ද්‍රව්‍ය නාමාවලි අකාරාදිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ද්‍රව්‍ය නාමාවලි අකාරාදිය

මිහිරිපැන්නේ ධම්මරතන හිමියන්ගේ සහ හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ, ද්‍රව්‍ය ගුණ නාමාවලි අකාරාදි කෝෂ ග්‍රන්ථයෙහි කතුවරයා වන මිහිරිපැන්න ග්‍රාමයෙහි කුමාරසිංහ වෙද පරපුරේ පණ්ඩිත දොන් කරෝලිස් ද සිල්වා විජේවික්‍රම කුමාරසිංහ වෙද ආරච්චි මහත්මා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.

වෛද්‍යශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි අභිලාෂි ආධුනිකයන් සඳහා ප්‍රශස්ත වූ නොයෙක් කෝෂ ග්‍රන්ථයන්ගෙන් උපුටා ගන්නා ලද භෛෂජ්‍ය ද්‍රව්‍ය නාමයන්ගෙන් උපලක්ෂිත මෙම ග්‍රන්ථයෙහි ද්‍රව්‍ය නාමයක් පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන සේ අකාරාදී පිළිවෙලට සකස් කළ ද්‍රව්‍ය නාම විස්තර 12,000කට අධික ප්‍රමාණයක් අන්තර්ගත ව ඇත.

බලිකාම = රත්නිටුල්

බලිකූට

පවිත්‍ර - බුත්සරණ, තඹ, වතුර, මී පැණි, ගිතෙල්, තල, තලාකහ, ගොම, ඉලුක්, රත් හකුරු

හරිතකී - අරළු

මෙලෙස ඇතැම් ද්‍රව්‍ය නාමයන් සඳහා විවිධාර්ථ මෙන්ම ඇතැම් නාම සඳහා පර්යාය නාමයන් ද අර්‍ථයන් ද දක්වමින් අර්‍ථ සංග්‍රහ කර ඇත.

මෙම ග්‍රන්ථයේ පෙළ අවසානයේ පාලි, සංස්කෘත, දෙමළ වචන සහිත සංකීර්‍ණ කාණ්ඩයක් ද සංගෘහිත ය.

(කර්තෘ: ඩී.සී. දිසානායක)

(සංස්කරණය නොකළ)

ද්‍රව්‍ය නාමාවලි අකාරාදිය

බෙහෙත් පිණිස ගනු ලබන ද්‍රව්‍යයන්ගේ නම් අකාරාදියකි. අමරකොෂ, සරස්වතී, නිඝණ්ඩු යන කොෂග්‍රන්ථයන්හි ශ්ෙලාක කටපාඩම් වැති වෛද්‍යවරුන්ට වට්ටෝරුවල සඳහන් ඖෂධ ද්‍රව්‍ය නිශ්චය කර ගැනීමට පහසු වන පිණිස මේ ග්‍රන්ථය සැරසූ බව පෙනේ.

ඖෂධ ද්‍රව්‍ය 12,000ක පමණ නම් ඇතුළත් මේ වෛද්‍ය අකාරාදිය මෙතෙක් පළ වී ඇති ඒ වර්‍ගයේ විශාල ම අකාරාදිය වේ. මිහිරිපැන්නේ ධම්මරත්න හිමියන්ගේ ශිෂ්‍යයකු ද වූ මිහිරිපැන්නේ විසූ දොන් කරෝලිස් සිල්වා විජේවික්‍රම කුමාරසිංහ වෙදආරච්චි මහතා එහි කර්තෘ ය. ක්‍රි.ව. 1893 දී පොත මුද්‍රණය කරවා තිබේ.

(කර්තෘ: චන්ද්‍රා කරුණාරත්න: 1998)

(සංස්කරණය නොකළ)