ඩේවිඩ් හියුම්
(David Hume)(1711.05.07-1776.08.25). දහඅට වන සියවසේ විසූ ස්කොට්ජාතික ප්‍රබුද්ධ දාර්ශනිකයෙක්, ඉතිහාසඥයෙන්, ආර්ථික විද්‍යාඥයෙක් පුස්තකාලාධිපතිවරයෙක් මෙන් ම ගත්කතුවරයෙකි. දර්ශනයේ ප්‍රධාන සංකල්ප වු දාර්ශනික අනුභූතිවාදය, සංශයවාදය හා ස්වභාවිකවාදය පිළිබඳ ඔහු පළ කළ අදහස් එම විෂය ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.
දහඅට වැනි ශත වර්ෂයේ දී බටහිර දර්ශන සම්ප්‍රදායේ එකිනෙකට ප්‍රතිවරුද්ධ දර්ශනාත්මක වාද දෙකක් බිහි විය. බ්‍රිතාන්‍ය ඉන්දියානු අභූතිවාදය (Empiricism) හා හේතුවාදයයි (Rationalism). හියුම් ඉන්දියානු අභූතිවාදය නියෝජනය කළ ප්‍රධාන දාර්ශනිකයෙක් විය.
චරිත පසුබිම හා නිෂ්පාදිත ග්‍රන්ථ
එඩින්බරග් නුවර උපන් හියුම් එහි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා 1723 හිදී මැටිකියුලේෂන් විභාගයකින් සමත් විය.1725හි දී ඉගෙනුම අවසන් කළ හෙතෙම වෙළඳ ව්‍යාපාරයකට හවුල් විය. එය අසාර්ථක වූයෙන් හෙතෙම ප්‍රංශයට ගොස් Treatise Of Human Nature නැමති ග්‍රන්ථය ලීවේ ය. 1745හි දී හෙතෙම වියානාවෙහි ගුරුවරයෙකු ලෙස සේවය කළේ ය. 1752හි දී එඩින්බර්ග්හි Advocates library නමැති පුස්තකාලයේ භාරකරු හැටියට පත්විය. පැරීසියේ තානාපති කාර්යාලයේ ද 1763ෙ-6 දක්වා සේවය කළේ ය. ඉහත සදහන් ග්‍රන්ථයට අමතරව පහත සඳහන් ප්‍රධාන ග්‍රන්ථ සැළකිය යුතුය. Essays moral and practical (1741-2) Philosophical Essays Concerning Human Understanding (1748) An Enquiry Concerning in Principles of Morals (1751) Dialogues Concerning Natural Religion.
හියුම් පිළිබඳ දර්ශනාත්මක සමාලෝචනයක්
දාර්ශනිකයකු ලෙස හියුම්ගේ ශ්‍රේෂ්ඨත්වය රැඳී ඇත්තේ ඔහු බිහි කළ ඥාන විමංසාවාදයෙහි ය. "ඥානය, සංවේදන හෝ සංඥා (Perceptions) මත මෙන් ම සංකල්ප (image) මත ද පදනම් වි ඇත" යන ඔහුගේ ඉගැන්වීම වැදගත් නිගමනයකට තුඩු දෙයි. එනම් සංවේදනයන්ට අමතරව 'බාහිර ලෝකයක්' නැත යන්නයි. මෙය විඥානවාදී සාම්ප්‍රදායෙහි මුලික නිගමනය වන්නේ ය. හියුම්ගේ දර්ශනයේ අනික් වැදගත් අංශය හේතුඵලවාදය පිළිබද විවේචනයයි. නිව්තෝනියානු විද්‍යාවේ මූලික පදනම බිඳහෙලූ මෙම විවේචනය ඉමානුවෙන් කාන්ට්ගේ ගැඹුරු දර්ශනය කෙරෙහි විශාල ලෙස බලපෑ කාන්ට් විසින් ම පිළිගෙන ඇත. "හේතුව හා ඵලය අතර සම්බන්ධය අවශ්‍ය (necessary) එකකි" යන සාමාන්‍ය මනස ප්‍රතික්ෂේප කළ හියුම් එලය නිතර ම හේතුවට අනතුරුව පහළ වනු දැකීමේ පුරුද්ද නිසා ඇති වූ ප්‍රතිඵලය කැයි පෙන්වා දුන්නේ ය. හේතු-ඵල සම්බන්ධය 'අවශ්‍ය' සම්බන්ධයක් නොවේ නම් හේතු ඵල ධර්මීය නිගමන හේතු රහිත ඒවා බවට පත්වේ. මානසික පුරුද්දක ප්‍රතිඵල මාත්‍රයන් බවට පත්වේ.
හියුම් සංකාවාදියෙකු (sceptic) හැටියට හැන්වෙන්නේ කරුණු දෙකක් උඩ ය. (i) සංවේදනයන්ගෙන් තොර යථාර්ථයක් ප්‍රතික්ෂේප කිරිමත් (ii) අනාගතය අතීතය මෙන් ම විය හැකැ'යි තීරණය කීරිමට තරම් සාධාරණ හේතුවක් හෝ සාධකයක් නැතැයි ප්‍රකාශ කිරිමත් නිසා ය.
ආගමික විචාර
හියුම්ගේ ඥානවාදය හා අධිභෞතික විද්‍යාව මෙන් ම ආගමික විචාරයන් ද ඉතා වැදගත් තැනක් ගනියි. ඔහුගේ Natural History of Religion යන කෘතිය ආගමේ ‘මනෝ විද්‍යත්මක සම්භවය’ ගැන ද Dialogues යන ග්‍රන්ථ ආගමේ ‘බ්‍රම්මය’ ආරම්භය ගැන ද විස්තර ඉදිරිපත් කරයි. එක් ග්‍රන්ථයක් ඔහු ආගමික විශ්වාසයන්හි හේතූන් සොයා බැලීම ද අනෙක් ග්‍රන්ථයෙහි ආගමික විශ්වාසය හට ගන්නේ මන්ද යන ප්‍රශ්නය ද සාකච්ජා කරයි. Dialogues ග්‍රන්ථ දර්ශනාත්මක වශයෙන් වැදගත් ය.
Natural History of Religion ග්‍රන්ථය පටන් ගන්නේ මනුෂ්‍යයා තුළ මුලින් ම ආගමික සංකල්ප පහළවීම පිළිබඳ විස්තරයකිනි. ස්වාභාවික බලවේගයන්ට දේවත්වය ආරෝපණය කර ඒවා පුදින්නට පටන්ගත් ආදිමිනිසා බුද්ධිය වැඩෙත් ම දේව සංකල්පය භෞතික ප්‍රධානත්වයන්ගෙන් වෙන් කරන්නට පුරුදු වූයේ ය. සීමිතය අසීමිතය අතර පරතරය අවබෝධ වූ දින ඔහු ආගම තත්වාකාරයෙන් නිපදවූයේ ය. සියල්ල අසීමිත දේව තත්වයේ නානා විකෘති ය. හැම දෙවිවරුන් ම එක ම පරමාර්ථයේ නානා අංශ පමණ ය. මෙම ඒකදේවවාදය (Mono Theism ) ආගමික දර්ශනයේ කෙළවර විය. ඉන් ඔබ්බෙහි ආගමික විචාර දියුණු කළ නොහැකි විය.
ක්‍රිස්තියානි හා අනෙක් ආගම් පිළිබද ගැඹුරු විවේචනයක් කරන හියුම් ආගම හා දර්ශනය අතර තැබිය යුතු නිසි සම්බන්ධතාව ගැන ද කරුණු දක්වයි. ඒකදේව වාදයක් වූ ක්‍රිස්තියානි දර්ශනය උපයෝගී කරගත්තේ දේවවාදය තහවුරු කිරිමට හෙයින් එය විචාරය අනිසි මඟ යෙදවීමක් යැයි ද ඔහු පෙන්වා දෙයි.
Dialogues ග්‍රන්ථවල එන්නේ ආගම පිළිබඳ දර්ශනාත්මක විවාදයකි. මෙම විවාදයේ දී ඩිමියා (Demea) ප්‍රතිගාමි අදහස් දරමින් ආගම පිළිබඳ දර්ශනාත්මක විවේචනය පිළිකුල් කරයි. ෆිලෝ (Philo) නමැති අනෙක් වාදකයා සංකාවාදියෙකි. මධ්‍යම ප්‍රමාණයේ සංකාවාදියෙක් වූ ක්ලෙන්තස් (Cleanthus) ආගම කෙරෙහි එක්තරා ඉන්දියානු අභූතිවාදි ආකල්පයක් දක්වයි.
I-V කොටස දෙවියන්ගේ සද්භාවය පිළිබඳ සාකච්ජාවකට සීමා වේ. VI කොටසෙහි විශ්ව නිර්මාණය පිළිබඳ දේවවාදී උපන්‍යාසයක් ඉදිරිපත් වේ. VII-VIII හි විශ්වාසයෙහි මුලික වන්නේ විඤ්ඤාණය ය යන මතය ගැන වාද වෙයි. XI දෙවියන්ගේ සත්භාවය ගැන ප්‍රාගනුභූත තර්කනයක් විවාදයට භාජන වේ.
(කර්තෘ: නෙවිල් ගුණරත්න: 1977)
(සංසකරණය නොකළ)