලා ශෛලිය වාදකයන් 7 දෙනකුට පමණක් සීමා වුණු ‘bebop’ සංගීත ශෛලියට යට විය. රිද්මයට මුඛ්‍ය ස්ථානයක් දුන් මෙහි උත්තර භාරතීය තරාණා ගායනයෙහි මෙන් අර්ථශූන්‍ය පද ද ගායනා කරන ලදි. අධික ලයෙන් කැරෙන වාදනය සඳහා ශිල්පීනට මනා කෞශල්‍යයක් තිබීම අවශ්‍ය විය. මේ ශෛලියේ මුඛ්‍යතම වාදකයා වූයේ සැක්සොෆෝන්වාදක චාලි පාර්කර් (1920-1955) ය. ඩිසි ජිලෙප්සි (ට‍්‍රම්පට්වාදක), ස්ටැන් ගෙට්ස් (ටෙනර් සැක්සොෆෝන්වාදක), කෙනී ක්ලාර්ක් හා මැක්ස් රෝච් (බෙර) සෙසු ප‍්‍රධාන වාදකයෝ ය. බී-බොප් සංගීතය පසුව ‘නූතන ජෑස්’ (Modern jazz) නමින් යළි නම් කරන ලදි. එම සංගීතයෙන් බිහි වූ උපශෛලීන් අතරින් එකක් වන ‘සිසිල්’ ජෑස් (Cool jazz) ගෙට්ස් හා මයිල්ස් ඬේව්ස්ල ෂෝරට් රොජර්ස් (ට‍්‍රම්පට්) හා ලෙනී ටි‍්‍රස්ටානෝ විසින් මෙහෙයවන ලදි. 60 දශකය වන විට දොන් චෙරි, දොන් එලිස් වැනි සංගීතඥයෝ යුරෝපීය බලපෑමෙන් ජෑස් සංගීතය මුදාගැනීමේ අභිප‍්‍රායෙන් භාරතීය හා අරාබි වැනි වෙනත් සංස්කෘතීනට අයත් සංගීතයන් සමග ජෑස් සංගීතය මුසු කිරීමේ පර්යේෂණ පැවැත්වූහ. කෙසේ වුව ද, මඳ කලෙකින් ‘නිදහස්’ ජෑස් (Free jazz) පෙරට ආ නමුදු වැඩි කල් නොගොස් පොප් සංගීතය හා පොප් ගී කණ්ඩායම් ඉස්මතු වීම නිසා එය භාවිතයෙන් ඈත් ව ගියේ ය. බීට්ල්ස්, රෝලිං ස්ටෝන්ස් වැනි පොප් ගී කණ්ඩායම් මෙම පෙරැළියේ පුරෝගාමීහු වූහ. මෙම කණ්ඩායම් සාමාන්‍යයෙන් එක් ගායකයකු, ගිටාරවාදකයකු හා ඩ‍්‍රම්ස් (බෙර) වාදකයකුගෙන් සමන්විත විය. මේ යුගයෙන් පසු Hard Rock සංගීතය අනෙකුත් සංගීත ප‍්‍රභේදයන් මෙන් ඉලෙක්ට්‍රෝනික වාද්‍යභාණ්ඩ යොදාගනිමින් ජනප‍්‍රියත්‍වයට පත් විය.

‘සම්භාව්‍ය’ යනුවෙන් හැඳින්වෙන බටහිර සංගීතය කෙරෙහි පොප් සංගීතයේ බලපෑම අතිමහත් වූ අතර එහි සාධනීය ලක්ෂණ ද දක්නට ඇත. 1902 පමණ වන විට අයිච්ස් නාට්‍ය සංගීතය සඳහා රැග්ටයිම් සංගීත ඛණ්ඩ නිර්මාණය කෙළේ ය. 1908 දී ඩෙබුසි ’ගොලිවොග්ස් කේක්වෝක්’ සංගීත නිර්මාණය බිහි කෙළේ ය. රේවල් සිය වයලීන සොනාටාව සඳහා බ්ලූස් සංගීතය භාවිත කළ අතර ඔහුගේ ප‍්‍රසංගවල ද ජෑස් බලපෑම දක්නට ලැබේ. ස්ට‍්‍රැව්නිස්කි රැග්ටයිම් ඛණ්ඩ රචනා කළ අතර, වුඞ් හර්මන් සඳහා ‘එබනි කොන්සේටෝව’ නිර්මාණය කෙළේ ය. හින්ඩෙමිත් පොවුලන්ස්, වෙයිල් ක්‍රෙනෙක්, ලැම්බර්ට් කොප්ලන්ඞ් හා ටිපෙට් යන සියලූ සංගීතඥයෝ තම නිර්මාණවලට ජෑස් ලක්ෂණ ඇතුළත් කළහ. ශ්‍රේෂ්ඨතම ජෑස් සංරචකයන් දෙදෙනා වන්නේ ඩ්‍යුක් එලිංග්ටන් හා බිල් රූසෝ ය. ජෑස් සංගීතය හා සංධ්වනි රටා අතර සේතුදණ්ඩක් ලෙස සංගීත රචනා කළවුන් අතර ගර්ෂ්වින් රොල්ෆ්, ලීබර්මන් ලෙනාර්ඞ්, බර්න්ස්ටෙයින්, ගන්තර් ෂුලර්, රිචර්ඞ් රොඞ්නි බෙනට් හා ජෝන් ඩෑන්ක්වර්ත් ප‍්‍රධාන ය.


වෝල්ටර් මාරසිංහ

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජෑස්_සංගීතය_(Jazz_Music)&oldid=885" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි