දිය කිරිඳිවැල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

Hippocratea macrantha Korth යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.

HIPPOCRATEACEAE හිපොක්‍රටාසේ යන උද්භිද කුලයට අයත් ය. කලින් CELASTRACEAE සෙලස්ට්‍රාසේ උද්භිද කුලයට අයත් ව තිබිණ.

විශේෂ නාමය ග්‍රීක බසින් විශාල මල යන අරුත දෙයි. එහෙත් පුෂ්පයක් සෙන්ටිමීරයකටත් වඩා කුඩා ය. එසේ වුව ද පුෂ්ප මංජරිවල පුෂ්ප හට ගන්නා නිසා එම සමූහය විශාල මලක් ලෙස අර්ථ දැක්වූවා විය හැකි ය. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. ප්‍රධාන අක්ෂය බෙදෙමින් අග්‍රාභිසාරී ලෙස සවෘන්ත පුෂ්ප පිපෙමින් පුෂ්ප මංජරිය දිගට ම වැඩේ.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_කිරිඳිවැල්&oldid=5465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි