ජෝන් එවර්ට්
සිංහල විශ්වකෝෂය වෙතින්
ෆ්රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයාගේ පාලන සමයෙහි (1798-1805) ලංකාවේ බ්‍රිතාන්‍යයන්ට අයත් ප්‍රදේශවල ප්‍රධාන ඉංග්‍රීසි වෛද්‍යවරයා සහ ආරෝග්‍යශාලාවන්හි ප්‍රධාන පරීක්ෂක හැටියට සේවය කළ වෛද්‍යවරයෙකි. ඊට පෙර හේ ඉන්දියාවේ ඉංග්‍රීසි හමුදාවලට සම්බන්ධ ප්‍රධාන වෛද්‍යවරයා විය. ඔහු ලංකාවේ සේවය කළ සුළු කාලය ඇතුළත යුද්ධ භටයන් අතර අමද්‍යප ව්‍යාපාරය දියුණු කිරීමෙන් ප්රතිසංස්කරණයක් ඇති කිරීමට උත්සාහ කෙළේය.
(සංස්කරණය: 1974)