ජීවන වියදම් දර්ශකය (Cost of Living Index)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජීවන වියදම හා එහි වෙනස්වීම් මැනීම සඳහා භාවිත කෙරෙන මිනුම් දණ්ඩයි. රටින් රටටත් කලින් කලටත් ජීවන වියදම් දර්ශක රාශියක් භාවිත කර තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ද ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ද ශී‍්‍ර ලංකාවේ භාවිතය සඳහා දර්ශක කිහිපයක් සකස් කර ඇත.

මෑතක් වන තුරු මෙරට නිල ජීවන වියදම් දර්ශකය වශයෙන් භාවිත වූයේ කි‍්‍ර.ව. 1952 පාද වර්ෂය වශයෙන් ගෙන පිළියෙල කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. මීට අමතර ව ශී‍්‍ර ලංකා පාරිභෝගික මිල දර්ශකය, මහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය, කොළඹ දිස්ති‍්‍රක් පාරිභෝගික මිල දර්ශකය, බස්නාහිර පළාත් පාරිභෝගික මිල දර්ශකය හා ප‍්‍රාදේශික මිල දර්ශක (අනුරාධපුර, මාතලේ, මාතර දිස්ති‍්‍රක්ක සඳහා වූ) භාවිත කෙරිණ. මේ සියලූ මිල දර්ශක දැන් අහෝසි කොට ඇත. වර්තමානයේ නිල ජීවන වියදම් දර්ශකය වශයෙන් පිළිගැනෙන්නේ 2002 පාද වර්ෂය ලෙස ගෙන පිළියෙල කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි.

මෙය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලැබේ. කි‍්‍ර.ව. 2008 මැයි මාසයේ සිට මේ දර්ශකය කි‍්‍රයාත්මක වේ. මෙයට පදනම් කර ගෙන තිබෙන්නේ කි‍්‍ර.ව. 2002 වර්ෂයේ පවත්වන ලද ආදායම් වියදම් සමීක්ෂණයයි. පැරණි ජීවන වියදම් දර්ශකය ද සකස් කරනු ලැබුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගිනි. ඊට පදනම් කර ගනු ලැබුවේ කි‍්‍ර.ව. 1949/50 වර්ෂවල පවත්වන ලද පාරිභෝගික වියදම් සමීක්ෂණයයි. එහි දී නියැදිය වශයෙන් තෝරා ගනු ලැබුවේ කොළඹ නගරයේ කුටුම්භ 455කි. නව දර්ශකයට අදාළ නියැදියේ කුටුම්භ ගණන 1300කි. පැරණි දර්ශකයේ භූගෝලීය ආවරණය වූයේ කොළඹ නගරයයි. නව දර්ශකයේ ආවරණ කලාපය කොළඹ දිස්ති‍්‍රක්කයයි. පැරණි දර්ශකයේ මිල ගණන් රැස් කිරීමේ මධ්‍යස්ථාන ගණන 7කි. නව දර්ශකයේ මධ්‍යස්ථාන ගණන 12කි. පැරණි දර්ශකය සඳහා යොදා ගත් භාණ්ඩ හා සේවා සංඛ්‍යාව 213කි. නව දර්ශකයේ එම සංඛ්‍යාව 334කි. පැරණි දර්ශකයේ මුළු පැසෙහි වටිනාකම රු. 202.24කි. නව දර්ශකයේ මුළු පැසෙහි වටිනාකම රු. 17,996.38කි. පැරණි හා නව ජීවන වියදම් දර්ශක දෙකෙහි බර තැබීම් සංසන්දනාත්මකව මෙසේ දැක්විය හැකි ය.

භාණ්ඩය/සේවාව කො.පා.මි.ද. (පැරණි)
(1952=100)
කො.පා.මි.ද. (නව)
(2002=100)
1.ආහාර හා පාන වර්ග 68.32 46.71
2.මද්‍යසාර,මත්ද්‍රව්‍ය, දුම්කොළ 7.85 -----
3.රෙදිපිළි හා පාවහන් 5.44 3.08
4.නිවාස, ජලය, විදුලිය, ගෑස්, ඉන්ධන 9.54 18.29
5.ගෘහභාණ්ඩ, ගෘහ උපකරණ හා නඩත්තු ---- 3.22
6.සෞඛ්‍යය 0.43 4.18
7.ප‍්‍රවාහනය 1.76 9.47
8.සන්නිවේදනය 0.16 4.42
9.විනෝදාත්මක හා සංස්කෘතික ---- 2.18
10.අධ්‍යාපන 6.50 5.79
11.විවිධ භාණ්ඩ හා සේවා ---- 2.65
එකතුව 100.00 100.00


පැරණි දර්ශකය සමග සංසන්දනය කිරීමේ දී නව දර්ශකය වඩාත් සම්පූර්ණ යත වඩාත් තාත්වික ය. මෙහි අඩුපාඩු දෙකක් දක්නට ලැබේ.

1. මෙය කොළඹ දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශවලින් ලබා ගත් තොරතුරුවලට පමණක් සීමාවීම
2. ග‍්‍රාමීය හා වතු අංශවල වියදම් රටාව ඇතුළත් නොවීම

එසේ වුව ද මේ දර්ශකයේ ප‍්‍රයෝජන කිහිපයක් තිබේ.

1. ජීවන වියදමේ වෙනස්වීම් මැන බැලිය හැකි වීම
2. ජීවන වියදම් ගැළපුම්වල දී යොදා ගැනීම
3. මූර්ත වැටුප් හා මූර්ත ආදායම ගණනය කිරීම සඳහා යොදා ගත හැකි වීම
4. උද්ධමනය මැනීම සඳහා නිල දර්ශකය ලෙස භාවිත වීම

ජීවන වියදම මැන දැක්වීම සඳහා මීට අමතරව තවත් දර්ශක දෙකක් යොදා ගත හැකි ය. එනම් :

1. තොග මිල දර්ශකය
2. ආරෝපිත මිල දර්ශකය

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පිළියෙල කරනු ලබන තොග මිල දර්ශකය (Wholesale price index) පළමු වරට ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 1977 ඔක්තෝබර මාසයේ දී ය. එහි පාද වර්ෂය 1974යි. මෙහි විශේෂ ලක්ෂණය සේවා ඇතුළත් නොවීමයි. පාරිභෝගික භාණ්ඩවලට අමතරව අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ද මේ දර්ශකයට ඇතුළත් වේ.

ආරෝපිත මිල දර්ශකය (Implicit price index), ගම්‍ය මිල දර්ශකය යන නමින් ද දළ ජාතික නිෂ්පාදිතයේ අවධමනකය යනුවෙන් ද හැඳින්වේ. මෙය දළ ජාතික නිෂ්පාදිතයට අයත් භාණ්ඩ හා සේවාවල මිල ඇසුරෙන් සකස් කරනු ලබන, සංයුක්ත මිල දර්ශකයකි. ආනයන භාණ්ඩ ඇතුළත් නොවේ. පවත්නා මිල යටතේ ගණන් බැලූ දළ ජාතික නිෂ්පාදිතය, ස්ථාවර මිල යටතේ ගණන් බැලූ ජාතික නිෂ්පාදිතයෙන් බෙදා, සියයෙන් වැඩි කිරීමෙන් මේ දර්ශකයේ වටිනාකම ගණනය කෙරේ.

එනම්:

ගම්‍ය මිල දර්ශකය = (පවත්නා මිල යටතේ දළ ජාතික නිෂ්පාදිතය / ස්ථාවර මිල යටතේ දළ ජාතික නිෂ්පාදිත ) x 100


එසේ වුව ද මේ දර්ශකයේ ප‍්‍රයෝජන කිහිපයක් තිබේ.

1. ජීවන වියදමේ වෙනස්වීම් මැන බැලිය හැකි වීම
2. ජීවන වියදම් ගැළපුම්වල දී යොදා ගැනීම
3. මූර්ත වැටුප් හා මූර්ත ආදායම ගණනය කිරීම සඳහා යොදා ගත හැකි වීම
4. උද්ධමනය මැනීම සඳහා නිල දර්ශකය ලෙස භාවිත වීම


ජීවන වියදම මැන දැක්වීම සඳහා මීට අමතරව තවත් දර්ශක දෙකක් යොදා ගත හැකි ය. එනම් :

1. තොග මිල දර්ශකය
2. ආරෝපිත මිල දර්ශකය

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පිළියෙල කරනු ලබන තොග මිල දර්ශකය (උයදකැි්කැ ඡුරසජැ ෂබාැං* පළමු වරට ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 1977 ඔක්තෝබර මාසයේ දී ය. එහි පාද වර්ෂය 1974යි. මෙහි විශේෂ ලක්ෂණය සේවා ඇතුළත් නොවීමයි. පාරිභෝගික භාණ්ඩවලට අමතරව අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ද මේ දර්ශකයට ඇතුළත් වේ.

ආරෝපිත මිල දර්ශකය (ෂපචකසජසඑ ඡුරසජැ ෂබාැං*, ගම්‍ය මිල දර්ශකය යන නමින් ද දළ ජාතික නිෂ්පාදිතයේ අවධමනකය යනුවෙන් ද හැඳින්වේ. මෙය දළ ජාතික නිෂ්පාදිතයට අයත් භාණ්ඩ හා සේවාවල මිල ඇසුරෙන් සකස් කරනු ලබන, සංයුක්ත මිල දර්ශකයකි. ආනයන භාණ්ඩ ඇතුළත් නොවේ. පවත්නා මිල යටතේ ගණන් බැලූ දළ ජාතික නිෂ්පාදිතය, ස්ථාවර මිල යටතේ ගණන් බැලූ ජාතික නිෂ්පාදිතයෙන් බෙදා, සියයෙන් වැඩි කිරීමෙන් මේ දර්ශකයේ වටිනාකම ගණනය කෙරේ.

එනම් :

ගම්‍ය මිල දර්ශකය = (පවත්නා මිල යටතේ දළ ජාතික නිෂ්පාදිතය / ස්ථාවර මිල යටතේ දළ ජාතික නිෂ්පාදිත ) x 100

තිස්ස ඊරියගම