දියදඹ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දියදඹ

ඇතැම් ප්‍රදේශවල මහ තවරා නමින් ද හැඳින්වේ.

Mastixia tetrandra යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. CORNACEAE කෝනාසේ නම් උද්භිද කුලයට අයත් ය. ග්‍රීක භාෂාවෙන් කසය යන අරුත දෙන ඝන නාමයෙන් යුක්ත ය. ඇතැම් විට විශාල වශයෙන් පුෂ්ප පිපීම සිදු වේ. පුෂ්ප කුඩා රිකිලි බවට පත් විය හැකි ය. ද්වි බීජ පත්‍රී ශාකයකි.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

දියදඹ

ඇතැම් ප්‍රදේශවල කොබෝමල් වශයෙන් ද බටදඹ වශයෙන් ද හැඳින්වේ.

Syzygium Operculatum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. MYRTACEAE මිර්ටාසේ නම් උද්භිද කුලයට අයත් ය. යුගලය යන ග්‍රීක අරුත දෙන ඝන නාමයෙන් යුක්ත ය. සම්මුඛ ව පිහිටි පත්‍ර හා ශාඛා දැරීම ඝනයේ ආවේනික ලක්ෂණයකි. පුෂ්පයේ දළවලට (පෙති) විෂ්කම්භයෙන් මිලි මීටර් 12ක් පමණ වේ. මුකුටය සකස් වී ඇත්තේ මාංසල පියනක් තැනෙන ආකාරයෙනි. (petals calyptrate) මණිය ද එසේ ම ඝණ්ටාකාරව (campanulate) පිහිටයි. මීටර් 25ක් පමණ උසට වැඩෙන විශාල ශාක වේ. පහලින් අතු බෙදී අතුපතර විහිදෙයි. රිකිලි සුදට හුරු දිලිසෙනසුලු පොතු ගැලවෙන ස්වභාවයෙන් යුක්ත ය. පත්‍ර ළදරු කල කොළ පැහැයෙන් දිස් වී රෝස පැහැයට හැරී කහ දුඹුරුවන් ව ගිලිහී යයි. අණ්ඩාකාර හෝ ලංසාකාර පත්‍ර මීටර් 10ක් පමණ දිගකින් ද සෙ.මී. 4ක පමණ පළලින් ද යුක්ත වේ. පත්‍ර දාරය තරංගී (undulate) හා ප්‍රතිවලිත (revoluted) වේ. පත්‍රයක නාරටි යුගල 7-15 පමණ වේ. පුෂ්ප මංජරිය බහු අක්ෂයකි. (cymose) සෙ.මී. 8ක් පමණ දිගු වේ. අළු පැහැයට හුරු කහවන් අරටුව ඉදිකිරීම්වල දී දැව වශයෙන් භාවිත වේ.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දියදඹ&oldid=5239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි