දාහය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දාහය දැවිල්ල ය. ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ දාහය රෝග ලක්ෂණයක් සේ ද රෝගයක් සේ ද ඉගැන්වේ.

1. මාධව නිදානය, සුශ්‍රැත සංහිතා යන පොත්වල දාහය ගැන විස්තර කරනුයේ මද්‍යත්‍යය රෝගය අයත් කරුණු කීමෙන් පසුව ය. මද්‍යත්‍යය යනු අක්‍රමවත් හා අධික ව මත්පැන් බීම නිසා හටගන්නා රෝගයකි. මේ මද්‍යත්‍යය රෝගය නිසා දැවිල්ල හෙවත් දාහය උපදී.

2. දාහයට හේතු තව බෙහෙවි. ප්‍රධාන වශයෙන් රෝගයට හේතුවන දෝෂය පිත ය.

3. ආයුර්වේද ශාස්ත්‍රයේ දාහ ප්‍රභේද 7 මෙසේ දැක් වේ. පිත්තජ දාහ, රක්තජ දාහ, රක්තපූර්ණ කෝෂඨජ දාහ, තෘෂ්ණානිරෝධජ දාහ, ධාතුක්‍ෂයජ දාහ, ක්‍ෂතජ දාහ, මර්මාරිඝාතජ දාහ යනුවෙනි.

4. සුශ්‍රැත සංහිතාවේ මේ ප්‍රභේද වෙනස් ලෙසින් විස්තර වේ. මද්‍යත්‍යයෙන් උපන් දාහය, පිත්තජ දාහය, තෘෂ්ණා නිරොධජ දාහය, රක්තපූර්ණ කෝෂ්ඨජ දාහය, ධාතුක්‍ෂයජ දාහය, මර්මාහිඝාතජ දාහය යන මේවා හා අධික ව ආහාර ගැනීම හා ශෝක, භය යන කරුණු නිසා ඇතිවන දාහය යනුවෙනි.

5. දාහයේ කෙබඳු අවස්ථාවක දී වුව ද පිත සම්බන්ධ විය යුතු ම ය. දැවිල්ල ඇති වනුයේ ඒ නිසා ය. ඒ දැවිල්ල මුළු සිරුර පුරා ම ගෙන යනු ලබන්නේ වාතය විසිනි. මේ අනුව ප්‍රධාන දෝෂය කුමක් වුවත්, පීඩාව සිරුර පුරා පතුරුවා යවන්නේ වාතයයි.

පිළියම් විධි සුශ්‍රැත සංහිතාවේ හා භෙෂජ්‍ය මංජුසාවේ සඳහන් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ

1. සුශ්‍රැත (සිංහල) - උත්තර තන්ත්‍රය 47 අධ්‍යයත 867 පිටුව

2. සුශ්‍රැත (සිංහල) - උත්තර තන්ත්‍රය 47 අධ්‍යයත 375 පිටුව

3. සුශ්‍රැත (සිංහල) - උත්තර තන්ත්‍රය 47 අධ්‍යයත

4. මාධව නිදානය (සිංහල) දාහ නිදානය පූර්වාර්ධය

(කර්තෘ: විලියම් අල්විස්)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දාහය&oldid=5355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි