දීඝාභය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කාවන්තිස්ස රජු දෙවැනි බිසවකගෙන් ලත් පුත් කුමරෙකි. ද්‍රවිඩයන් තම රාජධානිය ආක්‍රමණය කිරීම වළක්වනු වස් මහවැලි ගඟ දිගට ම ආරක්ෂා සංවිධානය කළ රජු කසාතොට ආරක්ෂා කිරීම සඳහා දීඝාභය කුමරු එහි යැවී ය. ඔහු එහි ආරක්ෂාව සඳහා, හාත්පසින් යොදුන් දෙකක් ඇතුළත් වාසය කරන සියලු ම අධිපති කුලවලින් එක් අයකු බැගින් තම කඳවුරට ගෙන්වා ගත්තේ ය. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් අතරින් එක් අයකු වූ සුරනිමල ද මෙසේ ගෙන්වන ලද්දෙකි. ඔහුගේ දස්කම් දුටු දීඝාභය කුමරා ඔහු කාවන්තිස්ස රජු වෙතට යැවී ය. (දසමහා යෝධයෝ බ.) එහෙත් කල්යෑමේ දී දීඝාභය කුමරා දෙමළුන්ට එකතු වූ බව පෙනේ. දුටුගැමුණු රජු දෙමළුන් හා සටනට යාමේ දී පළමුව මහවැලි ගඟේ ඉවුර දිගට ම රුහුණු රට තුළ පිහිටි සතුරු බලකොටු සියල්ල විනාශ කළේ ය. මෙම සටන්වල දී රජුට දීඝාභය කුමරා සමඟ ද සටන් කිරීමට සිදු විය.

ආශ්‍රිත ග්‍රන්ථ

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1 කාණ්ඩය, 1 භාගය.

(කර්තෘ: ගුණපාල වීරසේකර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දීඝාභය&oldid=5320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි