දඹල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. ඩෙලිකස් () යනු ග්‍රීක භාෂාවෙන් ‘දිග’ යන අර්ථයයි. අතීතයේ ග්‍රීසියේ මෙම වචනය භාවිත වූයේ බෝංචි හැඳින්වීමට ය. ලබ්ලබ් () යනු ඊජිප්තු වදනකි. ආකන්ද සහිත වල්ලීය ආරෝහක ශාකයකි. සංයුක්ත පත්‍රය ත්‍රිපත්‍රිකයි. සෙන්ටිමීටර් දෙකක පමණ විෂ්කම්භයෙන් යුක්ත දම් පැහැති අරරූපී ද්වි ලිංගික පුෂ්ප වේ. මනිපත්‍ර පහ බද්ධයි. නිදහස් දලපත්‍ර () පහකි. රේණු 10 නිදහස් ය. පුෂ්ප අධෝජායාංගී හා උත්තර ඩිම්බකෝෂී වේ. අණ්ඩප එකකින් හා කෝෂ්ට එකකින් යුක්ත වේ. කීලය දිගු වන අතර කලංකය රවුම් වේ. ඵලය රනිලයකි. දාරීය ඩිම්භ වින්‍යාසයකින් () යුක්තයි. එය සීවන () දෙක ඔස්සේ පැලී යාමෙන් බීජ ව්‍යාප්තිය සිදු වේ. බීජ නිර්භ්‍රනපෝෂී වේ. වසරක් තුළ ශාකය වැඩී බීජ හටගත් පසුව ශාකයේ වායව කොටස මිය යයි. භෞතික තත්වය යහපත් වන වසරේ නියමිත කාලයේ දී භූගතව පවතින ආකන්දය යළි දළුලයි. අබද්ධ දල පහෙන් අක්ෂයට සමීපව ඇති විශාල දලය ‘පතාකය’ () යි. පතාක දලයට ඇතුළතින් සහ පාර්ශවිකව පිහිටි දල දෙක ‘පක්ෂ දල’ () වේ. මේවාට ඇතුළතින් රේණු දහය වටලමින් බද්ධ වූ දල පත්‍ර දෙකකින් ‘නෞතලය’ () තැනී ඇත.

දඹල ලෙගුම්නාසේ () උද්භිද කුලයේ () උපකුලයට අයත් ද්වි බීජපත්‍රී ශාකයකි.

කරල් වශයෙන් ඇති එළවළුවක් වශයෙන් භාවිත කරන ප්‍රෝටීන බහුල ආහාරයක් ලෙස ආර්ථික වටිනාකමකින් යුක්ත ය.

දෑර දඹල, පොතු බෝංචි, පොතු දඹල, බෝංචි දඹල ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙනස් නම්වලින් හඳුන්වනු ලබන තවත් ශාක විශේෂයක් ඇත. එය උද්භිද විද්‍යාත්මකව () යයි හැඳින්වේ.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ: 1997)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දඹල&oldid=5139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි