ජෝන් ද සිල්වා
(1857-1922). ටවර්හෝල් යුගයේ නාට්‍ය රචකයෙකි. කීර්තිධර නාට්‍ය නිෂ්පාදකයෙකි. ජාතික නිදහස් සටනේ පෙරමුණ ගෙන ක්‍රියා කළ දේශප්‍රේමී වීරවරයෙකි.1857 ජනවාරි 31 දා ශ්‍රී ජයවර්ධනපුර ඇතුල් කෝට්ටේ දියවන්නා ඔය සමීපයෙහි පිහිටි තෙලඹුගහවත්තේ දී ජෝන් ද සිල්වා මෙලොවෙ එළිය දුටුවේ ය. ඔහුගේ දෙමාපියන් වූයේ දොන් බැස්ටියන් ද සිල්වා හා නාවල දොන් මනුවෙල්ගේ දෝන ඉසබෙලා හාමිනේ ය.
ජෝන් ද සිල්වා මූලික අධ්‍යාපනය ලැබූයේ පිටකෝට්ටේ පිහිටි ක්‍රිස්තියානි පාඨශාලාවෙනි. ඉක්බිති 1876 දී එම පාසලින් ශිෂ්‍යත්වයක් ලැබූ ජෝන් ද සිල්වා කොළඹ ඇකඩමිය නමින් හැඳින්වූ විධිමත් විද්‍යා මන්දිරයට ඇතුළුවිය. එහි දී ඔහුගේ ආචාර්යවරයා වූයේ පැරණි නෝර්මන් පාඨශාලාව පිහිට වූ ජී. ටොඩ් (G. Told) මහතා ය. වැඩිදුර අධ්‍යාපනයෙහි දී රාජකීය විද්‍යාලයාධිපති හිල්ස් මහතා සහ හෙන්රි පෙරේරා යන අග්‍රගන්‍ය ආචාර්යවරුන් මග පෙන්වීම ලැබී ජෝන් ද සිල්වා නෝර්මන් පාඨශාලාවේ එවකට ආචාර්ය ධුරයක් දැරූ දොන් අන්ද්‍රයස් ද සිල්වා මහතා වෙතින් පෙරදිග භාෂා පිළිබඳ පෘථුල අවබෝධයක් ලැබී ය. මේ වන විට ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ව ගැඹුරු අවබෝධයක් ලබා සිටි ජෝන් ද සිල්වා සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසයට (Compending Of History Of Ceylon) නමැති කෘතිය ලියා මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණවී ය.
නෝර්හන් විද්‍යාලයානුබද්ධ කොළඹ ඇකඩමියේ අධ්‍යාපනය සමාප්ත කිරීමෙන් පසු ස්වල්ප කාලයක් කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හි ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස මේ තරුණයා කටයුතු කෙළේ ය. ඉන් ඉවත් වී රජයේ පාසලක ද යළිත් පිටකොටුවේ වෙස්ලි ශාස්ත්‍ර ශාලාවේ ද ගුරු වෘත්තියෙහි යෙදුනේ ය. ඒ හැරුණු විට ග්‍රෑන්ඩ්පාස්හි සාප්පුවත්තේ පෞද්ගික පාසලක් ඇරඹූ හෙතෙම ප්‍රදේශයේ දරුවන්ට නොමිලයේ ඉගැන්වූයේ ය. මේ කාලයේ උගතෙකු ලෙස ප්‍රසිද්ධියක් දැරූ ජෝන් ද සිල්වා පුවත්පත් සඟරාවනට ලිපි සැපයීමට පටන් ගත්තේ ය. නාගලගමුවේ නෝන් ද සිල්වා නමින් 'ලක්මිණ පහන', 'කවට තිලක හා සොයිසා චරිත' යන පුවත්පත්හි ඔහුගේ ලිපි නිතර පළවිණ.
ගුරු වෘත්තියෙන් සෑහීමට නොපත් මේ උද්‍යෝගීමත් තරුණයා නීති විද්‍යාලයට ඇතුළු වූයේ නීතිය හැදෑරීම කෙරෙහි එකල සමාජයේ පැවැති ප්‍රබෝධයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. නීති විද්‍යාලයේ ඉතා දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කළ ජෝන් ද සිල්වා නීති විභාගයෙන් සමත් ව ලංකාණ්ඩුව ඇරඹූ නීති විද්‍යාලයෙන් එම උපාධිය ලබා ගත් ප්‍රථම නීතිඥයා වීමේ ගෞරවය ද හිමි කැර ගති.
විවාහාපේක්ෂිත තම පෙම්වතියට පඬුරක් ලෙස ලියූ ශුද්ධ වූ ජොනතාගේ චරිතය (Life Of Prophet Jonas) ජෝන් ද සිල්වා අතින් කැරුණු පළමුවන නිර්මාණයයි, ඒ. ඒ, 1879 දී ය. 1880 දී සෙලෙස්තිනා පෙරේරා නම් කුල කුමරිය හා විවාහ වූ ජෝන් ද සිල්වා පුතුන් දෙදෙනකු හා දුවක ද ලැබී ය. මේ අවධියෙහි සී. දොන් බස්තියන්ගේ නාටය බැලීමෙන් උද්දාමයට පත් ජෝන් ද සිල්වා නාට්‍යකරණයට අතහිත යෙදී ය. පිටකොටුවේ මල්වත්තේ රැකට්කෝට්හි රඟ දැක්වුණු සිංහල නෘත්‍ය සමාගමෙහි නාට්‍ය නැරඹූ මේ කලාකරුවා 1885 මැයි මාසයේ 'පෙරදිග ලංකා නාට්‍ය සමාගම' ආරම්භ කොට නාට්‍ය නිෂ්පාදනයට පිවිසියේ ය. (Ceylon Orental Dramatic Company Ltd. 1885)
මෙම සංගමය ආරම්භ කිරීමෙන් පසු ජෝන් ද සිල්වා අතින් පළමුවෙන් ම ලියැවුණේ 'නාගරාජ චරිතය'යි. ඉක්බිති 'ලංකා දහන් හෙවත් මහා රාමායණය' ද 'ගිනි නාටකය' ද 'සීතා තරඟය හෙවත් ගිනිගත් රාමායනය' - දස්කොන් හා පරංගි ගමන නමැති නාටය ලියැවිණි. නල දමයන්ති කතාව මුල් කරගෙන ලියැවුණු තම ප්‍රථම නාට්‍යය පොදු ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූයෙන් හේ එයින් තවත් ධෛර්යයට පත් විය. හින්දුස්තානි සංගීතය උගත් සංගීතඥයන් හා වාදකයන් සහය කොට ගෙන නිෂ්පාදනය කොට නලරාජ චරිතය ලියා අවසන් කරන ලද්දේ 1886 අප්‍රේල් 20 දා යයි එම කෘතියේ සඳහන් වේ. රාම රාවණ කතා ප්‍රවෘත්තිය වස්තු කොටගෙන ලියූ ලංකා දහන් හෙවත් මහාරාමායනය අංක 5කින් හා මිත්‍ර වස්ත්‍ර 22කින් තාල 50කින් ද යුත් නිර්මාණයකි.
මේ වන විට සිංහල ජාතික විමුක්ති සටන ඇරඹුණ අතර සියලු සිංහල ලේඛකයෝ ද කවියෝ ද නාට්‍ය රචකයෝ ද ඒ වේගවත් ජාතික විමුක්ති ව්‍යාපාරයට යොමුවූහ. ජෝන් ද සිල්වා ද තම නාට්‍ය මගින් ජනතා විමුක්ති සටනට ධෛර්යය දීමට ඉටා ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දස්කොන් නාට්‍ය රචනා කොට වේදිකා ගත කළේ ය. අනගාරික ධර්මපාලතුමන් ප්‍රමුඛ ජාතික වීරවරයන් ගෙන ගිය ජාතික ව්‍යාපාරයේ පරමාර්ථ කුළුගැන්වූ ජෝන් ද සිල්වා සුරාසොඬුන්ටත් සංකර වෙස් ගත් සිංහලයන්ටත් කර්කශ උපහාසයෙන් පහර දුන්නේ ය. ඒ, සිංහල පරාභව නාට්‍යයේ සුරාකාණ්ඩය හා සිරිත් කාණ්ඩය අවිකොට ගෙන ය. 'සිංහල සමය' නමැති එවකට ඉතා ජනප්‍රිය ව පැවැති පුවත්පතෙහි මේ නාට්‍යය කොටස් වශයෙන් පළ කරන ලදි.
සිංහලයෙන් රචනා කර වේදිකාවට නංවන ලද ප්‍රථම සිංහල වේදිකා නාට්‍යය සිංහල පරාභවය යැයි සමහරුන්ගේ හැඟීමයි. සිංහල රජාභවයෙහි සුරා කාණ්ඩය සිංහල රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ නාට්‍යයකි. ජාතික නිදහස් සටනට එමඟින් ලැබුණු පිටුබලය ද සුළුපටු නොවේ. 1902 දී ජෝන් ද සිල්වාගේ පුරෝගාමිත්වයෙන් 'සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සංගමය' ආරම්භ කරන ලදි. 'ශ්‍රී වික්‍රම රාජසිංහ' නාට්‍යය එම සංගමය මඟින් පළමුවරට වේදිකාවට නංවන ලදි. ඉන්පසු රචනා කැරුණේ 'උත්තරරාම චරිතය'යි.
1904 දී රාමායණයේ දෙවන සංස්කරණය මුද්‍රණයෙන් පළකොට යළිත් වේදිකාවට නැංවූ මේ කීර්තිමත් නාට්‍ය කතුවරයා 1927 දී ශකුන්තලා නාට්‍ය ලියා මහජන ප්‍රදර්ශනය පිණිස කටයුතු සම්පාදනය කෙළේ ය. 'සිංහල ආර්ය සුබෝද නාට්‍ය සංගමය' සඳහා ජෝන් ද සිල්වා නාට්‍ය 11ක් රචනා කොට ඉදිරිපත් කළ බැව් වාර්තාගත වී ඇත. උත්තරරාම චරිතයේ 'සිරිසඟබෝ චරිතය', 'රාමායණ නාටකය', 'ශකුන්තලා නාටකය', 'ශ්‍රී වික්‍රම රාජසිංහ (අන්තිම රජ)', 6 'රත්නාවලී නාටකය', 7 'වලගම්බා චරිතය' 8. 'ඔතෙලා නාටකය' 9. 'දුටුගැමුණු චරිතය' 10. 'පද්මිණි නාටකය', 'දිනකර' යන නාටකයන් ය. මේ හැරුණු විට යථෝක්ත කාලය දොස්තර ආතර් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ජෝන් ද සිල්වා විසින් ශේක්ස්පියර්ගේ 'ඔතෙලෝ', 'හැම්ලට්', (Merchant of Vanice) 'වැනීසියේ වෙළෙන්දා' යන කෘතීන් සිංහලයට පෙරළා පුවත්පත්හි පළ කරවී ය.
ජෝන් ද සිල්වාගේ 'උත්තර රාම චරිතය' නාටකය නැරඹූ බොහෝ ජාති හිතෛෂීහු දේශීය පසුබිමින් යුත් බෞද්ධ නාටකයක් රචනා කොට වේදිකාවට නංවන ලෙස ඉල්ලා සිටියහ. 1903.03.03 දින සිරිසඟබෝ නාට්‍යය ලියා මුද්‍රණයෙන් ද නිකුත් කොට වේදිකාවට නැංවූයේ ඒ ඉල්ලීමෙහි ප්‍රතිඵල වශයෙනි. සමකාලීන රසිකයන් හා නාට්‍යලෝලයන් අතර සිරිසඟබෝ නාට්‍යය මහත් ප්‍රසාදයක් දිනා ගති. ඒ පමණක් නොව සිංහලේ බෞද්ධ ජනප්‍රධානීන් ගෙන ගිය සටනට ද එමඟින් ලැබුනේ ඉමහත් අනුබලයකි. 1904, 1905 අතර කාලයේ ජෝන් ද සිල්වා තම නාට්‍ය ප්‍රදර්ශන තාවකාලිකව අත්හිට වූ අතර, ඔහුගේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂවරයා වූ විශ්වනාථ් ලව්ජි ද ඒ කාලයේ ඉන්දියාව බලා ගියේ ය. රාජ්‍යානුග්‍රහය හා නාට්‍යභිලාෂී දේශීය රසිකයන්ගේ ඉමහත් උද්‍යෝගයෙන් නව ජීවයක් ලැබූ ජෝන් ද සිල්වා යළිත් නාට්‍ය රචනයට හා නිෂ්පාදනයට පිවිසියේ දේශාභිමානයෙන් ඔද ගැන්වුනු ජනතාවගේ ආරාධනයෙනි. ඉන්පසු ලංකාවාසී ජනතාවගේ විමුක්ති සටනට සහයෝගය දීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ (අපේ අන්තිම රජ) නමැති නාට්‍යය ලියා වේදිකාවට නැංවූ මේ ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයා එමඟින් බලාපොරොත්තු වූයේ සිංහලයන් ගේ දුර්වලතා පිළිබඳ අවබෝධයක් සමකාලීන ජනතාවට ලබාදීම ය.
සිංහල බෞද්ධ සංස්කෘතියේ උත්තරීතර විශිෂ්ඨාංග සිංහල ජාතියේ අතීත ශ්‍රී විභූතිය විදේශීය සංකර චාරිත්‍ර වැළඳගත් ලාංකිකයින්ට අවබෝධ කරදීම ජාතික නිදහස් සටනට මහත් සේ පිටුබල වන්නේ යැයි ජෝන් ද සිල්වා විශ්වාස කෙළේ ය. ඒ හැඟීම තවත් කුළුගැන්වුණේ දේවානම්පියතිස්ස චරිතය වස්තු කොට ලියූ නාට්‍යයෙනි. 1906 දී එතුමා යළිත් වරක් සංස්කෘතික සාහිත්‍යයේ විශිෂ්ඨ කෘතීන් සිංහලයට පරිවර්තනය කොට දේශීය රසිකයන්ගේ ආස්වාදය පිණිස ඉදිරිපත් කෙළේ ය. ජෝන් ද සිල්වා ටවර් වේදිකාවට පියවර නැගී ය. ටවර් රඟහල මඟින් කළ ඉල්ලීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මරණානුස්මෘති ප්‍රකරණය (1916), සුරා සොඬ (1916), මිත්‍ර දෝහි සිංහල භාෂා ප්‍රකරණය (1916), වෙස්සන්තර (1916), මිම්මට මිම්ම (1916) යන නාට්‍ය ප්‍රබන්ධ කොට භාර දුනි. මෙම නාට්‍ය මහජනයා අතර ප්‍රචාරය වීමෙන් පසු යළිත් වරක් නාට්‍ය සංගමයෙහි ප්‍රතිසංස්කරණයක් සිදු කැරිණි. 1917 දී 'ශ්‍රී ලංකා නාට්‍ය සභාව' නමින් එය නම් කළ අතර, 'කුස' (1916), 'විධුර', 'නාගානන්ද', 'දුටුගැමුණු', 'කැප්පෙටිපොළ' සහ 'පරංගි හටන' ලියා වේදිකා ගත කිරීමට කටයුතු සැලැස්වී ය.
බෞද්ධ ජාතකා කතා නාට්‍ය ලෙස වේදිකාවට නැංවීමෙන් ධර්‍ම ගෞරවයට හානි පැමිණෙතැයි යන අදහසක් (1916-1920) කාලයේ කොළඹ තිඹිරිගස්යායේ අශෝකාරාමාධිපති කරඳාන ජිනරතන නාහිමියන් විසින් මතු කරන ලදි. පුවත්පත් මඟින් මතු කෙරුණු මේ අදහසට පක්ෂව තවත් භික්ෂූන් වහන්සේ හා ගිහි උගතුන් කිහිප දෙනෙක් ම කරුණු ඉදිරිපත් කළහ. කර්තෘ උපහාසයෙන් ද යුතුව කෙරුණු මෙම වාදය නතර කරන ලද්දේ දේශබන්ධු ඇෆ්.ආර්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, පියදාස සිරිසේන, සී. බටුවන්තුඩාවේ, එම්.ඩබ්. පෙරේරා යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි. මෙයින් පසු සිංහලයේ ජාතික නිදහස් සටන තවත් වේගවත් කළ යුතු අවස්ථාවක් උදා වී ඇති බව ජෝන් ද සිල්වාට පෙනිණි. ශ්‍රී වික්‍රමරාජසිංහ (අපේ අන්තිම රජ) දෙවන දවස - කැප්පෙටිපොල නාට්‍යය රචනා කළ හේ 1815 දී ඉංග්‍රිසි - සිංහල ගිවිසුමට විරුද්ධව සිංහලයන්ගේ කැරලි ගැසීම සාධාරණ බව පෙන්වා දුනි. 1919 - 1930 දක්වා කාලයේ ජෝන් ද සිල්වා ගේ 1907 දී වළගම්බා නාටකයක් (1908 - 1909) දී මහිලා නාටකයක් වේදිකාවට නැංවූයේ එහි ප්‍රතිඵල වශයෙනි. ඉන්පසු ශ්‍රී වික්‍රමරාජසිංහ, රත්නාවලී, දුටුගැමුණු චරිතය, පද්මිණි - දිනකර නාටකය පිළිවෙලින් වේදිකාවට නැංවූ ජෝන් ද සිල්වා එමඟින් සිංහලයා තුළ දේශාභිමානයත් ජාතිවාත්සලයත් ඇති කරමින් කරළිය මතින් ගෙන ගියේ අපූර්ව විප්ලවයකි.
1913 දී මෙම නාට්‍ය රචකයා විසින් විජය රංග සභාව ආරම්භ කරන ලදී. දොස්තර ආතර් ද සිල්වා, නීතිඥ ජේ. ඊ. රිචඩ් පෙරේරා යන දේශප්‍රේමීන් මේ අභිනව නාට්‍ය සංගමයට මුදලින් ආධාර කළහ. යථෝක්ත සංවිධනය 1886 දී ඇරඹූ පූර්වා දිග ලංකා නාට්‍ය සංගමයට හා 1902 දී ඇරඹූ සිංහල ආ්‍ය_ය සුබෝධ නාට්‍ය සංගමයට වඩා ප්‍රබල විය. මේ සංගමය සඳහා මහානාම චරිතය, අලකේශ්වර චරිතය, කවි හටනය, අබ්දුල් හමීඩ්, දේවානම්පියතිස්ස ලියා මුද්‍රණයෙන් පළ කෙළේ ය. ඒ අතර 1913 දී ලංකාවට සැපත් වූ බොම්බේ පර්සි නෘත්‍ය සමාගමෙහි ආරාධනයෙන් ශේක්ස්පියර්ගේ ලියර් රජ :නසබට ඛැ්ර* නමැති නාට්‍යය සිංහලයට පරිවර්තනය කැරිණි.
කල්යෑමෙන් නිශ්ක්‍රීය වූ විජයරංග සභාව දෙවන වරටත් 1915 දී ඇරඹූ ජෝන් ද සිල්වා අතින් 1916 එම සංගමය සඳහා විහාර මහා දේවී චරිතය නමැති නාට්‍යය ලියැවිණ. මහාවංශය, ථූපවංශය වැනි ඓතිහාසික ග්‍රන්ථ ආශ්‍රයෙන් රචනා කළ විහාර මහා දේවි නාට්‍යය සමකාලීන රසිකයන්ගේ ගෞරවාදරය දිනාගති. ප්‍රසිද්ධ නාට්‍ය ශිල්පියෙකු වූ කේ. ඩී. මාටින් (ඕදිරිස් අප්පුහාමි) එවකට ඉතා උසස් කීර්තියක් දැරූ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ ආර්. එස්. පී. ද මැල් නැමැත්තෙකු සහාය කරගෙන ඔරියන්ටල් තියටර් කම්පැනි නමින් සංවිධානයක් ඇරඹීය. මේ වන විට ජෝන් ද සිල්වා විජයරංග සභාවෙන් ඉවත් වී සිටි බැවින් පරාක්‍රම නාට්‍ය දිනපතා ටවර් රඟහලෙහි පෙන්වීමේ සිරිතක් විය. එයට හේතුවූයේ සමකාලීන දේශප්‍රේමී ජාතිහිතෛෂී ජනනායකයන් එතුමාගේ නාට්‍ය මඟින් ජනතාවට සැලසෙන යහපත පෙන්වා දීමෙනි.
ජෝන් ද සිල්වා නාට්‍ය රචකයෙකු මෙන් ම ඉතිහාසය පිළිබඳ ව පෘථුල අවබෝධයක් පැවැති ලේඛකයෙකි. ඉතිහාස ග්‍රන්ථ කිහිපයක් ලියූ හෙතෙම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි පාසල් පොත් කිහිපයක් ද ලීවේ ය. 1919 දී මුද්‍රණයෙන් පළ කළ ‘ක්‍රීඩා ගීත’ සංග්‍රහය පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වූවකි. ජයවර්ධන ශතකය වැනි පi ග්‍රන්ථ ද ලියූ මේ ශුර නාට්‍ය රචකයා ගීත ප්‍රබන්ධයෙහි ලා දැක් වූ දක්ෂතා හේතුකොටගෙන ඔහුට ලංකාවේ ශේක්ස්පියර් යන ගරු නාමය පුද කරන ලද්දේ ය. ඉංග්‍රීසි කොඩිය ගැන ලියූ ගීතය නිසා එකල අධ්‍යාපන අධ්‍යක්ෂ ධූර්ය දැරූ චෙන්හැම් මහතා විසින් ජෝන් ද සිල්වාට මහත් හරසර දක්වන ලදී.
කථිකයකු වශයෙන් ද ජොන් ද සිල්වා දිනා ගත්තේ සමකාලීන කිසිදු ජනප්‍රධානයකුට පවා දිනාගත නොහැකි තරම් කීර්තියකි. ජෝන් ද සිල්වා කථිකයකු ලෙස මහ ජනතාවට ඉදිරියට පැමිණියේ ඔහුගේ ම නාට්‍ය ප්‍රදර්ශනය පිණිස ඉඳිකෙරුණු වේදිකාවෙනි. ආරම්භයේ පටන් නාට්‍ය ජවනිකා අතරෙහි යෙදෙන විවේක කාලයන් හි ප්‍රෙක්ෂක ජනතාවට හමුවෙහි පෙනී සිට සිංහල භාෂාව, සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය ආභාසයෙන් සාරගර්භ කතා පැවැත්වූ ජෝන් ද සිල්වා ඒ මඟින් සිංහල ජාතික සටනට දුන් අනුබලය දේශීය ජන ප්‍රධානයන්ගේ ප්‍රශංසාවට ලක් විය. ඇතැම් විට වේදිකාවට නැගී සිංහල භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය ගැන ජෝන් ද සිල්වා පැවැත්වූ දේශන ඇසූ ජනතාව ඔල්වරසන් දෙමින් ඔහුගේ අදහස් අනුමත කොට ජාතික විමුක්ති සටනට එක් වීමට මහත් අfiා්ගයක් දැක් වූ බවට සාක්ෂ්‍ය හමු වේ. ජෝන් ද සිල්වාගේ නාට්‍ය නිර්මාණ කියවීමෙන් හා බැලීමෙන් සිංහල ජාතියේත් බෞද්ධ සංස්කෘතියේත් විශිෂ්ටාංග පිළිබඳ අවබෝධයක් ලබා ගත් දේශීයයන් විදේශීයයන් ජාතික නිදහස් සටනට දුන් අනුබලය ඉතා ප්‍රශංසනීය ලෙස සඳහන් කර ඇත. නාට්‍ය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂක ජනතාව රසයෙන් මත් කොට ජාත්‍යාලයෙනුදු දේශවාත්සල්‍යයෙනුදු මත් කැරවීම ජෝන් ද සිල්වාගේ පරමාර්ථය විය.
භද්‍ර යෞවනයේ පටන් වයස අවුරුදු 66 දක්වා ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ අභ්‍යුදය සඳහා ශ්‍රමයත් කාලයත් ධනයත් කැප කළ ජෝන් ද සිල්වා අතින් දේශීය සංස්කෘතික පුනර්ජීවනය උදෙසා ඉටුවූයේ නොපටු සේවාවකි. අධිකරණයෙහි උසස් නීතිඥයකු ලෙස සුඛෝපගෝහී ජීවිතයෙක් ගත කළ හැකි වුව ද ඒ ගැන නොතකා පරිත්‍යාගශීලී දේශප්‍රේමී හැඟීමෙන් කටයුතු කළ ජෝන් ද සිල්වා කොතරම් වයස්ගත වුව ද ජාතික සේවාවන් හි නිරත වූයේ උfiා්ගිමත් නිර්භීත තරුණයකු මෙනි. නාට්‍ය සිය ගණනක් ද ගීත දහස් ගණනක් ද ප්‍රබන්ධ කළ මේ කීර්තිමත් නාට්‍ය කතුවරයා ඉංග්‍රීසි පාලි සංස්කෘත හින්දි දෙමළ යන භාෂාවන් හි ද ප්‍රවීණත්යක් ලැබූවෙකි. විදේශයන්හි ද කීර්තිමත් නාට්‍ය රචකයන් කැඳවා නාට්‍ය රචනය - සංගීතය හා ගීත ප්‍රබන්ධය පිළිබඳ අවබෝධයක් දේශීය ශිල්පීන්ට ලබා දීමෙන් ජෝන් ද සිල්වා සිංහල සංගීත කලාවේ හා නාට්‍ය කලාවේ දියුණුවට ඉටු කළේ වර්ණ හා විෂයක්‍රාන්ත සේවාවකි. 1922 ජනවාරි 28 දින ජෝන් ද සිල්වා අභාවප්‍රාප්ත විය.
ආශ්‍රිත ග්‍රන්ථ
1. ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය - එල්.ඩී.ඒ. රත්නායක
2. ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය - ඩී.ආර්. ජයවර්ධන
3. ජෝන් ද සිල්වා නාට්‍යය - විමල් දිසානායක
(කර්තෘ: සරත්චන්ද්‍ර ජයකොඩි)
(සංස්කරණය නොකළ)