දර්ශකාංක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(indices). ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශ කෙරෙන සංඛ්‍යා දෙකක අනුපාතයක් දර්ශකාංකයක් ලෙස ගැනේ. මෙමඟින් කාලය වැනි ලාක්‍ෂණිකයකට අදාළව විචල්‍යයන්වල වෙනස්වීම දැක්වේ. මිල දර්ශක, වැටුප් දර්ශක ආදී ජීවන වියදම් දර්ශක සඳහාත් අනෙකුත් විවිධ අවස්ථාවලත් බහුල ව භාවිතා වන මෙය ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය වැනි විෂයයන්වල සේම සමාජ විද්‍යාව, චිත්‍ර කලාව වැනි විෂයයන්වල ද භාවිතා වේ.

දර්ශකාංක ප්‍රභේද කිහිපයකි. සරල සාපේක්‍ෂක, සරල සමාහාර සාපේක්‍ෂක, සරල සාමාන්‍ය සාපේක්‍ෂක, භරිත සමාහාර දර්ශක, භරිත සාමාන්‍ය දර්ශක ආදී වශයෙනි. මෙම ප්‍රභේදවල ප්‍රධාන භාවිතයන් තුනකි. මිළ පිළිබඳව සැලකෙන මිල සාපේක්‍ෂක, ප්‍රමාණය පිළිබඳව සැලකෙන ප්‍රමාණ සාපේක්‍ෂක, මිල හා ප්‍රමාණය පිළිබඳව සැලකෙන අගය සාපේක්‍ෂක ආදී වශයෙනි. මෙම සාපේක්‍ෂකයන් අර්ථ දැක්වීමේ දී ගණිතමය අංකනයන් ද (සිම්පල්) කුඩා අකුරුවලින් දර්ශකාංකයේ අගය තීරණය වන සංරචකයන් ද දක්වනු ලබයි. දර්ශකාංකවල ගණිතමය අංකනයන් පහත දැක්වේ.

1) සරල මිල සාපේක්‍ෂකය - Pn/o = Pn Po

මෙහි P වලින් මිලත් "n" වලින් දී ඇති කාලපරිච්ඡේදයත් "o" වලින් පාද කාල පරිච්ඡේදයත් දැක්වේ. මෙම දර්ශකාංකයේ ගුණ (Properties) ලෙස සර්ව සාම්‍යය ගුණය, කාල ප්‍රතිවර්තන ගුණය, චක්‍රීය නොහොත් වෘත්ත ගුණය, විකරණය කල චක්‍රීය ගුණය දැක්වේ.

2) සරල ප්‍රමාණ සාපේක්‍ෂකය - Qn/o = qn qo

මෙහි Q වලින් ප්‍රමාණය දැක්වෙන අතර සරල මිල දර්ශකාංකවල පවතින සියලු ගුණ පවතී.

3) සරල අගය සාපේක්‍ෂය - Vn/o = Pn/o Qn/o

මෙහි V වලින් “අගය” නිරූපණය කෙරෙන අතර ඉහත දර්ශකවල ගුණයන්ට අමතරව “සාධක ප්‍රතිවර්තන ගුණය” ද මෙම දර්ශකාංකයට අදාළ වේ.

4) සරල සමාහාර මිල දර්ශකය - Pn/o = Pn Po

...වලින් ඓක්‍යය දැක්වේ.

5) සරල සමාහාර ප්‍රමාණ දර්ශකය - Qn/o = qn qo

6) සරල සමාහාර අගය දර්ශකය - Vn/o = Pnqn Poqo

විචල්‍යයක තනි අගයන් සඳහා ගණනය කරනු ලබන දර්ශකාංකවලට වඩා විචල්‍යයන් කිහිපයක් (පැසක්) අඩංගු දර්ශකාංක වඩාත් ප්‍රයෝජනවත් විය හැක. මේ නිසා සමාහාර දර්ශකයන් හා සාමාන්‍ය දර්ශකයන්වල භාවිතය වැඩි ය. සමාහාර දර්ශකයන්වල දී භාණ්ඩවල සාපේක්‍ෂ වැදගත්කම සැලකිල්ලට නොගන්නා අතර සංරචක මැනීමට යොදා ගන්නා “ඒකක” දර්ශකයට බලපානු ලබයි.

7) මිල සාපේක්‍ෂයන්හි සරල සාමාන්‍ය දර්ශකයක - Pn/o = P/Po N

මෙහි Pn/o වලින් දැක්වෙන්නේ පාද කාලපරිච්ඡේදයට සාපේක්‍ෂව දී ඇති කාල පරිච්ඡේදයේ මිළ ගණන්වල සාමාන්‍යයයි.

08) සරල සාමාන්‍ය ප්‍රමාණ දර්ශකය - Qn/o = qn/qo N

9)සරල සාමාන්‍ය අගය දර්ශකය - Vn/o = pnqn/poqo N

මෙම සාමාන්‍ය දර්ශකයන්හි ඇති විශේෂත්වය වන්නේ දර්ශකාංකයේ අගයට 'ඒකක'වල බලපෑමක් නොවීමයි.

භරිත සාමාන්‍ය හා සමාහාර දර්ශකයන් කිහිපයක් ඉදිරිපත් වී ඇත.

10) ලැස්පියර් මිල දර්ශකය - LP*n/o = Pnqn Poqo

මෙහි L වලින් 'ලැස්පියර්' යන නිර්මාතෘ නාමය ඇඟවෙන අතර මෙය පාද වර්ෂයක බර සහිත මිල දර්ශකයකි.

11) ලැස්පියර් ප්‍රමාණ දර්ශකය - LQ*n/o = Pnqn Poqo

12) පාෂේ මිල දර්ශකය - PP*n/o = Pnqn Poqn

මෙහි P වලින් “පාෂේ” යන නිර්මාතා නාමය ඇඟවේ.

13) පාෂේ ප්‍රමාණ දර්ශකය - PQ*n/o = qnpn qopn

මෙම පාෂේ දර්ශය දී ඇති වර්ෂ බර සහිත දර්ශක ලෙස හඳුනාගැනේ.

14) ප්‍රරූපීය කාලච්ඡේද මිල දර්ශකය - TP*n/o = Pnqt Poqt

මෙහි t යන්නෙන් ප්‍රරූපීය කාල පරිච්ඡේදයක් හෙවත් අනුගාමී වර්ෂ කිහිපයක සාමාන්‍යයක් ඇඟවේ.

15) ප්‍රරූපීය කාලච්ඡේද ප්‍රමාණ දර්ශකය - TQ*n/o = qnpt qopt

මෙම දර්ශකයන් අතුරින් ලැස්පියර් දර්ශකය උඩුකුරු අභිනතියක් (තිබිය යුතු අගයට වඩා වැඩි අගයක් පෙන්වීම) සහිත සහ පාෂේ දර්ශකය යටිකුරු අභිනතියක් (තිබිය යුතු අගයට වඩා අඩු අගයක් පෙන්වීම) සහිත වූවක් ලෙස හඳුනාගැනේ. එසේම මෙම දර්ශකයන් දෙකෙහි නොපවතින ගුණයන් ලෙස කාල ප්‍රතිවර්තන ගුණය හා සාධක ප්‍රතිවර්තන ගුණය දැක්වේ.

16) පිෂර් පූර්ණ මිල දර්ශකය - FP* = LP*n/o PP*n/o

මෙහි F වලින් 'පිෂර්' යන නිර්මාතෘ නාමය ඇඟවේ.

17) මාෂල් - එජ්වර්ත් මිල දර්ශකය - M-E P*n/o = Pn(qo+qn) Po(qo+qn)

මෙහි M-E වලින් “මාෂල් එජ්වර්ත්” යන නිර්මාතෘ නාමය ඇඟවේ.

පිෂර් පූර්ණ මිල දර්ශකයෙහි සාළ ප්‍රතිවර්තන හා සාධක ප්‍රතිවර්තන ගුණය පවතින අතර මාෂල්-එජ්වර්ත් දර්ශකයෙහි සාධක ප්‍රතිවර්තන ගුණය පමණක් තෘප්ත නොකරයි. ඉහත සඳහන් වූ න්‍යායාත්මක දර්ශකාංක ප්‍රායෝගිකව ජීවන වියදම් දර්ශක ආදී දර්ශක ගොඩනැගීම සඳහා බහුලව භාවිතා වේ. ඒ යටතේ තොග අලෙවි මිල දර්ශකය, කොළඹ පාරිභෝගික මිල දර්ශකය, වැටුප් දර්ශක ආදිය මඟින් මහජනයාට ප්‍රයෝජනවත් තොරතුරු සැපයේ.

මූලාශ්‍ර

1. මහාචාර්ය ජයතිස්ස ඩබ්ලිව්. ඒ. මූලික සංඛ්‍යාන විද්‍යාව I

(කර්තෘ: කමල් මුණසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දර්ශකාංක&oldid=5162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි