ටාට්-3
සිංහල විශ්වකෝෂය වෙතින්
(Tat). උතුරු ඉරානයේත් එරටේ කැස්වින් පළාතේ (Qazvin province) දකුණුදිගත් වෙසෙන ජනවර්ගයකි. පර්සියානු ජනයාගේ උපප්රභේදයක් වන ඔවුහු ටාට් (බ.) බසට අමතර ව පර්සියානු හා අසර්බයිජාන භාෂා ද වහරති. මූලික වශයෙන් ෂියා මුස්ලිම්වරු වන මොවුහු 300,000ක් පමණ වෙති.
(කර්තෘ: රන්ජන දේවමිත්ර සේනාසිංහ)
(සංස්කරණය: 2019)