දෙහිවල ධම්මාලෝක හිමි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උමතු රෝගීන්ට ආයුර්වේදීය වෛද්‍ය ක්‍රම අනුව වෙදකම් කිරීමෙහි ලා ඉමහත් කීර්තියක් දැරූ 'නීලම්මහර හාමුදුරුවෝ' නමින් ප්‍රකට දෙහිවල ධම්මාලෝක හිමි අපවත් වූයේ 1964 ජූනි මස 4 වැනි දා ය.

නීලම්මහර විහාරස්ථානය සාර්ථක ලෙස උමතු රෝගීන් සුවපත් කරනා ස්ථානයක් හැටියට දීර්ඝ කාලයක පටන් නම් දැරූ තැනකි.

මහනුවර යුගයේ අවසාන භාගයේ උඩරටින් රුහුණු පෙදෙස බලා ගොස් දික්වැල්ලේ පදිංචි වූ වෙද පරපුරකට අයත් පින්වතෙක් බේරහැර පැරණි විහාරස්ථානයේ පැවදිව දික්වැල්ලේ හිමි නමින් ප්‍රසිද්ධව සිට නීලම්මහරේ නව විහාරස්ථානයක් ඇරඹී ය. පසු කල නීලම්මහර මහා විහාරය නමින් ප්‍රසිද්ධියට පත් වූයේ එම ආරාමයයි. එහි ඇති විෂ්ණු දේවාලයක් විහාරස්ථානය ඇරඹූ මුල් අවධියේ ම ගොඩනගන ලද්දකි.

වැලිවට සඟ රජ හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් (ගුරුවැටියේ හිමි), ගිනිගත්පිටියේ හිමි, ගංගොඩවිල හිමි, දික්වැල්ලේ හිමිගේ ශිෂ්‍ය ගංගොඩවිල සෝභිත හිමියන්ගෙන් පසු ඇරැව්වල හිමිපාණෝ එම විහාරයේ අධිපති වූහ. දෙහිවල ධම්මාලෝක හිමි ඒ ඇරැව්වල හිමියන්ගේ ශිෂ්‍යයා ය.

මුන්වහන්සේගේ කාලයේ එම විහාරය මෙන්ම ඒ අවට ප්‍රදේශය ද දියුණු වූයේ ය. ගොඩිගමුවේ ධර්මාලෝක විද්‍යාලය මුන්වහන්සේ ආරම්භ කරන ලද්දකි.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)